ස්වාමි පුරුෂයාගේ හදිසි අභාවයෙන් අනතුරුව තම එකම පුතු සසුන් ගත කරන සුමේධා, කාටත් බරක් නොවී ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අඟුලෙන් ගඟ දිය තරණය කළේ, සුළු මුදලකට මිනිසුන් එගොඩ මෙගොඩ කිරීමෙනි. පිරිවෙන් අධ්‍යාපනය හදාල රාහුල හිමියන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබුවද, නායක හිමියන් එයට මනාපයක් දැක්වූයේ නැත. එනමුදු විශ්වවිද්‍යාලයට ඇතුළත් වන රාහුල හිමියන්, කෙටි කලකින් දේශපාලන ඉගැන්වීම් හා බුද්ධ ධර්මය බද්ධ කර ගැනීමට, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සමඟින් කටයුතු කරන්නට විය. රාහුල හිමිගේ චින්තනයට ඇලුම් කළ, විද්‍යා නම් යුවතියක් එහි වූවාය. බුදු දහමට ඇයගේ ඇති මනා ලැදියාව නිසාම, දේශපාලනයෙන් දුරස් වන ලෙස රාහුල හිමිගෙන් ඇය ඇයද සිටියාය. උන්වහන්සේ එයට එකඟ නොවීය. සටන්කාමී දේශපාලන ක්‍රියාවන් නිසා රාහුල හිමි පොලිස් අත්අඩංගුවටද පත්විය. සිය මවගේ හා නායක හිමියන්ගේ විරෝධය මැද දේශපාලන කටයුතුවල නියැළීම නිසා, විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය අහිමි කර ගැනීමට රාහුල හිමිට සිදුවිය. අතීතය මෙනෙහි කරන රාහුල හිමියන් හදිසියේ අතුරුදන් වෙයි. සුමේධා දැඩි මානසික කැලඹීමකට ලක්ව සිය පුතු සෙවීමට වෙහෙසේ. රාහුල හිමිට කුමක් සිදුවීද හා මවට සිය පුතු යළි හමුවේද යනු “සාධි” විවරණය කරනු ඇත.
පසු කලෙක ප්‍රවීණයන් වූ බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණයන්හි ප්‍රධාන නිළි භූමිකාවට දායක වූ, සුවිනීතා වීරසිංහගේ කුලුඳුල් සිනමා වියමන ලෙසින් “සාධි” තිරයට එක්වීමට නියමිතව ඇත. 60 දශකයේ සිනමාවට පිවිසි කුසලතා රැසකින් හෙබි ඇය, ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය හා දෙහිවල මධ්‍ය මහ විද්‍යාල වෙතින් මූලික අධ්‍යාපනය හැදෑරීය. පාසැල් වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑ ඇය, ක්‍රීඩාවට මෙන්ම නර්තනයටද දස්කම් පෑවාය. උඩරට නැටුම් කලාව හදාරා ගාන්ධර්ව විභාගයෙන් සමත් වන ඇය, 1962 වසරේ තිරගත වූ “සුහද දිවි පිදුම” චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් විය. පසුව ඇය “සුදු සඳේ කළු වලා”, “සමාජයේ අපි ඔක්කොම සමානයි”, “සුදෝ සුදු”, “දෙලොවක් අතර”, “වැලිකතර”, “සිකුරු ලියා”, “ලෝක හොරු”, “හුලවාලි”, “සකුන්තලා”, “සිරිපතුල”, “සාරා”, “අනූපමා”, “එක්ටැම්ගේ”, “සසරක පැතුම්”, “මලට නොඑන බඹරු”, “සඳමාලි”, “සති පූජා”, “තුත්තිරි මල්”, “ජනේලය”, “යුගාන්තය”, “බව දුක”, “බව කර්ම”, “දැහැන”ඇතුළු චිත්‍රපට රැසකම පෙරළිකාර රංගනයක නිරත විය. “රස උල්පත” නම් වූ විත්ති කතා චිත්‍රපටයේ ද රඟපෑ ඇය, “සඳුන්ගිර ගිනි ගනී” ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට ද ප්‍රවිෂ්ට වූවාය.
රංගන දායකත්වය
සුවිනීතා වීරසිංහ (සුමේධා), ගයාන් ගුණවර්ධන (රාහුල හිමි), විල්මන් සිරිමාන්න (නායක හිමි), දමිත්‍රි සුභසිංහ (විද්‍යා), හෂිනිකා කරලියැද්ද (ජයවතී), පූර්ණිම හසරංග (පූර්ණ), දෙව්නෙත් පහන්සිළු වික්‍රමසේකර (ළමා නළු) ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් එක්ව ඇත.
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය – සුවිනීතා වීරසිංහ
කතාව, දෙබස් හා ගේය පද රචනය – නන්දලාල් මාලගොඩ
නිෂ්පාදනය – සාද් ෆිල්ම්ස්
කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය – නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍ර
සංස්කරණය – මහේෂ් සංජීව
සංස්කරණ අධීක්ෂණය – රවීන්ද්‍ර ගුරුගේ
වර්ණ සංයෝජනය – ඩිලාන් ගුණවර්ධන
ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
හඬකැවීම් – පුබුදු ධනංජය වනිගසේකර
සහය අධ්‍යක්ෂණය – ලක්ෂ්මන් පුෂ්පකුමාර
දෙවන සහය අධ්‍යක්ෂණය – චාමිනී ජනිතා මුණසිංහ
කලා අධ්‍යක්ෂණය – නන්දලාල් මාලගොඩ, ජගත් එස්. බණ්ඩාර, චින්තක ගුණතිලක
අංග රචනය – විදුර අබේධීර
නිෂ්පාදක විධායක – සුවිනීතා වීරසිංහ
නිෂ්පාදන කළමනාකරණය – පූර්ණිම හසරංග
පසුතල නිර්මාණය – ඩබ්.ඒ. සෝමසිරි
අංගරචනා සහය – රන්මුතු සත්සර නිර්මාණ, මධුසංඛ දිසානායක
සංගීත අධ්‍යක්ෂණය – ගයාත්‍රී කේමදාස
ගීත ගායනය – සන්ධ්‍යා බුලත්සිංහල, සුමේන්ද්‍ර රිෂී බටුවන්ගල
නිශ්චල ඡායාරූප – ධම්මික පතිරත්න
ශබ්ද ප්‍රයෝග – ඩබ්ලිව්.ජී. පොඩිරත්න (පොඩි මහත්තයා)
සංගීත ශබ්දාගාරය – පන්සිළු -මහරගම
සංස්කරණ මැදිරිය – ටී.වී.ටී. පුද්ගලික සමාගම
ආලෝකකරණ හා තාක්ෂණික උපකරණ සැපයීම – ඡ්ර්ථධ්ඛ් 84
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු