Home » චන්දන වික්‍රමසිංහ යළි චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට

චන්දන වික්‍රමසිංහ යළි චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට

by Thanushika
February 27, 2025 10:08 am 0 comment

ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයේ යෙදී සිට, කලක් ඉන් බැහැරව සිටියේය. ඔහුගේ නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු මෙන්ම වෙනත් නර්තන අධ්‍යක්ෂණ කටයුතු, විදේශ සංචාර වෙනුවෙන් කාර්‍යබහුල වීම ඊට හේතුවිය. ආදරණීය වස්සානය, තාරකා මල්, අබා, කුසපබා, පත්තිනි, යශෝදරා, අලි කතාව ඇතුළු චිත්‍රපට ගණනාවක ඔහු නර්තන අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුවත් අලි කතාවෙන් පසු ඔහු චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයෙන් සමු ගත්තේය.

එහෙත් පසුගියදා තිරයට පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බුද්ධ මාතා’ චිත්‍රපටයෙන් ඔහු නැවතත් චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට පැමිණියේය. ඒ අනුව ඉදිරියේදී තිරගත වීමට නියමිත සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘කපුටු කොහෝ’ හි නර්තන අධ්‍යක්ෂණයටද ඔහු දායක වෙයි.

-නයනාංජලි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT