නිවස විශේෂාංග “ජීවිතයත් රඟපෑමත් අතරේ වෙනස කියා දුන්නා”

“ජීවිතයත් රඟපෑමත් අතරේ වෙනස කියා දුන්නා”

by Thanushika
July 4, 2024 12:35 am 0 comment

සිනමාවේ ශ්‍රියාවිය- ශ්‍රියාණි අමරසේන රංගාවතරණය , ප්‍රවීණ රංගන ශිල්පිණී ශ්‍රියාණි අමරසේන ගේ කලා දිවියේ හයවන දශකය සැමරීම නිමිත්තෙන් එළඹෙන 9 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙන අති උත්කර්ෂවත් උළෙලයි. දශක හයකට ආසන්න කාලයක් ශ්‍රියාණි අමරසේන විසින් මෙරට සිනමා කලාව වෙනුවෙන් කරන ලද මෙහෙය මෙහිදී උපහාරයට පාත්‍රවන අතර ඇයගේ අතීත සිනමා දිවියේ සන්ධිස්ථාන ඇසුරින් නිර්මාණය කරන ලද ප්‍රාසාංගික අංගවලින් මෙම උළෙල වර්ණවත් වේ.

එසේම සිය ජීවිතයේ අටවන දශකය ගෙවන ඇය තම ජීවන අත්දැකීම් අළලා ලියූ ඇගේ ස්වයංලිඛිත චරිතාපදානය …………. නමින් එදින දොරට වඩී. එසේම එදින ඈ වෙනුවෙන් ලියවුණු සුවිශේෂ ගීතයක්ද එළි දකිනු ඇත. මෙම ගීතය නිර්මාණය කරලීමේ මුලිකත්වය ගෙන කටයුතු කළේ විශාරද චරිතා ප්‍රියදර්ශනි පීරිස් සහ විශාරද එඩ්වඩ් ජයකොඩිය. එඩිවඩ් – චරිතා පවුල සහ ශ්‍රියාණි අමරසේන පවුල අතිතයේ සිටම සමීපව ඇසුර කරනු ලැබූ ආදරණීය හිත මිතුරන්ය. දෙපාර්ශ්වයම දෙපාර්ශ්වයේ දුකේදි සැපේදි ළඟින් සිටයෝය. ශ්‍රියාණි ගේ ජිවිතයේ සුවිශේෂිම සන්ධිස්ථානයක් එළඹෙන මේ මොහොතේදී මෙබඳු කාර්යයකට ඔවුන් අත ගසන්නේ ඒ ළබැදි දයාබරත්වය නිසාමය.

මෙම ගීතයේ සංගීත නිර්මාණය විශාරද එඩ්වඩ් ජයකොඩි ගෙනි. ශ්‍රියාණි විසින් මෙරට සිනමාවේ මැවූ අමරණීය සිනමා සිත්තම් ඇසුරින් මෙම ගීතය රචනා කර ඇති අතර, ගි පද නිර්මාණය ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් ගෙනි.

මෙම ගීතය පසුගියදා අනුර රණසිංහ ගේ Studio INWAWE  හිදි පටිගත කරන ලද අතර මෙරට ප්‍රමුඛතම ගායනවේදිනිහු රාශියක් ඒ සඳහා සිය හඬ මුසු කළ විශාරද ප්‍රදිපා ධර්මදාස, විශාරද චරිතා ප්‍රියදර්ශනී, ධම්මිකා බණ්ඩාර, විශාරද ඉන්දිකා උපමාලි, විශාරද අනුරාධා නන්දසිරි, විශාරද සමිතා මුදුන්කොටුව, විශාරද නිරෝෂා විරාජිනී, විශාරද උරේෂා රවිහාරී, විශාරද අමාලි තිලකරත්න සහ සමනලී ෆොන්සේකා ගායනයෙන් එක්වූහ.

ශ්‍රියාව වෑහෙන අමරණිය රුව සිනමාවේ

දයාව නෑවෙන ප්‍රේමණිය හද ජිවිතයේ

අහිංසකාවියේ…. කුලවමියේ….

අඩසියවස් කල් රිදි තිරය මත

ඔබදුටු අපගේ … දැසේ මල් පිපිලා….

සරෝජිනිය එබ විරාගයේ යළි කළ්‍යාණිය වූවා

හිතුවොත් හිතුවා නිවෙන ගින්න ලඟ පාරමිතා පිරුවා

ශ්‍රියාවියේ…..මේ ආ ගමනේ හිත් නොතැලූ

සෙනෙහසම පිදූ…. රංගනාවියේ… ශ්‍රියාවියේ

ජිවිතයත් රඟපෑමත් අතරේ වෙනස කියා දුන්නා

සැපට වඩා දුක අභියස

රුව සේ අතැර නොගොස් සිටියා

ශ්‍රියාවියේ…..

ආදර කරුණා ඔබමැ පිදූ

ඔබ සතුයි මතූ

පුණ්‍යවන්තියේ…. ශ්‍රියාවියේ…..

 

[email protected]

සේයාරූ – නිශ්ශංක විජේරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT