දියසායමි යනු ජීවිතය පිළිබඳ විනිවිදින කලා මාධ්‍යයකි. ගස්වැල් පිරී පරිසරය, සතුන්, නිල් අහස, මිනිසුන්, ගොඩනැගිලි, ද්‍රව්‍ය මෙි ආදී සියල්ල දියසායම් වර්ණ මාධ්‍යයෙන් රළු කඩදාසියක් මත විනිවිදව සිතුවම් කළ හැකිය. චිත්‍ර ශිල්පී මධුර ශ්‍රී ගමගේ යනු එසේ දියසායමි මාධ්‍යයෙන් ජීවිතය සහ සෞන්දර්ය වර්ණ ගන්වන අපුරු හැකියාවක් සහිත සිත්තරෙකි. ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශනය ‘Shapes Of colors’ නම්න් ජූනි 13, 14, 15 තෙදින පුරා කොළඹ පිහිටි ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. චිත්‍ර ශිල්පී මධුර ශ්‍රී ගමගේ සමඟ කළ කතාබහ මෙවර සරසවියෙහි ඉඩහසර වෙන්වෙනවා.
‘Shapes of colors නමින් ඔබෙි පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අපි ඒ ගැන කතා කරමු?
මගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය “Shapes of colors” ජූනි මස 13, 14, සහ 15 යන දිනවල ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීමට නියමිතයි. මෙහිදී මම මූලිකවම දියසායම් මාධ්‍ය භාවිතයෙන් මගේ මේ චිත්‍ර ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන මාධ්‍ය ලෙස භාවිතා කරනවා. වර්ණ සහ හැඩතල දියසායම් මාධ්‍යයේදී විනිවිද හැසිර වීම තුළින් ගොඩනඟන දෘශ්‍ය රූපය යම්කිසි ලෙසක සෞන්දර්යාත්මක රසවින්දනයක් ලබා දීමට ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියට ‘Shapes of colors චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. මම ආරාධනා කරනවා දෘශ්‍ය කලාවට ලැදියාවක් දක්වන ඔබට එන්න නරඹන්න. කතා කරන්න, ‘Shapes of colors ප්‍රදර්ශනය පිළිබඳව.
දියසායම් චිත්‍ර ශිල්පියකු ලෙස ඔබ නිර්මාණකරණයේ යෙදෙන්න පසුබිම සහ ආරම්භය මොකක්ද?
ඔව්. මට චිත්‍ර විෂය සඳහා මූලිකවම බලපෑමක් කළ සාධකය මගෙ පියා. ඔහු නමින් ගුණදාස ගමගේ. ඔහු විශ්‍රාමික චිත්‍ර කලා ගුරු උපදේශකවරයෙක්. තාත්තා එකල හේවුඩ් කලායතනය වන වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරියෙක්. මමත් පසුව එහි මූර්ති පිළිබඳ විශේෂවේදී උපාධිය සම්පූර්ණ කරනවා. චිත්‍ර විෂය කියන මූලික කාරණාවට ඉවහල් වෙන්නේ තාත්තාගේ චිත්‍ර විෂය භාවිතය. මගේ පරිකල්පන විශ්වය බොහෝවිට නිර්මාණය වෙන්නෙ ඔහු විෂය තුළ ගනුදෙනු කළ විදිහ අනුව. ඊට අමතරව මගේ මෑණියන් හරහා සංගීතය මට රසවිඳීමට හැකි වෙනවා. ඇය නමින් මානිලතා බියගම. දැන් විශ්‍රාමික සංගීත ගුරුවරියක්. ඉතිං සෞන්දර්ය කියන විෂය තුළ තමා කුඩා කල පටන් මට ඇසුරු කරන්න ලැබෙන්නේ.
ඉතින් ඔය අතරම තමා දැනට පාසල් විෂය මාලාවේ ඇති දෙවන වසර සිංහල පොත සදහා චිත්‍ර නිර්මාණය සිදුවෙන්නෙ. දියසායම් මාධ්‍යයෙන් තමා එය වර්ණ ගැන්වෙන්නේ. මා කුඩා අවධියේ තමා ඔය දේවල් සිදුවන්නෙ. ඉතින් මං හිතනවා ඔය කියන සාධක විෂයක් තුළ අත්හදා බැලීම් කරන්න මට රුකුලක් සැපයූවා කියලා.
ඔබ දියසායම් මාධ්‍යයට මෙතරම් ආකර්ෂණයන් දක්වන්න විශේෂ හේතුව මොකක්ද?
දියසායම් මාධ්‍ය තුළ ඇති “දියවන ගුණය” සහ වර්ණ සමග සිදුවන සංයෝජනය කිසියම් ලෙසකට නිරායාසයෙන්ම කඩදාසිය මත ගොඩනඟන බැඳීමට මම ඉතාමත් ආසාවක් දක්වනවා. ඒ මගේ පෞද්ගලික රුචිකත්වය. ඉතා සංකීර්ණ හැඩයන් සරල form එකකින් වර්ණ පදාසයක් ලෙස (Color patch) ඉදිරිපත් කිරීම, එක් වර්ණයක සිට තවත් වර්ණයක් අතර වූ ගනුදෙනුව විනිවිද පෙනෙන ලෙස color harmony එකක් ගොඩනැංවීම වගේ දෘශ්‍යමය කාරණා දියසායම් මාධ්‍ය තුළ මට දකින්නට ලැබුණා. ඒකට මූලිකවම වෙනත් රටවල ශිල්පීන්ගේ කෘති අධ්‍යනය කිරීමෙන් පසු මට දැනුණ දෙයක්. වර්ණ සුසංයෝජනය අතින් ගත්තාම Layers විදිහට එය රසවිදීමට ඇති පුළුල් ඉඩකඩ නිසා තමා මට watercolor මාධ්‍ය වෙත යොමු වෙන්න බලපෑවේ.
ඔබ ඇඳී දියසායමි සිතුවම්වල වයනය (texture) සහ වර්ණ තානය (tone) ඔබටම ආවෙිණික වූවක් සහ අනෙක් මාධ්‍යයන්ට වඩා දියසායමි මාධ්‍ය හැසිරවීම මනා ශික්ෂණයකින්, ඉවසීමකින් කළ යුතු දෙයක්. දියසායමි චිත්‍ර ශිල්පියකු ලෙස මේ සම්බන්ධයෙන් දක්වන අදහස මොකක්ද?
Texture and Tone මෙන්ම Hue, Saturation සහ Value කියන මූලික සාධක (Elements) පිළිබඳ දියසායම් පමණක් නොව සමස්ත චිත්‍ර ශිල්පය තුළ පවා අපගේ අවධානය යොමුවිය යුතු කොටසක්. වර්ණ අතර පවතින සුසංයෝගය (Color Combination) වර්ණ සංරචනය (Color Composition) වැනි තාක්ෂණික කාරණා වෙතත් අපගේ මූලික අවධානය යොමු කිරීම මඟින් පමණක් නොව එම ශිල්ප ක්‍රම ප්‍රගුණ කිරීම මඟින් කෘතිය තුළ “Harmonious” බවක් ලගා කර ගන්න පුළුවන්.
ඒ වගේම තමා චිත්‍රයේ Texture (වයනය) වැනි ගුණාංග දෙස අවධානය යොමු කිරීමේ දී ‘Materials Behavior’ කියන කාරණය ඉතා වැදගත්. මොකද අප භාවිතයට ගන්න කඩදාසිය අනූව චිත්‍රයේ texture එක අඩු වැඩි අන්දමින් මතු කර දැක්වීමට Paper Surface එක බොහෝ දුරට බලපානවා.
ඔබ දන්නවා ඇති වෙළඳපොළේ දියසායම් සඳහා උචිත කඩදාසි වර්ග කොතරම් තිබුණත් එම කඩදාසි මූලිකවම Hot Press ,Cold Press, Rough Press ලෙස කොටස් තුනකට බෙදා වෙන්කරනු ලබනවා. Smooth Surface එකක චිත්‍ර නිර්මාණය කිරීමට බහුලව භාවිතා කරනු ලබන්නේ Hot Press තාක්ෂණයෙන් නිපදවන ලද කඩදාසි. ඒ වගේම Medium Texture එකක් නැතිනම් මධ්‍යම ප්‍රමාණයේ වයනයක් සහිත කඩදාසියක් භාවිතා කරනවා නම් එය Cold Press තාක්ෂණයෙන් නිපදවන ලද කඩදාසියක් වන අතර තරමක් රළු මතුපිට ස්වභාවයක් සහිත අපට වැඩ කිරීමට අවශ්‍ය නම් භාවිතයට වඩාත් සුදුසු වන්නේ Rouh Press paper එකකි. මෙම කඩදාසිවල වෙළඳපළ වටිනාකම තරමක් ඉහළ වන අතර ගුණාත්මක තත්ත්වයෙන් යුතු දියසායම් කෘතියක් නිර්මාණය කරන්නේ නම් ද්‍රව්‍යවල ගුණාත්මක භාවයක් ඒ සඳහා මූලික සාධකයක් ලෙස බලපානවා.
උදාහරණයක් විදිහට 100% Cotton Paper එකක් වර්තමානය වන විට වෙළඳපොළේ ඉහළ අගයක් ගනු ලබනවා. මෙහි 100% Cotton Paper එකක් භාවිත කිරීමේදී ඇති වාසිය නම් කපු තන්තුවලින් නිෂ්පාදනය වෙන මෙම ර්‍ථචනඥප එකේ ඉතා ඉහළ අන්දමට ජලය උරා ගැනීමේ හැකියාවක් පවතිනවා. එමෙන්ම ජලයට ඔරොත්තු දීමේ හැකියාව “Wet on wet” (තෙත -මත- තෙත) යන ශිල්ප ක්‍රමය භාවිතා වන අවස්ථාවලදී 100% Cotton Paper එකක් මඟින් ඉහළ ගුණාත්මක භාවයකින් පිරි කෘතියක් අපට අවසානයේදී ලබා ගත හැකිවෙනවා.
ඔබ ඇඳී බොහෝ දියසායමි සිතුවම් සඳහා තේමා වන්නේ ආලේඛ්‍ය සහ භූ දර්ශන. මෙහි විශේෂත්වය මොකක්ද?
“SHAPES OF COLORS ” චිත්‍ර ප්‍රදර්ශනයට මූලිකව හේතු පාදක වෙන්නේ අප දකින, අප අත්දකින නිර්මිත සහ ස්වාභාවික පාරිසරික සිද්ධීන්. භූ දර්ශන, නගර දර්ශන සහ ආලේඛ්‍ය සිතුවම්. මේ ඇති ද්‍රව්‍යමය ලෝකය අපට වර්ණ සහ හැඩතල අතර සුසංයෝගයක් ලෙස පරිකල්පනයක් ලෙසට ඉදිරිපත් කිරීමට මට අවශ්‍ය වුණා. ගොඩනැගිල්ලක, භූමි දර්ශනයක ඇති මූලික හැඩය පමණක් ගෙන, එහි පෙනුම වර්ණ පදාසයක් ලෙස භාවිත කරමින් ඉදිරිපත් කිරීමට දරපු උත්සාහයක් තමා”Shapes of Colors” ප්‍රදර්ශනය. විශේෂයෙන් මා ජීවත්වන කොළඹ අවට නාගරික පරිසරයත් එම නාගරික පරිසරයට පසු මට මුණගැහුණු ගැමි පරිසරයත් වර්ණ සුසංයෝගයක් ලෙස ඉදිරිපත් කිරීම තමා මගේ මූලික අභිප්‍රාය වූයේ.
අනෙක් අතට නාගරික ජීවිතය තුළ අපට එදිනෙදා ඇස ගැටෙන ජ්‍යාමිතික ආකෘතියෙන් සහ එහි සංකීර්ණ හැඩතලත් ග්‍රාමීය පරිසරයේ දී අප අත්දකින සරල ආකෘතිය, එහෙමත් නැත්නම් සරල Minimal ආකෘතියත් වර්ණ සහ හැඩතල අනුසාරයෙන් ඉදිරිපත් කිරීම තමයි SHAPES OF COLORS තුළින් ඔබට දැක බලා ගැනීමට හැකිවෙන්නේ.
ඔබේ දියසායමි සිතුවම්කරණය සඳහා වැඩිපුරම බලපෑ චිත්‍ර ශිල්පීන් කවුද?
මූලිකවම පාසල් අවධියේ සිට දියසායම් කලාවට මට බලපෑ ශිල්පියෙක් විදියට ඉන්දියානු දියසායම් ශිල්පියෙක් වන Milind Mulick’. ඔහුගේ චිත්‍රවල අන්තර්ගත වෙන තෙත මත තෙත (Wet on Wet) සහ වියළි මත තෙත (wet on dry) වැනි ශිල්ප ක්‍රම බොහොමයක් මට දියසායම් මාධ්‍ය වෙත ආකර්ෂණයක් ඇති කිරීමට මහත් සේ බලපෑවා. එම චිත්‍ර තුළ අඩංගු වන වර්ණ සුසංයෝග හරහා උද්දීපනය කරන සංරචනය ආසියානු කලාපීය ලක්ෂණ මතුකර දැක්වීම ශිල්පීය කුසලතා ප්‍රගුණ කිරීම තුළින් ඉදිරිපත් කිරීම ඔහුගේ කෘතිවල විශේෂ වෙනවා.
ඒ වගේම Samir Mondal ශිල්පියාගේ ශෛලිය ඔහුටම අනන්‍ය වූ ශෛලියකින් Color Tone හරහා සංරචනය කර දැක්වීම වැනි ශිල්පීය කාරණා දියසායම් සිතුවම්කරණය සඳහා මට බලපෑ සාධක ලෙස සඳහන් කළ හැකියි. අනෙක් අතට යුරෝපයේ ශිල්පීන් ලෙස සඳහන් කරන්නේ නම්Harmel Parker, Joseph Zbukvic, Eugen Chisnicean වැනි ශිල්පීන්ගේ නිර්මාණ දිසායම් කලාව වෙත මට මහත් අභිප්‍රේරණයක් සැපයීමට හේතු වුණා කිව්වොත් මා නිවැරැදියි.
දියසායමි චිත්‍ර ශිල්පය හදාරන අයෙකුට ඔබට දෙන්න තියෙන උපදෙස් මොනවාද?
නිරන්තර පුහුණුවේ යෙදෙන්න. හැකි තරම් සංකීර්ණ හැඩ සරල ආකෘතියක් තුළට ඇතුළු කරගන්න. නිතරම Sketch Book එකක් පාවිච්චි කරන්න. Color Pallet එක සහ color Wheel අධ්‍යයනය කරන්න. දියසායම් Community හා සම්බන්ධ වී ඔවුන්ගෙ කෘති අධ්‍යයනය කරන්න.
මලින්ත විතානගේ