බුදුරදුන් වදාළ ලෙස තමන් දන්නා ශිල්ප ශාස්ත්‍රය ගුරු මුෂ්ටියකින් තොරව සිසු දරුවන්ට ලබා දෙමින් තම කලා ජීවිතය පසෙකලා දරු කැල වෙනුවෙන් ම කාලය කැප කර පමාවී පෑයු සඳවතිය සරෝජා හේවාවිතාරණයි.ඇය සරසවිය හා මෙසේ සම්මුඛ විය.
සංගීත ආචාරිනියක්, තනු නිර්මාණ ශිල්පිනියක් ලෙස අද වන විට ඔබේ භූමිකාව රැදී තිබෙන්නේ කුමන ස්ථානයක ද?
මම වෘත්තියෙන් ගුරුවරියක්. දැනට කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ දරුවන්ට පෙරදිග සංගීතය උගන්වනවා. ප්‍රායෝගික විෂයක් නිසා දරුවොත් එක්ක ඒ ඒ ක්‍රියාකාරකම්වල යෙදෙන නිසා ටිකක් කාර්යබහුලයි. ගුරුවරියක් විදිහට මම මගේ දරුවන්ට උපරිම සාධාරණයක් ඉටු කරනවා. නමුත් ගායිකාවක් තනු නිර්මාණ ශිල්පිනියක් විදිහට එතරම් සේවයක් සපයන්න හැකියාවක් ලැබුණේ නෑ. මොකද මම දරුවන්ටම කැපවෙලා වැඩ කරපු නිසා මට ඒ දේවල් මඟ හැරුණා. ගුරුවරියක් ලෙස මම තනු නිර්මාණයට, යොමු වුවත් ගීත ගායනයට නම් යොමු වුණේ නෑ.
මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි අරන් 1996 ඉඳලා 1999 වෙනකන් තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට එම විශ්ව විද්‍යාලයේම සේවය කළා. ඒ කාලේ ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් ලෙස සරල ගීත ගායනයේ යෙදුණා. ඒ කාලේ තමයි මට යමුනා මාලිනී පෙරේරා මහත්මිය හම්බවෙන්නේ.එතුමිය හමුවීම් මගේ ජිවිතේ සුවිශේෂී එක් සන්ධිස්ථානක්. මට නෙකෝ ශබ්දාගාරයේදී ගීත හතරක් පටිගත කිරීමට හැකියාව ලැබුණා. ගීත පටිගත කිරීමේදී මට උපදෙස් දෙමින් උදව් කළේ මගේ ගුරුදේවයාණන්ගේ බිරිඳ ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්දසිරි මහත්මිය. එදා වගේම අදත් මට ඇය සහෝදරියක්. ඊට පස්සේ මම සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන කාලේ දරුවන් ගුවන් විදුලි ගීත වැඩසටහන්වලට පුරුදු පුහුණු කරමින් යොමු කළා. අධ්‍යාපන අමාත්‍යංශයේ බස්නාහිර පළාත් අමාත්‍යාංශයේ කොළඹ කලාප කාර්යාලයෙන් පාසලට පවරන සියලු කලා කටයුතු සඳහා ගීත නිර්මාණය කරමින් දරුවන් ඉදිරිපත් කළා. ආනන්ද බාලිකා විද්‍යාලයේ දෙපස පිහිටි මහා බෝධිය හා විද්‍යෝදය පිරිවෙන් වැඩසටහන් වලට ගීත ගායනයට දරුවන් පුරුදු පුහුණු කළා. ගුරුවරියක් ලෙස ගීත ගායනයෙන් දුරස් වුවත් තනු නිර්මාණයට අවස්ථාව හමුවුණා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ ම මගේ සංගීත දිවියේ යළි පිබිදීම සිදුවුණේ යමුනා මාලනී පෙරේරා මහත්මිය හමුවීමත් සමඟ. එතුමිය රචනා කර දුන් යුග ගීතයක් මමයි කරුණාරත්න දිවුල්ගනගේ මහතයි ගීතයට නැඟුවා. එය සංගීතවත් කළේ නවරත්න මහතා. කොරෝනත් එක්ක මට ගීත පටිගත කරන්න කාලෙ හම්බුණා. ඉතින් මම ඒ කාලේ ගීත හයක් ගායනා කරලා ජන ගත කළා. යමුනා මාලනී පෙරේරා මහත්මිය විසින් රචනා කරලා දුන්න ගීත රැසක් මම ගායනා කරලා තියෙනවා. ඒ අතර මම තනියෙන් ගායනා කරන ගීත වගේම යුග ගීතත් තියෙනවා.
ගුරු වෘත්තිය සහ ඔබේ කලා දිවිය අතර සබැඳීයාව විස්තර කළොත් ?
වෘත්තීයෙන්ම මම සංගීත ගුරුවරියක් නිසා මගේ වෘත්තීය තුළත් කලාව තියෙනවා. පාසලක සංගීත ගුරුවරියක් වුණාට විෂය නිර්දේශ ආවරණය කිරීම පමණක් නෙවෙයි තියෙන්නේ. දරුවන්ගේ විෂය පරිබාහිර විෂය සමගාමී කටයුතු කරන්න අපට පැවරෙනවා. ඒ ඒ වැඩත් එක්ක ගීත ගායනා කරමින් පූර්ණකාලීනව නිරත වෙන්න බාධා ඇතිවුණා. ගුරු වෘත්තියේ කාර්යබහුලත්වය නිසා ගායිකාවක් ලෙස ඉදිරියට යන්න බැරි උණත් ගුරු වෘත්තිය ආරම්භයේ ඉඳලා මේ දක්වා දරුවන් සමඟ කලා කටයුතුවල නිරත වුණා. මේ ළඟදිත් සිරස එෆ් එම් නාලිකාවේ සමනල සිරස සින්දු පන්තියේ වැඩසටහනේ දී විශාඛා විද්‍යාලයේ දරුවන් එක්ක ගීත ගයමින් සුන්දර අත්දැකීමක් ලබාගන්න මට පුළුවන් වුණා. එම වැඩසටහන මට ලබා දුන් චතුර ලක්මාල් විජේරත්න මහතාටත් වැඩසටහන ඉදිරිපත් කළ ශවිනිකා ප්‍රබෝධනී මහත්මියටත් ස්තූතිවන්ත වෙන්න මේ මොහොත මම යොදා ගන්නවා. මගේ වෘත්තයේ නිරත වෙන ගමන් මම මේ මෑතකදීත් ගීත කිහිපයක් ගායනා කළා. ඉදිරියට කලාවේ පූර්ණකාලීනව නිරත වීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා.
තනු නිර්මාණය තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත්?
විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තමයි මම තනු නිර්මාණයට යොමු වුණේ. යාළුවන්ගේ ගීත වලට මම තනු නිර්මාණය කරලා දුන්නා.විශ්ව විද්‍යාලයේ උගන්වන කාලෙත් දරුවන්ගේ ගීතවලට තනු නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒත් ඒ ගීත පටිගත වීමක් වුණේ නෑ. ගුරුවරියක් විදිහට සේවයට බැදුණට පස්සේ තමයි ගීත වලට නිර්මාණය කරපු තනු පටිගත කිරිම සිදු වුණේ. බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සමඟ ගුවන් විදුලි භක්ති ගී වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩසටහන් වලදී තමයි මගේ සංගීත නිර්මාණයන් ගුවන් විදුලි වාදක මණ්ඩලය වාදනය කරමින් පටිගත කිරීමක් සිදුවුණේ. එතනදී තමයි ඇත්තටම මම මගේ හැකියාව හඳුනගත්තේ. ඒ භක්ති ගීත රචනා කළේ සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ගරු පිටදූවේ ධම්මික ස්වාමීන් වහන්සේත්, ගුරු මණ්ඩලයේ සේවය කළ ශ්‍රීනාත් ද සිල්වා මහතා හා සෝමා මහගෙදර මහත්මිය. ඊට පස්සේ මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ සේවයට ආවා.ඒ කාලේ තමයි මම විද්‍යෝදය පිරිවෙනේ හික්කඩුවේ ශ්‍රි සුමංගල නාහිමි ගුණානුස්මරණ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළේ. ඒ ගීතය රචනා කළේ ප්‍රවීණ ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. විද්‍යෝදය පිරිවෙනේ ම පවත්වන ජ්.අ සේනානායක දහම් පාසලේ දහම් පාසල් ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළා. එහි පදරචනය කළේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා. එතුමා විසින් ම තමයි බස්නාහිර පළාත් ගරු උපහාර ගීතය රචනා කළේ. එයට තනුව හා සංගීතය නිර්මාණය කළේ මම. බස්නාහිර පළාත් ක්‍රීඩා උත්සවයේ, බස්නාහිර පළාත් පිහිනුම් උත්සවයේ, ආනන්ද බාලිකා විද්‍යාලයේ කලා උලෙළේ ගීතය, විද්‍යා දින ගීතය, ගණිත දින ගීතය, මාධ්‍ය දින ගීතය, විද්‍යාලයේ 75 වන සංවත්සරය ගීතය, 85 වැනි සංවත්සරය ගීතයට තනුව හා සංගීත නිර්මාණය කළේ මම.විදූහල්පතිවරුන්ගේ විශ්‍රාමික දින වෙනුවෙන් ගුරුවරුන්ගේ ගුරු මාරුවීම්වලට නිර්මාණය වූ ගීත වලට තනුව හා සංගීතය නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීත මට රචනා කරලා දුන්නේ ප්‍රණීත් අභයසුන්දර මහතා විසින්. විශාකා විද්‍යාලයේ ගුරුවරියක් විදිහට සේවය කරපු මනෝජා ප්‍රනාන්දු මහත්මිය ලියපු අවුරුදු ගීතයකට මම තනුව හා සංගීතය නිර්මාණය කරලා දුන්නා. ඒ ගීතය ගායනා කළේ ප්‍රවීණ සංගීතඥ නිලු අධිකාරි මහත්මිය හා සංගීතඥ කපිල පූගලආරච්චි මහතා. ජාතික රූපවාහිනීයේ විකාශය වන ළමා වැඩසටහන් ගීත සඳහා තනුව හා සංගීතය මම නිර්මාණය කරනවා. ජානකී ලියනවත්ත මහත්මිය, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා, මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා, යමුනා මාලනී මහත්මිය මට ගීත රචනා කරලා ඒ ගීත වලට තනුව හා සංගීතය නිර්මාණය කරන්න මට දීලා තියෙනවා. බියගම හිමිදිරි අරුණ ළදරු පාසලේ පාසල් ගීතයට තනුව හා සංගීතය නිර්මාණය කළා. කැලණිය කලාපයේ අශෝක ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ගීතයට තනුව හා සංගීතය නිර්මාණය කරෙත් මම. මේ කිව්ව ගීත වලට අමතර තව ගීත ගොඩකට මම තනුව හා සංගීතය නිර්මාණය කරලා තියනවා. ගීත පටිගත කිරීමේදී ඒවා අලංකාර කර දුන් කපිල පූගලආරච්චි මහතාට, දර්ශන රාජමන්ත්රී මහතාට, ගාමිණී පෙරේරා මහතාට, සරත් ධර්මදාස මහතාට මම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා.
සංගීත දිවිය තුළ ඔබ ගුරු තන්ත්රයෙහි ලා සලකන පිරිසක් වේ නම් පිළිබඳ සඳහන් කළොත් ?
මම මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න දවස්වල මට සංගීතය හා වයලින් වාදනය ඉගැන්නුවේ ආතර් සර්. ඊට පස්සේ මම කොළඹ ඇවිත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. එතකොට මට සංගීතය ඉගැන්නුවෙ ජයන්පති නවරත්න මිස්. සංගීතය වැඩිදුර ඉගෙන ගන්න ඕන හින්දා මම ගෝකුල සංගීත ආශ්රමයට ගියා. විශාරද පුෂ්පමාලා සුභසිංහ මහත්මිය ගායනය ද වයලින් වාදනය විශාරද සෝමසිරි ඉලේසිංහ මහතාද ඉගැන්නුවා. කෙටි කාලයක් විශාරද මංගල සමරසිංහ මහතා යටතේද වයලින් වාදනය මම ඉගෙන ගත්තා. මගේ වාසනාවට මට ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගෙන් සංගීතය ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට සුවිශේෂි. එතුමිය නිසා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ගී ගායනයටද අවස්ථාව ලැබුණා. මම උසස් පෙළ සංගීතය ඉගෙන ගත්තේ මහාචාර්ය දයාරත්න සර්ගෙන්. අනිල් මිනිතැන්න මහතාගේ කලායතනයෙන් සනත් නන්දසිරි මාහතා යටතේද මම සංගීතය ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලයේ ඉගෙනීමෙන් පසු මම සනත් නන්දසිරි මහතාගේ පෞද්ගලික සංගීත පන්ති ඉගැන්වීම් සඳහා වසර ගණනාවක් උදව් කළා. මහාචාර්ය උපුල් සනත් නන්දසිරි මහතාත් ආචාර්ය නිශාන් හඳුන් පතිරණ මහතාත් මට සංගීත ගුරුවරු වුණා. ඊට අමතරව විශ්වවිද්‍යාලය තුළදීත් මට ගුරුවරු ගොඩක් මුණගැහුණා.
ගුවන් විදුලි ශිල්පිනියක ලෙස ඔබේ සංගීත දිවියේ ආරම්භය සහ මේ දක්වා පැමිණි ගමන් මගේ සුවිශේෂී ස්ථාන මොනවාද?
මම ඉස්කෝලේ යන කාලේ ළමා ගායන ශිල්පිනියක් ලෙස 1981සංගීත මණ්ඩපයේ අවුරුද්දකටත් වඩා ගීත ගායනා කළා. මට එයට මග පෑදුණේ ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය නිසා. මම ඉස්සෙල්ලාම ගායනා කරපු ගීතය මංජුලා මල්ලිකාන්ති මහත්මිය රචනා කරපු “අපේ මිදුලේ මලක් පිපිලා හිනාවෙනවා හිනාවෙනවා අපේ අම්මා වගේමයි” කියන ගීතය. මම උසස් පෙළට ඉගෙන ගන්න කාලේ මහාචාර්ය දයාරත්න මහතා සංගීතවත් කළ මියැසිය ජන සංගීත වැඩසටහනේ අත්වැල් ගායනයට ඉදිරිපත් උණා. නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපත් කළ ගුවන් විදුලි භක්ති ගී වැඩසටහන්වලට රූපවාහිනී වැඩසටහන්වල වාදක මණ්ඩලයේ සිට වයලින් වාදනයට, සමූහ ගායනයට එකතුවෙලා තියෙනවා. 1991 ගුවන් විදුලි සරල ගී ශිල්පීන් වර්ග කරන පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ ගායන ශිල්පිනියක් ලෙස සමත් වුණා. වෙළඳ සේවය හා ස්වදේශීය සේවයේ සරල ගී වැඩසටහන්වලට ගීත ගායනා කරලා තියෙනවා. තව මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ ගීත නාටක, භක්ති පූජා, රාග් ධාරා, අවුරුදු වැඩසටහන් සඳහා අත්වැල් ගායනය හා යුග ගායනයකින් සහයෝගය ලබා දුන්නා. විශාරද ඩී. ආර් පීරිස් මහතාගේ භක්ති පූජා, රාග් දාරා වැඩසටහන්වලත් ගීත ගායනා කරලා තියෙනවා. බන්දුල නානායක්කාරවසම් මහතා රචනා කරපු යුග ගීතයක් අශෝක පීරිස් සමඟ මම ගායනා කරලා තියෙනවා. මට මතකයි එක වැඩසටහනකදී මහාචාර්ය නිපුන් සනත් නන්දසිරි ගුරුපියාණන් සමඟ යුග ගායනයට මට අවස්ථාව ලැබුණා. එම අවස්ථාව මම ලබපු භාග්‍යයක්. තවත් අවස්ථාවක විශාරද අනිල් මිහිරිපැන්න මහතා සංගීතවත් කළ ගීතයක් ගුවන් විදුලි වැඩසටහනක් තුළ සජීවීව ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. මම ගුවන් විදුලි ගායනා කරපු සරල ගීත මට රචනා කර දුන් පිරිස් අතර මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා, යමුනා මාලිනී පෙරේරා මහත්මිය, ප්‍රියානන්ද විජේසුන්දර මහතා, සුනිල් ගුණවර්ධන මහතා, ලාල් ආනන්ද අබේධීර මහතා, උපාලි බණ්ඩාර වීරසේකර මහතා යන පිරිස සිටිනවා. ඔවුන් රචනා කරලා දුන්න ගීත සංගීතවත් කළේ මහාචාර්ය සනත් නන්දසිරි මහතා, සංගීතඥ සරත් වික්‍රම මහතා, මගේ විශ්වවිද්‍යාල සමකාලීනයන් වූ සංගීතඥ නිමල් ජයකොඩි සහෝදරයා හා සමන් කුමාර මනම්පිටිය සහෝදරයා විසින්. විශාරද අනුරාධා නන්දසිරි මහත්මිය සමඟ ද මම යුග ගායනයේ යෙදිලා තියෙනවා. සමන් ප්‍රියංකර නම්මුණි මහතා, අනුර වන්නිආරච්චි මහතා, සුනිල් අමරසිංහ මහතා ගුවන් විදුලි වැඩසටහන් වලදී මට උදව් කරලා තියෙනවා.
ඔබ මෙරට ප්‍රවීණ ගායන ශිල්පීන් සමඟ ගීත ගායනා කරලා තියෙනවා. ඒ පිළිබඳ සිහිපත් කරනවා නම්?
මම ටික කාලයක් නිහඩව ඉඳලා තමයි නැවත ගීත ගායනයට යොමු වුණේ. ඒ 2019 දී යමුනා මාලනී පෙරේරා මහත්මිය නැවත හමුවුණාට පස්සේ. යමුනා මහත්මියගේ පද රචනයෙන් ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතාගේ සංගීතවත් කිරීමෙන් “මේ හැන්දෑවට අතීතයක් ඇත” කියන යුග ගීතය කරුණාරත්න දිවුල්ගනගේ මහතා සමඟ මම ගායනා කරා. ස්විට්සර්ලන්තයේ ජීවත්වෙන මගේ හොඳම යෙහෙළියක් වන දීපා තිස් කුමාර සොයුරියගෙන් මට ලැබුණු තෑග්ගක් විදියට මේ ගීතය පෙන්නලා දෙන්න පුළුවන්. “සිතින් මා” යුග ගීතයත් යමුනා මහත්මියගේ පද රචනයෙන් හා ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ සංගීතවත් කිරීමෙන් ප්‍රවීණ සංගීතඥ විශාරද ලක්ෂ්මන් විජේසේකර මහතා සමග මම ගායනා කළේ. “සසර මහා දඟගේ” කියන ගීතයේත් පද රචනය කළේ යමුනා මහත්මිය. එය සංගීතවත්කරේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා. “සුන්දරම හදවත” විශාරද දර්ශන වික්‍රමතුංග මහතා සංගීතවත් කළ අතර විශාරද සුනිල් එදිරිසිංහ මහතා සමග යුග ගායනයක මම යෙදුණා. “උපනුපන් ජාති ජාති” කියන ගීතය මට ටිකක් විශේෂ ගීතයක්. මොකද කියලා කියනවා නම් මගේ ස්වාමිපුරුෂයාගේ හා යමුනා මහත්මියගේ ස්වාමියාගේ ආරාධනය මත තමයි මම විසින්ම ඒ සින්දුව සංගීතවත් කලේ. මැණිකේ වීරසිංහ මහත්මිය රචිත ගීතයක් ගායනා කිරීමට මට ආරාධනයක් ලැබුණා. ඒ ආරාධනාව මත තමයි මම “ළා සුළඟේ” කියන ගීතය ගායනා කරන්නේ. මම ගායනා කරපු සියලු ගීතයන් රචනා කළ, සංගීතවත් කළ, යුග ගායනයේ යෙදුණු, වාදනය සපයපු, පටිගත කිරීමට සහාය දුන් පිරිසටත් අනුර රසිංහ මහතාට හා සඳරුගමගේ මහතාටත් ස්තූතිවන්ත වීමට මම ඒ අවස්ථාව යොදා ගන්නවා. කිසිදු ප්‍රතිලාභයක් නැතුව මාත් එක්ක යුග ගායනයේ යෙදුණු ප්‍රවීණ ගායන ශිල්පීන්ටත් මේ මොහොතේ මම ස්තූතිවන්ත වෙනවා.
ගුරුවරියක, ගායිකාවක, තනු නිර්මාණ ශිල්පිනියක ලෙස ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමන භූමිකාවටද ? එයට හේතුවක් තිබේද ?
ගුරුවරියක් , ගායිකාවක්,තනු නිර්මාණ ශිල්පිනියක් කියන භුමිකා තුනටම මම ඒක වගේ කැමති.මේ තුනේම මම අඩු වැඩ් වශයෙන් නිරත වෙනවා. හැබැයි ගුරු භූමිකාව මට ටිකක් විශේෂ වෙනවා. මොකද කිව්වොත් මම වැඩි කාලයක් කැප කරේ, කැප කරන්නේ ගුරු භූමිකාවට නිසා. ගුරු භුමිකාව ආරම්භයේ ඉදලා මම තනු නිර්මාණය කළේ. පාසලේ දරුවන් වෙනුවෙන් ගීත නිර්මාණය කරද්දී ,ඒ දරුවන් ගීත ගායනා කරද්දී තව තවත් මට තනු නිර්මාණය කරන්න ආස හිතුණා.මම වැඩිපුර ළමා ගීත නිර්මාණය කරන්න තමයි කැමති. දරුවන් එක්ක කාලය ගත කරනකොට ජීවිතය හරි සුන්දරයි. සංගීත ගුරුවරියක් වීම නිසා ගීත ගායනය,තනු නිර්මාණය වන දෙකම අයත් වෙනවා. මගේ ජීවිතයම සංගීතය කිව්වොත් මම හිතන්නෙ හරි. මොකද මම කාලේ ගත කරන්නෙ සංගීතය සමගම නිසා. රාගධාරි සංගීතය ගායනය හැදෑරූ කෙනෙක් විදිහට ඒ රාග රසය උපරිම විදිහට විඳින කෙනෙක් තමයි මම. මොන භූමිකාවක නිරත වුවත් කරන දේ කැපවීමෙන් කරන්න ඕන. මම පද රචනයකට තනු නිර්මාණය කරද්දී එහි අර්ථය තේරුම් අරන් ගැළපෙන සංගීත භාණ්ඩ යොදා ගෙන ගැළපෙන තනුවක් නිර්මාණය කරන්න මහන්සි වෙනවා. ගුරු භුමිකාව තුළත් ළමයින්ට උපරිම ලෙස ශිල්ප ලබා දෙමින් දැනුමින්, ගුණ යහපත් කමෙන් හෙබි දරුවන් හදන්න කැපවෙනවා. විෂය සමගාමී කටයුතු සඳහා ද මම මගේ උපරිම සහයෝගය ලබා දෙනවා.ඉතිං මම මේ භූමිකා තුනේම කැපවෙලා උපරිමයෙන් කටයුතු කරනවා.ඒක තමයි මගේ සතුට.
ඉදිරි නිර්මාණ කාර්යයන් පිළිබඳව යම් ඉඟියක් දුන්නොත් ?
ඉදිරි නිර්මාණ ගැන කිව්වොත් තව ගීත කිහිපයක් ගායනා කරන්න තියෙනවා. එක ගීතයක් ගායනා කරලා ඉවරයි. තාම එළිදැක්කුවේ නැහැ. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා රචනා කරපු, ප්‍රවීණ සංගීතඥ මහින්ද බණ්ඩාර සංගීතවත් කළ “අතින් අල්ලා ගන්න බැරි” කියන ගීතය. තවත් ගීතයක් ජනගත කරන්න තියෙනවා. ඒ ගීතය රචනා කලේ ශාන්ත කුමාර විතානගේ. සංගීතවත් කළේ විශාරද නාලක අංජන කුමාර මහතා. යමුනා මහත්මිය රචනා කරපු තවත් ගීතයක් ජනගත කරන්න තියෙනවා.යමුනා මහත්මියගේ ආරාධනය පරිදි තමයි මම ඒ ගීතය ගායනා කරන්නේ. ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා සංගීතවත් කළ ගීතයක්. මාත් සමඟ එම ගීතය ගායනා කරන්නේ චන්දිම ද සිල්වා මහතා. මගේ වෘත්තිමය සේවයේ අතරතුර තවත් ගීත ඉදිරියටත් ගායනා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සරෝජා හේවාවිතාරණ නමැති ගායිකාව පිළිබඳ නැවත හැරී බැලීමේදී ඔබට තෘප්තිමත් විය හැකිද ?
අනූව දශකයේ ගුවන්විදුලි ගායිකාවක් විදිහට ක්ෂේත්රයට ආවත් වෘත්තියෙන් ගුරුවරයක් වූ නිසා ගායිකාවක් ලෙස ඉදිරියට යන්න බාධා ඇති වුණා. මෑතකදී නැවත ගීත ගායනය ආරම්භ කළාට පස්සේ මෙතෙක් ගායනා කළ ගීත පිළිබඳ නැවත හැරී බලන විට ඇත්තටම තෘප්තිමත් වෙන්න මට පුළුවන්. මේ දක්වා ගායනා කරපු ගීත මගේ යූටියුබ් චැනල් එකේ දාලා තියෙනවා. ඒ ගීත රස විඳීන්න රසිකයන්ට හැකියාව තියෙනවා. මෙච්චර කාලයක් ගීත ගායනා කරන්නේ නැතුව සිටීම ගැන රසකයින් මට ඇත්තයම දොස් පවරනවා. මම කියන්නේ හැමදේම ලැබෙන්න තියෙන කාලසීමාවේදී ලැබෙනවා. හැබැයි අපේ උත්සාහය අතාරින්න හොඳ නෑ. ආපසු ජීවිතය දිහා හැරිලා බලනකොට මම නිකං කාලෙ කාලා දැම්මා කියලා හිතන්න බෑ. මොකද මම ගුරුවරියක් විදිහට දරුවන්ගේ දෑස් පෑදීමට සමත්වෙලා තියෙනවා. ඒ ගැන මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. මේ දීර්ඝ ජීවිත චරිකාවේදී මට ගායිකාවක් විදිහට ඉදිරියට යන්න නොලැබුණත් මම ලද දෙයින් සතුටු වෙන්න පුරුදුවෙලා ඉන්න නිසා දුකක් නැහැ. ගායිකාවක් විදිහට පරක්කු වෙලා හරි ගීත ගායනා කළත්, ගායනා කරපු ගීත ප්‍රමාණය අඩු වුවත් රසිකයින්ට අර්ථ පූර්ණ ගීත කීපයක් ගායනා කරලා සමාජ ගත කිරීම පිළිබඳ මම නිහතමානීව සතුටු වෙනවා. ස්වදේශීය සේවය, රජරට සේවය, රුහුණු සේවය, ජඪබර ටථ, වෙළඳ සේවය, රංගිරි සේවය, ලක් හඬ සේවය, පල්බේ ගුවන් විදුලි නාලිකා ඔස්සේ මගේ ගීත දැනට ප්‍රචාරණය වෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකා වර්ෂා රසදුනි වත්තේගෙදර මහත්මිය, නිවේදක වසන්ත රෝහණ මහතා හා තුෂාරි පෙරේරා මහත්මියටත්, රංගිරි ටථ නාලිකා ප්‍රධානී අනුරාධ රෝහණ කපුකොටුව මහතාටත්, වරුණ මදුසංක මුණසිංහ මහතාටත්, ලක්හඬ ගුවන් විදුලියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කපිල තිලකසිරි මහතාටත්, චාමිකා මනෝජනී මහත්මිය හා මොනිකා සේරසිංහ මහත්මියටත්, රජරට සේවයේ වැඩසටහන් නිෂ්පාදක හා නිවේදක රංජිත් රූපසිංහ මහතාටත්, පල්බේ ගුවන් විදුලියේ දවසේ ගීත නිෂ්පාදිකා ටිකිරි වීරසිංහ මහත්මියටත් මේ මොහොතේ මා ස්තූතිවන්ත වෙනවා මගේ ගීත නාලිකා මඟින් විකාශය කරනවට. ඒ විතරක් නෙවෙයි ජාතික රූපවාහිනියේ කුමාර මහතාටත් චිරාන් රත්නායක මහතාටත් තියුනි රසාංගනි මහත්මියටත් එම රූපවාහිනි නාලිකාව මගින්ම විකාශය කරන “පාට පාට” ළමා වැඩසටහනේ නිෂ්පාදක සුරනිමල ජිනේන්ද්‍රසිංහ මහතාටත් ළමා දින වැඩසටහන් සඳහා මට ආරාධනා ගෙන එන කුමාර අලගියවන්න මහතාටත්, චරණ ටීවී උදා ඉරේ “සහෘදයා” වැඩසටහනේ නිෂ්පාදක සමරකෝන් මහතාටත් මේ මොහොතේ මා විශේෂ ස්තුතියක් පුදකරනවා ඔවුන්ගේ නාලිකා ඔස්සේ මගේ ගීත විකාශනය කිරීම සම්බන්ධව.
වර්තමානයේ කලාවට, සංගීත ක්ෂේත්රයට පිවිසෙන නවක පරපුර පිළිබඳ ව ඔබේ අදහස පැහැදිලි කළොත් ?
ඇත්තටම අද ඉතා දක්ෂ ගායන හැකියාවක් ඇති ගායක ගායිකාවන් , තනු නිර්මාණයේ යෙදෙන දක්ෂ සංගීතඥයින්, වාදන ශිල්පීන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව නොමැති වීම මම දකින අඩුපාඩුවක්. එදා ක්ෂේත්රයට පිවිසෙන අයට තමන් කළ නිර්මාණ ගුවන් විදුලිය හරහා ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණ ඉදිරියට කරගෙන යන්න, ජනප්‍රිය කරගන්න ඔවුන්ට පහසුවුණා. වර්තමාන පරපුරේ දක්ෂ දරුවන් හිටියත් ඔවුන්ට තමන්ගේ නිර්මාණය ඉදිරියට කරගෙන යාමට බාධා ඇති වෙනවා. ඒ හින්දා ගොඩක් දරුවන් රියලිටි වැඩසටහන් වලට සහභාගී වෙලා ඒ මඟින් ජනප්‍රියත්වය ලබා ඉදිරියට යන්න පෙළබෙනවා. මම ගුරුවරියක් නිසා මගෙන් ඉගෙන ගන්න දරුවන්ගේ දෙමව්පියන් මාත් එක්ක කියන දේවල් නිසා තමයි මම මෙහෙම කියන්නෙ.ඇත්තටම රියැලිටි වැඩසටහන් වලට දරුවන් සහභාගී වෙනවට මගේ විරුද්ධත්වයක් නෑ. පෞද්ගලිකව මම රියැලිටි වැඩසටහන් වලට සහභාගී වෙන දරුවන්ට උදව් කරලා තියෙනවා. මේ දේවල් වලින් ඉදිරියට ගිහින් තමන්ගෙ අනන්‍යතාවය රැකගෙන වැඩ කරන්න ඕන කියන එකයි මගේ අදහස. දරුවන්ගෙ ගුරුවරියක් වගේම කලාවට මම ආදරය කරන නිසයි මෙහෙම කියන්නෙ. දරුවන්ගේ නිර්මාණයන් ඔවුන්ට එළි දැක්වීමට මුල්‍යමය වශයෙන් ඇති ගැටලු හේතුවෙන් තමන්ගේ නිර්මාණයන් සමාජ මාධ්‍ය ගත කරමින් ඉදිරියට යාමට මඟ පාදා ගන්නවා. නවක පරපුර අතර යන මඟ ගැන තේරුම් ගත් පිරිසක් ඉන්නවා. ඒ ගැන මට සතුටුයි. ගීතයක් සාර්ථක වීමට නම් ගායනය විතරක් නෙවෙයි එහි පද මාලාව, සංගීතය, ගායනය යන තුනම සාර්ථක වෙන්න ඕන.එතකොට තමයි ගීතයක් සාර්ථක වෙන්නෙ.
ඔබේ පවුල් දිවිය පිළිබඳ හා පවුලෙන් ඔබට ලැබෙන සහයෝගය පිළිබඳ පැවසුවොත් ?
අද මම ලබාගත් දෙයක් තියෙනවා නම් මම ඒ හැම දේම ලබා ගත්තේ මගේ අම්මා තාත්තා නිසා. අද ඒ දෙන්නම ජීවතුන් අතර නැහැ. මගේ තාත්තාට තිබුණ හැකියාව තමයි මට ඇවිත් තියෙන්නේ. ඒ දෙන්නම මගේ හැකියාවන් අඳුරගෙන මාව සංගීතයට යොමු කරා. ඒ නිසා තමයි මගේ මේ ගමනට පදනම වැටුණේ. මගේ අම්මා ලීලා හේවාවිතාරණ. ඇය ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්. මගේ තාත්තා ටී.හේවාවිතාරණ. ඔහු සමූපකාර දෙපාර්තමේන්තුවේ සමූපකාර සමිති පරීක්ෂකවරයෙක්. ඔහු විශ්‍රාම යන විට ගණකාධිකාරවරයෙක්. මගේ අම්මටයි තාත්තටයි මම හැමදාම ණයගැතියි. මගේ අයියා උපුල් හේවා විතාරණ. ඔහුත් මගේ සාර්ථකත්වයට උදව් කරනවා. අයියා වෘත්තියෙන් වීඩියෝ හා ඡායාරූප ශිල්පීක්. මගේ ස්වාමිපුරුෂයා තමයි මගේ ළඟින් ඉදන් මගේ හැකියාවන් දක්ෂතාවයන් තේරුම් අරන් මට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලබා දෙන්නේ. විවාහ දිවියෙන් පසුව තමයි මම නැවත ගීත ගායනා කළේ. ඔහුගේ ඉල්ලීම පරිදි ද මම ගීත ගායනා කිරීම් තනු නිර්මාණය කිරීම් සිදුකරලා තියෙනවා. මගේ නැගණියගේ පුතා ලංකිත අඹවත්ත. ඔහුද මගේ ගීත වීඩියෝ ගත කිරීම්වලට උදව් කරමින් මට සහයෝගය ලබාදි තියෙනවා. සංගීතයට සම්බන්ධ නොවුණත් මගෙයි, ස්වාමි පුරුෂයාගේ සහෝදර සහෝදරියනුයි මගේ ගීත රස විඳිමින් ගීත අගය කරනවා. ඉතින් මගේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මට විශාල ශක්තියක්. මුදුන් මුලක් තියන පැලයක් කාලයාගේ ඇවෑමෙන් අතු පතර විහිදි ගිහින් ලොකු ගසක් බවට පත් වෙනවා වගේ මමත් මගෙ පවුලේ අයගෙ, යහළුවන්ගෙ, ගුරුවරුන්ගේ, මට වචනයකින් හරි උදව් උපකාර කරන, මට හයියක් වෙන හැමෝගෙම සහයෝගය අරන් සරෝජා හේවාවිතාරණ කියන නමින් ගුරුවරියක්, තනු නිර්මාණ ශිල්පිනියක්, ගායිකාවක් විදිහට සමාජයේ ස්ථාවර වෙනවා. මට උදව් උපකාර කරලා තියන නම් කියවුණ නම් නොකියවුණ හැමෝටමත් මේ මොහොතේ නැවත වරක් මම ස්තූතිවන්ත වෙනවා.
විද්‍යාර්ථි තිලක්ෂි රත්නායක
කැලණිය විශ්වවිද්‍යාලය
ජනසන්නිවේදන අධ්‍යයනාංශය