නිවස ලාංකිය සිනමාව ජීවිතයට බලාපොරොත්තුවක්

ජීවිතයට බලාපොරොත්තුවක්

සිහින නෙළුම් මල්

by Mahesh
August 8, 2024 12:30 am 0 comment

ලෝකය වේගයෙන් ඉදිරියට යාමට නම්, මානවයා සිය වර්ගයා බිහි කළ යුතුව ඇත. එනමුත් වර්තමානයේ විවාහ වූ බොහෝ පිරිසක් දරුවන් බලාපොරොත්තු වුවද, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මඳ සරුභාවයෙන් පෙළීම ගැටලුවකි. මෙම තත්ත්වයට විවිධාකාර වූ හේතු බලපායි. මෙම දැවෙන ප්‍රශ්නය මිනිස් ජීවිත කෙරෙහි සෘජුව බලපාය අතර , මෙම ගැටලුව නිසාම වත්මන් තරුණ පිරිස් විවිධ පීඩාකාරී බලපෑම්වලට ගොදුරු වෙයි. අවසානයේ මෙහි ඉලක්කය වනුයේ කාන්තාවයි. සහන් සහ නයෝමි කොළඹ නාගරිකයේ මහල් නිවාස සංකීර්ණයේ වූ නිවසක කුලී පදනම මත ජීවත් වන තරුණ යුවළකි. මේ වන විට ඔවුන්ගේ විවාහ දිවියට වසර හයක් සම්පූර්ණව ඇති අතර, ඔවුන් විවාහව ඇත්තේ ආදර සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස සිය කැමැත්තෙනි. එකිනෙකා ඉතා ආදරෙන් හා අවබෝධයෙන් ජීවත් වුවද, මෙතෙක් දරුවෙකු නොමැති වීම ඔවුන්ගේ මානසිකත්වය දැඩි ව්‍යාකූලත්වයකට පත් කිරීමට සමත්ව ඇත. හදිසියේම ඔවුගේ නිවසට පැමිණෙන වැඩිහිටි ඥාතියකු දරුවකු පිළිබඳව අසන ප්‍රශ්න හමුවේ, ඉන් පලායාමට නයෝමි දෙන පිළිතුරක් දුරදිග යාම නිසා, අවසානයේ ඔවුන් දෙදෙනාට කෙසේ හෝ දරුවෙකු සෑදීමට සිදුවෙයි. මෙම අභියෝගය ජයගැනීමට ඔවුන් දෙදෙනා දරන උත්සාහය හා අවසානය සමස්ත සිනමා පටය තුලින් නිරූපණය වෙයි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසක් යටතේ සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් කටයුතු කරමින් සිනමා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ශමීර නාඔටුන්ගේ කුලුඳුල් සිනමා වෘතාන්තය වූයේ, 2016 වසරේ තිරගත වූ “මෝටර් බයිසිකල්” සිනමා පටයයි. සිය ප්‍රථම නිර්මාණය දේශීය හා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කළ අතර සාර්ක් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වීම ඔහු ලද සුවිශේෂී වූ ජයග්‍රහණයකි. එසේම 34 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම තිර නාටකය, හොඳම නළුවා, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය සහ හොඳම ගායකයා යන සම්මාන දිනා ගැනීමට “මෝටර් බයියිකල්” සමත් විය. “සිහින නෙළුම් මල්” ඔහුගේ දෙවන සිනමා නිර්මාණයයි. වර්තමානයේ වෘත්තීය නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කරන ඔහු වෙළෙඳ දැන්වීම් නිර්මාණය, ගීත රූප රචනා හා වාර්තා, කෙටි චිත්‍රපට නිර්මාණයේද ප්‍රවීණයෙකි. තිර පිටපත් රචකයෙකු මෙන්ම ගීත ප්‍රබන්ධකයකු ලෙසින්ද ඔහු කටයුතු කරනු ලබයි.

රංගන දායකත්වය

හේමාල් රණසිංහ (සහන්), දුෂේනි සිල්වා (නයෝමි), උමාලි තිලකරත්න (කුමාරි), වීණා ජයකොඩි (සහන්ගේ නැන්දා), ශ්‍රියාණි අමරසේන (සහන්ගේ මව), ප්‍රියන්ත සෙනෙවිරත්න (ත්‍රීරෝද රථ රියදුරු), ලාල් කුලරත්න (ඇටන්ඩන්ට්), දයාදේව එදිරිසිංහ (සහන්ගේ පියා) කලණ ගුණසේකර (සහන්ගේ මිතුරා), මයුර කාංචන (කුමාරිගේ පෙම්වතා) ඇතුළු රංගනශිල්පීන් රැසක් මේ සඳහා එක් වී ඇත.

කාර්මික තොරතුරු

තිර රචනය සහ අධ්‍යක්ෂණය – ශමීර නාඔටුන්න
නිෂ්පාදනය – වරුණ අරඹගේ
කැමරා අධ්‍යක්ෂණය – විශ්වජිත් කරුණාරත්න
සංස්කරණය – රවින්ද්‍ර ගුරුගේ
කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවාදූවත්ත
අංග රචනය – බුවනෙක රණවක
ඇඳුම් නිර්මාණය – මාධවී දසනායක
වර්ණ සංයෝජනය – තිස්ස සුරේන්ද්‍ර
ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල
දෙවන සහය අධ්‍යක්ෂණය – ඉඳුනිල් දැරණියගල
සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාණය – මිලින්ද තෙන්නකෝන්
ගී පද රචනය – ශමීර නාඔටුන්න
ගීත ගායනය – ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා, ආශ්කා කුලතුංග
නිෂ්පාදන සම්බන්ධීකරණය – සිනලි අරඹගේ
නිෂ්පාදන කළමනාකරණය – රොනිත් අධිකාරි
තිර පිටපත් සංවර්ධන සහය – විශ්වජිත් කරුණාරත්න
ශබ්ද ප්‍රයෝග – ඩබ්ලිව් පොඩිරත්න
කලා අධ්‍යක්ෂණ සහය – සංජීව දසනායක, උපුල් උපනන්ද, සමීර ඉඳුනිල්
සංස්කරණ සහය -ළහිරු මධුසංඛ
පරිගණක සජීවීකරණය – ජේ. වීරක්කොඩි
ශබ්ද පරිපාලන සහය – පුබුදු ධනංජය වනිගසේකර
කැමරා සහය – මුදිත විතානගේ, දිලංග දිනූෂන්, ඉමල් චතුරංග
ශබ්ද පටිගත කිරීම – අසංක නයන ශ්‍රී
ප්‍රධාන ආලෝකකරණ සහ තාක්ෂණික ශිල්පී – ඉඳුනිල් සුරංග
ආලෝකකරණ සහය – සමීන් මධුෂාන් ධනසේකර, ප්‍රසාද් දයාරත්න, නිලන්ත සුදර්ශන, හිරාන් ධනංජය
නිශ්චල ඡායාරූපකරණය – අමාල් රෝෂ්, හර්ෂ කුමාරසිංහ

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT