Home » දකුණු ඉන්දීය ‘බයිලා’ සිනමාපටයට මිෂෙල් දිල්හාරා

දකුණු ඉන්දීය ‘බයිලා’ සිනමාපටයට මිෂෙල් දිල්හාරා

පොතුවිල් අස්මින් ගීත රචනයෙන් සනුක සංගීතයෙන්

by Thanushika
April 10, 2025 12:30 am 0 comment

රංගන ශිල්පී මිෂෙල් දිල්හාරට දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ කේ, වීර කුමාර් විසින් ලියා තිර රචනය අධ්‍යක්ෂණය කරනු ලබන ආර්.කන්නන්ගේ නිෂ්පාදනයක් වන නවතම දකුණු ඉන්දිය සිනමා පටයක් වන ‘බයිලා’ සිනමා පටයට ආරාධනාවක් ලැබී ඇත. ඒ අනුව දකුණු ඉන්දීය සිනමාවේ තරු වශයෙන් සැලකෙන සමුතුකාන්, යෝගි බාබු සහ රම්‍යා හම්බිසන්, රාජ් කුමාර් සමඟ නිර්මාණය වන ‘බයිලා’ චිත්‍රපටයට රූපගත කිරීම් ආරම්භ කිරීමට පසුගිය දින මිෂෙල් දිල්හාරා ඉන්දීය බලා පිටත්ව ගියාය. මුල් අදියරේ පළමු දර්ශනය රූපගත කිරීම් ආරම්භ කිරීම දකුණු ඉන්දීය රාමේශ්වරම් කෝවිලේදී පූජා පවත්වා ආරම්භ කෙරිණ. සියලු රූපගත කිරීම් ඉන්දියාව තුළදී සිදු කිරීමට මේ වසරේ මැයි මාසයේ හෝ ජූනි මාසයේ ආරම්භ කිරීමට නියමිත බයිලා සිනමා පටය දින පනහක කාලයක් තුළ රූපගත කිරීම් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වනුයේ. මෙම සිනමා පටයට ගීත රචනයෙන් ලාංකිකයකු වන පොතුවිල් අස්මින් එකතුවෙන අතර සංගීත අධ්‍යක්ෂණයෙන් සනුක වික්‍රමසිංහ එක්වේ. ගායනයෙන් දකුණු ඉන්දීය ගායක ගායිකාවෝ එක්වෙති. අදිරන් සිනමා පටයෙන් පසු ඇයට ලැබෙන මේ දෙවැනි දකුණු ඉන්දීය සිනමාපටයයි. මෙය ශ්‍රී ලංකා රංගන ශිල්පිනියකට ලැබුණු විශේෂ අවස්ථාවකි. ඇය 2024 වර්ෂයේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ වඩාත් ජනගත සම්මානනිය නිළිය ද බවට පත්විය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT