Home » ජයන්ත චන්ද්‍රීසිරි ‘සමහරු සහ සමාගම’ අරඹයි

ජයන්ත චන්ද්‍රීසිරි ‘සමහරු සහ සමාගම’ අරඹයි

by mavan
December 18, 2025 11:30 am 0 comment

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රීසිරි සිය නවතම චිත්‍රපටයේ වැඩකටයුතු පසුගියදා ආරම්භ කළේය. ‘සමහරු සහ සමාගම’ නම් වූ එම චිත්‍රපටයේ තිර රචනයද ජයන්ත චන්ද්‍රසිරිගේය. පසුගියදා කොළඹ ජයික් හිල්ටන් පරිශ්‍රයේ පැවති මුහුරත් උලෙළෙකින් ආරම්භ වූ මෙම චිත්‍රපටයේ. බුද්ධික ජයරත්න, හේමාල් රණසිංහ, උමාලි තිලකරත්න, ප්‍රියන්ත සිරිකුමාර, සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, සේමිණි ඉද්දමල්ගොඩ, පබෝදා සන්දීපනී, ඩිලානි අබේවර්ධන, කුමාරි මුණසිංහ, සුදත් ඇන්තනී, කුසුම් රේණු, දිනිති වල්ගම, මල්කන්ති ජයසිංහ, දෙනුවන් සේනාධී, චිලි තිලංක, රාජා ගණේෂන්, සුනිතා විමලවීර, ඓශාරා අතුකෝරල රංගනයෙන් එක්වෙති.

ජයන්ත චන්ද්‍රසිරි පුවත්පත් කලාවේදියෙකු වශයෙන් මින් වසර ගණනාවකට ඉහතදී කටයුතු කළ සමයේ ඔහුගේ නෙත ගැටුණු එක්තරා පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් ඇසුරින් මෙහි තිර රචනය නිර්මාණය කර ඇත. අග්නිදාහය, මහරජ ගැමුණු, සමනළ සන්ධ්වනිය, ඝරසර්ප, මිදුණු විශ්වය, දේවි කුසුමාසන නිර්මාණය කළ ජයන්ත චන්ද්‍රසීරිගේ හත්වැනි සිනමා නිර්මාණය ‘සමහරු සහ සමාගම’ය. ‘සමහරු සහ සමාගම OSMO CREATIONS සහ CEYFLIX වෙනුවෙන් අසිත රොහාන් හා ප්‍රදීප් ජයවිර නිෂ්පාදනය කරති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT