නිවස කළා පුවත් තිලකා ගුණරත්න ගුරු මෑණියන් වෙනුවෙන් ගීතයක්

තිලකා ගුණරත්න ගුරු මෑණියන් වෙනුවෙන් ගීතයක්

by Thanushika
October 10, 2024 12:30 am 0 comment

පුරා වසර ගණනාවක් දැයේ සුවහසක් දු දරුවනගේ දෙනෙත් පැදූ ගුරු මවක වෙනුවෙන් පසුගියදිනක ගීතයක් නිර්මාණය වූයේය. මේ ගීතය එළිදැක්වීම සිදුවූයේ පසුගිය සැප්තැම්බර් 14 වැනි දින පැවැති ඇගේ උපන්දිනය නිමිති කොට ගෙනය. මේ ගුරු මැණියන් වූයේ හිටපු සරසවිය කර්තෘ අරුණ ගුණරත්න ගේ මැණියන් වූ තිලකා අයිරාංගනී ගුණරත්න මැතිණිය වෙනුවෙනි. ඇගේ උපන්දිනය නිමිතිකොට ගෙන පවුලේ සමීප ඥාතින් එකතු කොට, අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරතන හිමිපානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංඝගත දක්ෂිණාවක් සිදුකෙරුණ අතර මේ සඳහා මෙම ගුරු මැණියන්ගේ ගෝලයකු වන ප්‍රවීණ ගීත රචක අති පූජ්‍ය වත්තේවැව ධම්මානන්ද හිමිපාණන්ද වැඩම කළහ. උන්වහන්සේද මේ ගුරු මෑණියන් වෙනුවෙන් ගීතයක් රචනා කර තිබූ අතර දානමය පින්කම අවසානයේදි එම ගීතය අසන්නටද සැලැස්විය.

ඇගේ තවත් ගෝලයකු වන අතුල සේනානයක විසින්ද ගීතයක් රචනා කරන ලද අතර එම ගීතයද එදින ජනගත කරනු ලැබීය. වත්තේ වැව හිමියන් සහ අතුල යන දෙදෙනාම ගෝන්නුහද්දෙනාව විදුහලේ ආදි සිසුන්ය.

සඳගල පැන් පොකුණේ

පිපි සුවඳ දුන් සියපත නුඹ නොවෙදෝ

සිසිල අරන් පැයු පුන්සඳ නුම විය

සෙනෙහෙ දියෙන් සේදූ

තුªරුළට ගෙන උණුසුම කැටිකොට

හිසද අතගා සිඹ සැනසූ

දෙවැනි බුදුන් විය සිප්හල තුළ බුදු වූ

පසුගියදා එළි දුටු මේ ගීතය අතුල සේනානායක ගේ රචනයක් වන අතර දිමාංගි නිම්ෂා ඇල්ලේවල විසින් ගායනා කරනු ලබයි. ඇය තවමත් මඩුකන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. මෙහි සංගීත නිර්මාණය කර ඇත්තේ රජ රටින්ම බිහිවු සංගීතඥයකු වන කරුණාරත්න විජේවර්ධන විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT