93
තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි, හදවතින් සෙනෙහස පුරා, දයාබර දිලූ කියා වැනි ජනප්‍රිය ගීත ගායනා කළ ගායන ශිල්පි අජිත් ආරියරත්න හදිසියේ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් පසු වූ ඔහු මියයන විට 59 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුගිය දින හෝමාගම නියඳගල සුසාන භූමියේදී පවුලේ ඥාතීන් සහ කලාකරුවන් පිරිවරා සිදු කෙරිණි.