148
ප්‍රවීණ රංගවේදී ඩබ්ලිව්.ජයසිරි මහතා පසුගියදා දිවි සැරියට සමුදුන්නේය.
ඔහු රංගනයට අමතරව ගීත රචකයෙකු, සහය අධ්යක්ෂවරයකු ද වේ. බඹරු ඇවිත්, දියමන්ති, සෙයිලම, විසිදැල, මේ මගේ සඳයි, අසන්ධිමිත්තා, කාල වැනි චිත්‍රපටි වල රංගනයෙන් දායක වී ඇති ඔහු ටෙලි නාට්‍යය ගණනාවකටද දායක වී ඇත. ඩබ්ලිව්. ජයසිරි මහතා සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) හිටපු සභාපතිවරයාද වේ.
ඩබ්ලිව්. ජයසිරි මහතාගේ අවසන් කටයුතු පසුගිය දා පවුලේ ඥාතීන්ගේ සහ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.