Home » ජෝන් ද සිල්වා සමරු රඟහල සහ ජාතික කලා භවන නුදුරේදී ජනතා අයිතියට

ජෝන් ද සිල්වා සමරු රඟහල සහ ජාතික කලා භවන නුදුරේදී ජනතා අයිතියට

by Thanushika
January 2, 2025 10:49 am 0 comment

“සංවර්ධන කටයුතු අතරමඟ නවතා දමා ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ ජාතික කලා භවනෙහි වැඩ නිමකර මහජන අයිතියට පවරනවා” –

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පසුගිය දින නෙළුම් පොකුණ රඟහලේදී 51 වැනි රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදි පැවසිය.

මෙහිදී ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව සුපෝෂණය කිරීම උදෙසා අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කළ අයිරාංගනී සේරසිංහ මහත්මිය, ආරියවංශ රණවීර ශූරීන් සහ ජේ. ජොන්සන් රාජ්කුමාර් යන ප්‍රවීණ කලාකරුවන් තිදෙනා ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ‘නාට්‍ය කීර්ති’ සම්මානයෙන් එදින පිදුම් ලැබූහ.

කෙටි සහ දිගු නාට්‍ය යන අංශ ද්විත්වය සඳහා පසුතල නිර්මාණය, වේදිකා පරිපාලනය, අංගරචනය, රංගාලෝකය, රංග වස්ත්‍ර, රංගභූමි අලංකරණය, සංගීත නිර්මාණය, රංග වින්‍යාසය, පිටපත් රචනය, රංගනය – නළු සහ නිළිය ආදී අංශ ගණනාවක් සඳහා මෙහිදී සම්මාන, සහතික පත්‍ර සහ මූල්‍ය ත්‍යාග පිරිනැමුණා.

හොඳම රංගනය පිරිමි දිගු නාට්‍ය – සිංහල – දමින්ද නන්දරත්න

හොඳම රංගනය ගැහැනු දිගු නාට්‍ය – සිංහල – නයෝමි තක්ෂිලා

හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය – සිංහල – සඳමේධරා කෙටි නාට්‍ය – රවිඳු සම්පත් වික්‍රමසේකර

හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය – සිංහල – සඳමේධරා කෙටි නාට්‍ය – රවිඳු සම්පත් වික්‍රමසේකර

හොඳම අධ්‍යක්ෂණය කෙටි නාට්‍ය – සිංහල – ජූරියේ විශේෂ සම්මානය – මිලිටරි ඩිලිවරි කෙටි නාට්‍ය – යසිරු සඳරුවන් වීරසිංහ සහ දිනුෂ ප්‍රතිභා ගලබඩවත්ත

හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය – දෙමළ – Kuruthiyoottu කෙටි නාට්‍ය – රාමලිංගම් ශ්‍රිකාන්ත්

හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය – දෙමළ – Velichcheme කෙටි නාට්‍ය – සෙල්වරාජ් ලීලාවතී යන කලාකරුවන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

අග්‍රාමාත්‍ය ලේකම් ජී. පී .සපුතන්ත්‍රි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති ජේ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු, කලාකරුවන්, දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සේයාරූ – සුදත් මලවීර – ශාන් රඹුක්වැල්ල

[email protected]

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT