නිවස කළා පුවත් ත්‍රිවිධ හමුදාවට විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම හා කතිකාවක්

ත්‍රිවිධ හමුදාවට විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම හා කතිකාවක්

by Thanushika
August 15, 2024 10:28 am 0 comment

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය හා එක්ව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා ‘60 වැනි විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම’ පසුගිය දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු රඟහලේදී පැවැත්විණි.

හමුදා නායකයින් පිළිබඳ ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සහ ඔවුනගේ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඉන්දීය හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් සෑම් මනික්ෂෝගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය කරන ලද සම්මානලාභී හින්දි චිත්‍රපටයක් වන ‘සෑම් බහදූර්’ චිත්‍රපටය මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මෙහි පිළිගැනීමේ කතාව කළ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රංජන්, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුභා රත්නායක සහ බ්‍රිගේඩියර් ශ්‍රී මුදන්නායක (විශ්‍රාමික) විසින් දේශන පැවැත්වූහ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ ප්‍රකාශක කර්නල් නලින් හේරත් මෙහි ස්තුති කතාව පැවැත්වූ අතර, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂිකා මේඝනා ගුල්සාර් ද ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් වෙනුවෙන් තම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහය අගය කළ බව එහිදී ඔහු සඳහන් කළේය.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධම්මිකා කේ විජයසිංහ, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි (විශ්‍රාමික), රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරීන් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT