නර්තන ශිල්පිනී, ලේඛිකා ප්‍රීති ගනේගොඩ විසින් රචිත ‘තෞර්යත්‍රිකම්’ ශාස්ත්‍රීය ග්‍රන්ථය සැප්තැම්බර් මස 20 දා කොළඹ 07 ලයිට් ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතයි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකවරයා වන මහාචාර්ය අන්කුරන් දත්තා සහභාගී වනු ඇත.
තෞර්යත්‍රිකම් ග්‍රන්ථය දොරට වැඩීමට සමගාමීව පැවැත්වෙන සංගීත සම්භාවනාව සඳහා දෙවින් ගනේගොඩ සේනාධීර විසින් ගීත ගායනා කරනු ඇත. මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් සිදු කිරීමට නියමිතය. මහාචාර්ය මුදියන්සේ දිසානායක කලාකීර්ති රවිබන්දු විද්‍යාපති, නෘත්‍ය විශාරද වෛරෝනිකා දිසානායක විසින් නර්තන නර්තන සංවාද පවත්වනු ඇත.
තෞර්යත්‍රිකම් ග්‍රන්ථය භාරතීය හස්තපාදාදි සංචලන සහ කර්ණාටක සංගීත ප්‍රවේණිය සිද්ධාන්ත අන්තර්ගත වන අතර මෙය ත්‍රිස ප්‍රකාශනයකි.
