දාහත් වැනි වරටත් පවත්වනු ලබන ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යය 2025 වෙසක් පහන් කූඩු වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය විවිධාංග රාශියකින් යුක්තව එළැඹෙන මැයි 12, 13 ,14, 15 සහ 16 දිනවලදී පැවැත්විමට කටයුතු යොදා ඇත.
වෙසක් පුර පසළොස්වක් පෝය දින උදෑසන සිට සීල සමාදානය ධර්ම දේශනා භාවනා වැඩසටහන් සහ පාසල් දරුවන් සතිමත් භාවය අනුව (සති භාවනා) වැඩසටහන් ඇතුළු ප්‍රතිපත්ති පූජාමය කටයුතු පැවැත්වෙන අතර සර්වඥ ධාතු ප්‍රදර්ශනය දර්ශනීය පහන් කූඩු වෙසක් තොරණ, දන්සැල්, නුර්ති හා බෞද්ධ ජාතක කතා ඇතුළත් වීදි නාට්‍ය, ටවර් හෝල් නූර්ති ගී හා ළමයින්ට වෙසක් වැඩසටහන වෙසක් කලාපයේ සුවිශේෂී අංග අතර ප්‍රධාන ස්ථානයක් ගනියි.
ප්‍රධාන වේදිකාව මත දිනපතා රාත්‍රී 07.00සිට පාන්දර 2.30 දක්වා ත්‍රිවිධ හමුදා, පොලිසිය ,සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික තරුණ සේවා සභාව සංස්කෘතික අමාත්‍යාංශය විසින් සංස්කෘතික නර්තන ප්‍රසංග ඉදිරිපත් කෙරේ.
මෙයට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැත්වෙන ජාතියේ ප්‍රෞඩත්වය සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් විදහා දැක්වෙන ප්‍රදර්ශනය තවත් ආකර්ෂණීය අංගයකි. එමෙන්ම පාසල් ළමුන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ හා විදේශ තානාපති කාර්යාල මඟින් ඉදිරිපත් කරන නිර්මාණ ඇතුළත් විශේෂ ප්‍රදර්ශන කලාපයක් ද පැවැත්වේ.
ජාතික වෙසක් මංගල්‍යය නිර්මාණ තරගාවලියට එක්වීම සඳහා බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යය, සීමා මාලකය, අංක 124, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 යන ලිපිනයට මැයි 10 වැනි දිනට පෙර ප්‍රධාන පුවත්පත්වල පළ කළ ඉල්ලුම් පත්‍ර ආකෘතිය පුරවා එවිය යුතුය.
වැඩි විස්තර දැනගැනීම සඳහ 0112386638, 0712551818, 0742111818 යන දුරකතන අංක හා සම්බන්ධ විය හැකිය.