නිවස ලාංකිය සිනමාව ජීවිතය කියන්නෙම නොනවතින රිද්මයක්
සෝලෝ ටවුන්

ජීවිතය කියන්නෙම නොනවතින රිද්මයක්

by Mahesh
July 4, 2024 12:30 am 0 comment

මෙම චිත්‍රපටය තුළින් කියැවෙන්නේ, සංගීතය සිය ආත්මය කරගත් සොඳුරු යෞවනත්වයේ නිමක් නොදකින හීන පසුපස හඹා යන යෞවනයන්ගේ අහිංසක මෙන්ම, විටෙක ගැටුම්කාරී මුත් සුන්දර ආදර කතාවක්, අසංජය (ජේ) සංජානා, නොනිම්, හේෂාන් සහ යුලාන් කියන්නේ, ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වගේම අංක එකේ බෝයිස් බෑන්ඩ් කණ්ඩායම වන ”සෝලෝ ටවුන්” සංගීත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසයි. මොවුන් එකම කණ්ඩායමක් වුණත් එකිනෙකාගේ සිතුම් පැතුම් විවිධයි. එනමුත් ඔවුන් වෙනස් වන නූතන ඩිජිටල් ලෝකය තුළ නව අරමුණු ජනප්‍රියත්වය හා සාර්ථකත්වයේ හීන හඹා යාමට පරිත්‍යාගශීලීව සහෝදර ප්‍රේමය මුසු වූ මිත්‍රත්වයෙන් යුතුව කැපවීමෙන් කටයුතු කළත්, ඔවුන් අතර ආදරය වගේම අත්වැරදීම්, ආත්මාර්ථකාමී හැඟීම්, පාවාදීම් හා පළිගැනීම් ද නැතුවා නොවේ. තමන්ගේ නැගණියගේ අභිමානය වෙනුවෙන් ලෝකයක් එක්ක අධිෂ්ඨානශීලීව සටන් කරන නිර්භීත සහෝදරියක් වගේම කවදාකවත් සජීවී ලෙසින් නොදුටුව තමන්ගේ ප්‍රියතම සංගීත කණ්ඩායම හැබැහින් දැකීමට දහසක් හීන හිත තුළ පොදි බඳීන පුංචි රසකාවකුත් මෙහිදී ප්‍රේක්ෂකයාට හමුවෙනවා. මෙයාලගේ ජීවිත තුළට උදාවන එක් එක් කාල පරිච්ඡේදයන්හි එයාලව කොහොම වෙනස් කරාවිද යන්න, සංගීතමය සිනමා නිර්මාණයක් වූ ‘සෝලෝ ටවුන්’ තිරගත වීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයාට වටහා ගැනීමට හැකි වනු ඇත.

‘සෝලෝ ටවුන්’ සිනමා තිරය මතට රැගෙන එන්නේ කලා ක්ෂේත්‍රයෙහි දීර්ඝ කාලයක සිට නියැළි නිර්මාණකරුවන් දෙපොළකගේ කුලුඳුල් සිනමා නිර්මාණය ලෙසයි. ඔවුන්, චතුරංගන ද සිල්වා සහ සහන් වික්‍රමආරච්චි දෙදෙනායි. ඉන්දියාවේදී ශබ්ද ඉංජිනේරු තාක්ෂණ විෂය හදාළ චතුරංගන ද සිල්වා වර්තමානයේ දී එම අංශයේ ප්‍රවීණයකු මෙන්ම, දශක දෙකකට අධික කාලයක සිට වෘත්තීය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ප්‍රවීණ නිර්මාණවේදියෙකි. මෙරට ජනප්‍රියම ගායක ගායිකාවන් රැසකට සහ සංගීත කණ්ඩායම් කිහිපයකටම ගීත නිර්මාණය කළ චතුරංගන, ටෙලි නාට්‍ය, ටෙලි චිත්‍රපට මෙන්ම චිත්‍රපට කිහිපයක් සඳහා ද තම සංගීත කුසලතාවය එක්කළ අතර 2007 වසරේ සිරස එෆ්.එම්. ආයතනය පවත්වන ලද සංගීත සම්මාන උළෙලකදී ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. දීර්ඝ කාලයක සිට වෙළෙඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළී සහන් වික්‍රමආරච්චි, නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම් රැසකම නිර්මාණකරුවකු මෙන්ම ජනප්‍රිය ගීත රූප රචනා විශාල ප්‍රමාණයකට සිය නිර්මාණශීලී හැකියාව එක්කළ නිර්මාණ අධ්‍යක්ෂකවරයකු මෙන්ම ප්‍රවීණ කැමරා ශිල්පියෙකුද වේ.

රංගන දායකත්වය

රවීන් කනිෂ්ක, සහන්යා වැල්හොෆ්, මිචෙල් දිල්හාරා, සෙමිණි ඉද්දමල්ගොඩ, සුජීව ප්‍රියලාල්, මහින්ද විමලසිරි, අකලංක ප්‍රභාශ්වර, චමීෂා දිසානායක, නිවර්තනා දේවගේ, සංජනා දිසානායක, යුලාන් ඩ්‍රිව්, හේෂාන් ප්‍රනාන්දු, නොනිම් හසන්ත, පහන්දි වල්පිට, තිරුකුමාර්, පවිත්‍රා වික්‍රමසිංහ, තරංගා බුලත්සිංහල, චමල් දිසානායක, කනිෂ්ක වීරබාහු, රංජිත් අබේසූරිය, හිරුෂාන් හෙට්ටිආරච්චි, රංගන වීරසිංහ, දුලීකා මාරපන, ෆැලන් ඇන්ඩි්‍රයා, රැෆෙල්ලා ප්‍රනාන්දු, උපුල් ලියනගේ, ලොරෙන්සා නලිෂානි, මිහිඳු ආරියරත්න, සුපුන් අබේසිංහ

කාර්මික දායකත්වය

සම අධ්‍යක්ෂණය – චතුරංගන ද සිල්වා /
සහන් වික්‍රමආරච්චි
නිෂ්පාදනය – උදිත කුරේ, සෙව්වන්දි වීරසිංහ
කතාව සහ තිර රචනය – චතුරංගන ද සිල්වා, අයේශා ජයරත්න, ප්‍රසාදි අබේගුණරත්න
කැමරා අධ්‍යක්ෂණය – සහන් වික්‍රමආරච්චි
දෙවන කැමරාකරණය – පුෂ්පිත නිර්මාල්
සංස්කරණය – ළහිරු මධුසංඛ
වර්ණ සංයෝජනය – යශෝධ දනුපම
ශබ්ද සැකසුම හා සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
අංග රචනය – හර්ෂ මංජුල
සහය අධ්‍යක්ෂණය – සොඳුරු ලොකුපෝතාගම, ෂර්මිලා ප්‍රනාන්දු, රවිශංක ගමගේ
කලා අධ්‍යක්ෂණය – මධුරංග මාරසිංහ අයේශා ජයරත්න
නිෂ්පාදන කළමනාකරණය – කවීන්ද්‍ර ගංගීත්
පසුබිම් සංගීතය, ගී තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය හා සංගීත සංයෝජනය – චතුරංගන ද සිල්වා
ගී පද රචනය – ශෙහාන් ගලහිටියාව, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, ගිහාන් චාමික රේරූ, පාෂි
ගීත ගායනය – බාචි සුසාන්, සුපුන් පෙරේරා, කාන්චනා අනුරාධි, මිහිඳු ආරියරත්න, රයිනි චාරුකා, ෆැලන් ඇන්ඩි්‍රයා, රවීන් කනිෂ්ක, චරිත් සුරිත්, සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම, පාෂි
නර්තන වින්‍යාසය – සුපුන් අබේරත්න
දෙබස් පටිගත කිරීම – පුබුදු ධනංජය වනිගසේකර
විශේෂ ශබ්ද ප්‍රයෝග – ඩබ්.ජී. පොඩිරත්න
දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය – ශෙහාන් බොබී
කැමරා නාභිගත කිරීම – එස්.ඒ. රංජිත් රූපසිංහ,
තරිඳු සඳරුවන්
ග්‍රැෆික් නිර්මාණකරණය – ආකාශ් හේවාරත්න
සජීවීකරණය – ඊශ්වර ප්‍රභාත්, තිනෙත් වීරසිංහ

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT