නිවස කළා පුවත් චන්දන විජේසුන්දර බණ්ඩාරගේ කලා දිවියට වසර 35ක් පිරීම නිමිත්තෙන් අධ්‍යාපනික නාට්‍ය උලෙළ

චන්දන විජේසුන්දර බණ්ඩාරගේ කලා දිවියට වසර 35ක් පිරීම නිමිත්තෙන් අධ්‍යාපනික නාට්‍ය උලෙළ

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

1987 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වේදිකා නාට්‍ය සංවිධායකවරයකු ලෙස කටයුතු කරනු ලබන ටවර් හෝල් රඟහල පදනමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නාට්‍ය ප්‍රවර්ධන කලාකරු සුභසාධන හා වැඩසටහන්, චන්දන විජේසුන්දර බණ්ඩාරගේ කලා දිවියට වසර 35ක් පිරීම නිමිත්තෙන් අධ්‍යාපනික නාට්‍ය උළෙලක් පසුගිය 11 වැනිදා සහ අද 12 වැනිදා මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

1987 වසරේ අගෝස්තු මස මාතලේ පුරහලේදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් නාට්‍ය සංවිධායකවරයෙකු ලෙස ගමන ආරම්භ කළේය. එදා සිටන් වසර 24ක ටවර් හෝල් රඟහල පදනමේ සේවා කාලය තුළ නාට්‍ය රැසක් ඔහු නිෂ්පාදනය කිරිමට දායකත්වය ලබාදි ඇත. එම සේවය අගයමින් මෙම නාට්‍ය උළෙලේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නරි බෑනා සමඟ ජසයා සහ ලෙන්චිනා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු යන නාට්‍ය පෙ.08.30සිට පෙ.ව.10,30 දක්වා වේදිකාගත කෙරේ.

මෙයට සමගාමීව මාතලේ බෞද්ධ මන්දිරය හා ටවර් රඟහල සඳහා ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ටවර් ප්‍රභාස්වර ප්‍රසංගය අද 12 වැනිදා ප.ව.06.00 එම ශ්‍රවණාගාරයේදී නොමිලේ පැවැත්වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT