නිවස කළා පුවත් ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව

ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව

by Thanushika
August 22, 2024 8:58 am 0 comment

ඡායාරූප ශිල්පීන් අට දෙනකුගේ එකමුතුවෙන් Sequel Collectivel කණ්ඩායමේ Sequel Contenporary Photograph Exhibition 2024 ඡායාරූප ප්‍රදර්ශනය හෙට 23 වැනිදා කොළඹ ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පෙ.ව.09.00 විවෘත වේ. රාත්‍රී 07.00 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනය 24 සහ 25 දෙදින ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. නොමිලේ පවත්වනු ලබන මේ ප්‍රදර්ශනය සඳහා ඡායාරූප ශිල්පීන් අට දෙනාගේ ඡායාරූප 250ක් කලාගාරයේ මහල් තුනක ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම ඡායාරූප ශිල්පීන් වනුයේ බූපති නලින්, අමිල විජේරත්න, නයන හරි අබේනායක, තාරක බිබුලේ විතාරණ, ඉනෝකා පල්ලියගුරු, සුජීව රණතුංග, සුගන්ධි සමරකෝන්, සමින්ද සඳුන් ශ්‍රීය. මෙයට සමගාමීව සමකාලීන ඡායාරූපකරණය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡාව ද මේ තෙදින තුළම දිනපතා පැවැත්වෙනු ලැබේ.

බූපති නලින් වික්‍රමගේ නවතම කෘතිය එළි දැක්වීම අගෝස්තු 24 වැනිදා සෙනසුරාදා ප.ව 3.00 ට

කොළඹ 07, JDA කලාගාරයේදී සිදු කරනු ඇත. එදින මුලසුනේ දෙසුම පවත්වනු ලබන්නේ ප්‍රගීත් අලුත්වත්ත විසිනි. ‘ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව’ කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT