නිවස කළා පුවත් දින 50 පසු කරන පැරඩයිස් Amazon Prime හි තෙවැනි තැනට

දින 50 පසු කරන පැරඩයිස් Amazon Prime හි තෙවැනි තැනට

by Thanushika
August 15, 2024 9:21 am 0 comment

අන්තර්ජාතික සහ සරසවිය සම්මානිත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ මේ දිනවල ලෝක සිනමා හල්වල මෙන් මෙරට තිරගතවන පැරඩයිස් චිත්‍රපටය පසුගිය දින amazon prime මනෝරාමා මැක්ස් හා සිම්පිලි සවුත් යන OTT platform හි සිනමා විකාශය ආරම්භ විණි.

එහිදී Amazon prime වඩාත් ආකර්ෂණය දිනාගත් ඉන්දියානු චිත්‍රපට ලැයිස්තුවේ. තුන්වන ස්ථානයට පැමිණීමට පැරඩයිස් චිත්‍රපටය සමත් වී තිබේ. මේ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලැබූ ඉහළම ජයග්‍රහණයක් මෙන්ම එවැන්නක් හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ලාංකීය සිනමාවංශ කතාවට එක්වෙයි.

ඉන්දියන් නිව්ටන් සමාගමේ නිෂ්පාදනයක් වන පැරඩයිස් හි ජනප්‍රිය මලයාලම් රංගන ශිල්පීන් යුවළක් වන රොෂාන් මැතිව්ස් සහ දර්ශනා රාජේන්ද්‍රන් හා මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති. මේ වන විට පැනඩයිස් සිනමාපටයේ දින පනහ පසු කරමින් අති සාර්ථකව දිවයින පුරා තිරගත වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT