දේශීය හා විදේශීය චිත්‍රපට රුසකට දායකත්වය ලබා දී ඇති අසංග ඩාන්සින් ස්ටූඩියෝ ඉදරිපත් කරන ‘චලන’ නර්තන ප්‍රසංගය එළඹෙන 06 වැනිදා ප.ව. 6.30 ට නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශ්‍රවණාගාරයේදී වේදිකාගත වේ.
අසංගගේ නර්තන නිර්මාණයෙන්, අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කරන පළමු නර්තන ප්‍රසංගයයි. ප්‍රසංගය, සාම්ප්‍රදායික හා සමකාලීන නර්තන ශෛලීන් එකට මුසු කරමින් නිර්මාණය කර ඇත. අකිල ධනුද්දර, සමනලී ෆොන්සේකා, ලවන් අභිෂේක්, රෂිපබා සංදීපනී, තාරුකා වන්නිආරච්චි, විශානි මුණසිංහ යන නළු නිළියන් ඇතුළු ඔහුගේ සිසු සිසුවියන් 70 කට අධික ප්‍රමාණයක් එදින ප්‍රසංගය වර්ණවත් කරනු ඇත.
නොමිලේ පවත්වනු ලබන මෙම නර්තන ප්‍රසංගය නැරඹීමට පැමිණෙන ලෙස අසංග ඩාන්ස් ස්ටුඩියෝ වෙනුවෙන් අසංග ද සිල්වා සියලුම නර්තන ලෝලීන්ට ඇරයුම් කරයි.