ලෝකයේ සිටින සියලු ශ්‍රී ලාංකික කලාකරුවන් හා ව්‍යාපාරිකයන් මෙන්ම ක්‍රියාකාරීන් එකට එකතු කරන අලුත්ම විද්‍යුත් යෙදුම එසේත් නැත්නම් ඇප් එක නිර්මාණය කිරීමට ඉතාලියේ සිටින ජූඩ් අර්ඩ්ලි පෙරමුණ ගෙන ඇත.
ඉතාලියේදි ගෙවුණු කාලයේදී ඔහු තමා දන්නා විෂය උපයෝගී කරගනිමින් අන්තර්ජාලය හරහා යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මුදල් එවීමේ වැඩපිළිවෙළක්ද මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු හා එක් වෙමින් දියත් කළේය. මේ නිසා ඔහු අදටත් අපේ රටේ විද්‍යුත් හා බැංකු පද්ධතිය සමග වැඩ කරන අන්තර්ජාතික නියෝජිතයකු බවට නිල වශයෙන් පත් වී ඇත. ජූඩ් එඡ්ඉඹ් එසේ ‘ශ්‍රී ලංකා’ ඇප් එක අරඹන්නේ මෙවැනි පරිසරයක් තුළදීය. යුරෝපයේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙම ඇප් එකට ඇතුළු වී ඔවුන්ගේ කුසලතා මෙන්ම දක්ෂතා එළි දක්වන්නට පටන් ගෙන ඇත. මේ හරහා ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට හෝ විදෙස් ජාතිකයෙකුට ඒ ඒ රටවල ඇති ලාංකිකයන්ගේ සියලු විස්තර දැන ගත හැකි බව පසුගියදා කොළඹදී මෙය ලංකාවට හඳුන්වාදීමේ අවස්ථාව සිදුකෙරිණි.