සම්මානනීය සිනමා නිළි නීටා ප්‍රනාන්දු ගේ සිනමා දිවියට වසර 65 ක් සම්පූර්ණ වීම සමරමින්, නිලන්ත හපන්වීර තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘තේජා’ සිනමාපටය පසුගිය දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගත වීම ඇරැඹීණි. නීටා ප්‍රනාන්දු අභියෝගාත්මක රංගනයක නිරත වන ‘තේජා’, සූරා කෑමට ලක් වූ කාන්තා කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1982 – 1985 වියරු අරගලය මෙම සිනමා නිර්මාණයට වස්තු විෂය වී ඇත.
මහේන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්කගේ, චමිලා පීරිස්, අයිරාංගනී සේරසිංහ, සුජානි මේනකා, අතුල පතිරණ, ශ්‍රීමාල් වෙඩිසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණයෙන් කාවින්ද රණවීර, සංස්කරණයෙන් ස්ටැන්ලි ද අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන ඉරුගල්බණ්ඩාර, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, නිෂ්පාදන කළමනාකරණයෙන් සරත් වීරසේකර, සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගීත රචනයෙන් වසන්ත කුමාර කොබවක සහ ගීත ගායනයෙන් උමාලි තිලකරත්න එක්වෙති. නීටා ප්‍රනාන්දු, සුරංග ද අල්විස් හා මහීල් ආර්. පෙරේරා එක්ව තේජා නිෂ්පාදනය කර ඇත. මෙය සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.