Home » ගැහැනු ළමයි ප්‍රතිෂ්ඨාපනයට

ගැහැනු ළමයි ප්‍රතිෂ්ඨාපනයට

by Thanushika
May 15, 2025 9:49 am 0 comment

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් විසින් 1978 වර්ෂයේ දී අධ්‍යක්ෂණය කරන ලද ගැහැනු ළමයි චිත්‍රපටය මේ වසරේ මැයි මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන78 වැනි කෑන්ස් චිත්‍රපට උලෙළේදී ප්‍රදර්ශනය කිරීම සඳහා තෝරාගෙන ඇත.

ප්‍රංශ, ඉන්දීය හා ශ්‍රී ලංකා සිනමා උරුමයන් සුරැකීමේ වැඩසටහන යටතේ ප්‍රවීණ සිනමාවේදිනි ආචාර්ය සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගැහැනු ළමයි චිත්‍රපටය ප්‍රංශ රජයේ පූර්ණ මැදිහත්වීමෙන් ප්‍රතිෂ්ඨාපනය කර ඇත.

එලෙස ප්‍රතිෂ්ඨාපනය කරන ලද ගැහැනු ළමයි චිත්‍රපටය මැයි මස 17 වැනි දින කෑන්ස් චිත්‍රපට උලෙළේ දී එහි මංගල දර්ශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

දේශීය සිනමා කර්මාන්තයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් උදා වූ මෙම අවස්ථාව ශ්‍රී ලංකා රජයට හිමිවූ වටිනා අවස්ථාවක් ලෙස ද සැලකේ.

එම සුවිශේෂ අවස්ථාවට ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව වෙනුවෙන් රංගනයෙන් දායක වූ වසන්ති චතුරාණි, ප්‍රධාන නළු අජිත් ජිනදාස, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ, සුදත් මහදිවුල්වැව, FISCH පදනම වෙනුවෙන් ප්‍රංශ තානාපති කාර්‍යාලය හා සම්බන්ධීකරණ කටයුතු කළ දම්මිත් ෆොන්සේකා, ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රතිෂ්ඨාපන කාර්යයේ පූර්ණ වගකීම පැවරී තිබූ ඉන්දියානු Film Heritage Foundation හි සභාපති ශිවේන්ද්‍ර සිං දුන්ගපූර් හා මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ ප්‍රවීණ ශබ්ද සැලසුම් ශිල්පි සසික රුවන් මාරසිංහ යන මහත්වරු සහභාගි වෙති.

මේ කාර්යයේලා ආයතන ගණනාවක දායකත්වය හිමිව ඇති අතර FISCH අන්තර්ජාතික පදනමේ අනුග්‍රහය යටතේ ප්‍රදානයක් වශයෙන් ලබා දුන් අරමුදල් යටතේ මෙම චිත්‍රපටය ප්‍රතිෂ්ඨාපනය කර ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT