නිවස කළා පුවත් ‘ගෞතම බුද්ධ මාතා’ ගීත පටිගත කෙරේ

‘ගෞතම බුද්ධ මාතා’ ගීත පටිගත කෙරේ

by Thanushika
June 13, 2024 12:30 am 0 comment

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම සිනමා පටය ‘ගෞතම බුද්ධ මාතා’ වැඩ අරඹමින් එහි ගීත පටිගත කිරීම පසුගිය දින සිදු කෙරිණි. ගේය පද රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කරන ලද අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. ගායනයෙන් යොවුන් ගායන ශිල්පීනියන් වන කාංචනි අනුරාධා, ආදිත්‍යා වැලිවත්ත අංජලී හේරත් එක්වෙති. යුනිවර්සල් පෞද්ගලික සමාගම වෙනුවෙන් තිලංග සුමතිපාල ‘ගෞතම බුද්ධ මාතා’ නිෂ්පාදනය කරන අතර දෙස්, විදෙස් රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති. සිනමා පටය රූපගත කිරීම් මෙම මස ඇරැඹීමට නියමිතය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT