ව්‍යවසායිකාවක් ලේඛිකාවක් වන ඈ පාසල් ශිෂ්‍යාවක්ව සිටින අවධියේම ලේඛන කලාවට අත්පොත් තබනුයේ නිසදැස් රසිකාවියක් ලෙසිනි. පාසල් අධ්‍යාපනය අවසන් කරන ඈ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබමින්ම රාජ්‍ය සේවයේ රැකියාවක නිරත වන්නේ ද තමන් මහත් අභිරුචියක් දක්වන ලේඛන කලාවට ප්‍රමුඛත්වය දෙමිනි. ‘නුඹව පමණක් සොයමි” කාව්‍ය සංග්‍රහය සමඟින් ඈ හා පුරා කියා. ග්‍රන්ථ කර්තෘවරියක් බවට පත්වන්නේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුහුණු පොතේ ඇය මම කියා විශාල පාඨක ප්‍රජාවක් එකතු කරගනිමිනි. නිසදැස් රචිකාවක් ලෙසින් සමාජ මාධ්‍යයේ ජනපි‍්‍රය ලේඛිකාවක් බවට පත්වන ඈ හා පුරා කියා නවකතා රචනයට පිවිසෙන්නේ ඇගේ කුලුඳුල් නවකතාව වූ නුවරක සෙනෙහස කෘතියක් සමඟිනි.
ඇගේ එම කුලුඳුල් නවකතාවට නොසිතූ පාඨක සංඛ්‍යාවක් ප්‍රතිචාර දැක්වීම නිසාවෙන් ඉතාම කෙටි කාලයක් තුළ ඇයට එහි තෙවන මුද්‍රණය දක්වා කඩිනමින් යාමට සිදවුුයේ ඈ වටා නිරන්තරයෙන් රොක් වන පාඨක ඉල්ලීම් නිසාමය. මේ වන විට රාජ්‍ය සේවයෙන් ද සමුගෙන ව්‍යවසායිකාවක්ව දිගැසි ප්‍රකාශන නමින් පොත් ප්‍රකාශන ආයතනයක හිමිකාරියක් වී සිටින ඈ නමින් දිගැසි පබසරා අමසිංහය.
දිගැසි මේ දවස්වල අලුත්ම තොරතුරු කොහොමද?
මගේ දිගැසි ප්‍රකාශන ආයතනයේ වැඩකටයුතුත් එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා.
මේ දවස්වල ආයතනයේ කාර්යබහුලත්වය තුළම මම නවකතා තුනක් ලියමින් ඉන්නවා. ඊට අමතරව මගේ මුල්ම නවකතාව වූ “නුවරක සෙනෙහස” කෘතියේ තෙවන මුද්‍රණයත් කරමින් ඉන්නවා. ඊට අමතරව වෙනත් ලේඛකයන් ලේඛිකාවන් කීප දෙනෙකුගේ නවකතා කීපයක්ම දිගැසි ප්‍රකාශන හැටියට ඉදිරියේදී නිකුත් කරන්න අවශ්‍ය මුද්‍රණ කටයුතු ප්‍රචාරන කටයුතු සැලසුම් කරමින් ඉන්නවා.
දිගැසි අද වෙනකොට ඔබ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය හිමිකාරිණියක් වගේම ජනපි‍්‍රය ලේඛිකාවක්? ඔබ මේ අංශ දෙකෙන් කුමන පැති කඩකින් ද මේ සාර්ථක ගමනට ප්‍රවිෂ්ට වුණේ?
ලේඛිකාවක් ලෙස තමයි. මම මේ සාර්ථක ගමනේ ඇරඹුම පටන් ගන්නේ නිසදැස් ලේඛිකාවක් ලෙස ලේඛන කලාව තුළ නියැළීමේදී මම මගේම පොතක් කරගන්න ගියහම විදින දුක් ගැහැට හැල හැප්පීම් වලින් ලබපු අත්දැකීම් පන්නරය මත තමයි. මගේම කියල ප්‍රකාශන ආයතනයක් මම ආරම්භ කළේ.
දිගැසි අධ්‍යාපනය ලැබුවේ කෙහෙද ගම් පලාත එහෙම ?
මගේ ගම පුස්සැල්ලාව නුවරත් නුවරඑළියත් අතර තමයි ගම පිහිටල තියෙන්නේ. පහවසර වෙනකන් මම ඉගෙන ගත්තේ පුස්සැල්ලාව ශුද්ධ ත්‍රිත්ව විද්‍යාලයේ ඊට පස්සේ පහවසර ශිෂ්‍යත්වය සමත්වෙලා මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තා විද්‍යා විෂයන් වලින් තමයි මම උසස් පෙළ හැදැරුවේ.
විද්‍යා විෂයන් ඇසුරේ අධ්‍යාපනය ලැබු ඔබ අද වෙනකොට කලාක්ෂේත්‍රයට නැඹුරුතාවක් ඇති පැතිකඩක් තෝරාගත්තේ?
මම ලියන්න හරිම කැමැති කෙනෙක්. මගේ ලේඛන කලාවේ ඇරඹුම පටන් ගන්නේම 1995 වර්ෂයේ ඒ වෙනකොට මම අට වසරේ පාසල් ශිෂ්‍යාවක්. ඒ අවධියේ පටන් මම නිසඳැස් ලියනවා. එක පැත්තකින් ඒ කාර්ය මගේ ජිවිතයේ කොටසක් බවට පත් වෙලා තිබුණා. පත්තරවලට මම නිසදැස් ලිව්වා. ඒවා සමහර පුවත්පත්වල පළ වී තිබුණා. මම ලියන නිසඳැස් පත්තරේ පළවෙනකොට මම තවතව ලියල ඒ පත්තර වලට තැපැල් කරල ඇරියා. ඔය අතරේ 1997 දී මම සිරිකත පත්තරයට ලියපු නිසඳැසක් වෙනුවෙන් මට දයාවංශ ජයකොඩි සමාගමෙන් තිළිණයක් ලැබුණා. ඒ නිසැඳැසට මට තිළිණයක් ලැබිමත් සමඟ මගේ හිතේ ලොකු පිබිදීමක් ඇතිවුණා. මටත් ලියන්න පුළුවන්නේ ඇගැයුමක් ලබන්න කියලා මට මම ගැන ආඩම්බරක් මුලින්ම ඇතිවුණේ ඔන්න ඔය සිද්ධියත් සමඟ.
දිගැසිගේ් පවුල් පසුබිම තුළ කලාවට නැඹුරුවක් දකින්න තිබුණද?
මගේ සීයා ආරියවංශ ධර්මතිලක අමරසිංහ එවක අග නුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා සීයා නිරන්තරයෙන් ලේඛන කලාවේ නියැළි පුද්ගලයෙක්. මගේ තාත්තා අම්මා ඇතුළු කවුරුවත් ලේඛන කලාවට තියා මොනම කලාකටයුත්තකටවත් දායක වීමක් නොකළ අය ඔවුන් ව්‍යාපාරිකයන්. නමුත් 1995 පටන් සීයා මගේ හැකියාව හඳුනාගෙන ඉන්නවා. නමුත් මම මම ගැන හඳුනාගන්නේ 1997 දී එතැන් පටන් මම දිගින් දිගටම ලියන්න පටන් ගන්නවා. කවි නිසදැස් කුඩා නවකතා, කෙටි කතා මේවා ලියල මම පාසලේ යාළුවන්ට දෙනවා කියවන්න. පාසල් ශිෂ්‍යාවක්ව හිදිමින්ම තමයි මම ලේඛන කලාව පටන් ගත්තේම.
ඔබේ ලේඛන කලාවේ ඇරඹුමට උත්තේජනයක් මුලින්ම ඇති වෙන්නේ?
මගේ සීයා හරියට ලේඛන කලාවේ නියැළියා අල්මාරි පුරවපු පොත පත සීයාගේ කාමරය තුළ මම දැක්කා. සීයා ලේඛන කටයුතු කරන හැටි මම නිතර දැක්කා. මේ ආභාසය මාවත් ඒ සඳහා යොමු කළා කිව්වොත් නිවැරදියි. මම අපේ පරම්පරාවෙන් අයිතිවන්නේ තෙවන පරම්පරාවට තාත්තාගේ පරම්පරාවේ කවුරුවත් ලියන අය හිටියේ නෑ. සීයාගෙන් පස්සේ මම තමයි අපේ පරම්පරාවේ ලියන කෙනා වුණේ.
පාසලේ ශිෂ්‍ය ප්‍රජාව අතරේ ඒ වනවිට ඔබ ජනප්‍රිය ලේඛිකාවක්?
එහෙම නොවුණේ නෑ කිව්වොත් ඒක මුසාවක් මම ලිව්ව බොහෝ නිසදැස් වල මුල්ම පාඨක පිරිස වුණේ මගේ පාසල් මිත්‍රයෝ. මම මුලින්ම නවකතාවක් ලියන්නේ පාසල් ශිෂ්‍යාවක් ලෙස ඉන්දැද්දි. ඒක ප්‍රකාශයට පත් නොවුණත් ඒක තමයි මගේ අප්‍රකට කුලුඳුල් නවකතාව. මගේ යෞවනයත් සමඟ අපේ යෞවන සිතුම් පැතුම් මත තමයි මගේ ඒ නවකතාව ලියවුණේ. පාසලේ මගේ යාළුවන් අතර ඒ නවකතාව ගොඩක් ජනපි‍්‍රය වුණා. අතින් අත යමින් පොත හුවමාරුවෙමින් දිගින් දිගටම මගේ කුලුඳුල් නවකතාව කවුරුත් කියවා රසවින්දා මටත් විහිළු තහළු කරමින්. නව කතාවට මම නමක් දාල තිබුණේ නෑ. අදටත් මේ නවකතාව කා ළඟ තියනවද කියල දන්නෑ. මම යෞවනියක් හැටියට ඒ ලිව්ව නවකතාවේ චරිත වෙලා තිබුණෙත් අපි අතරම සිටි යෙහෙළියන්. අපේ සිත්වල යටිහිතේ තිබුණු පිරිමි ළමයි තමයි මගේ අතින් ලියවුණු ඒ මුල්ම නවකතාවේ චරිත වුණේ 1999 වසරේ තමයි මම ඒ නවකතාව ලියන්න පටන් ගත්තේ. කතාව ලියා අවසන් කළේ 2000 වසරේදී. 2001 වසරේ මම පාසල් අධ්‍යාපනයට සමුදෙනවා උසස් පෙළ හැදෑරීමත් සමඟ.
පාසලෙන් බැහැරවීමත් සමඟ ඔබේ ලෝඛන කලාවට විරාමයක් තබනවද?
ඔව්. කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. බොහෝවිට ලියන එක මන්දගාමී වෙනවා මොකද මම ලියන දේ කියවන්න කවුරුවත් නැතිවීම යාළුවොත් හමුනොවන තත්ත්වයත් තුළ මාවත් එයින් නොදැනීම අතරමඟ නතර වීමත් සිද්ධ වෙනවා.
පාසලෙන් සමුගැනීමත් සමඟ ඔබේ කල දවස ගෙවී ගියේ?
මට රැකියාවක් ලැබුණා. ගම්පළ උඩ පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරග විභාගයකින් පසු වැඩිම ලකුණු ලබාගත් අයට තමන් පදිංචි ප්‍රදේශයේ රජයේ රැකියාවක් ලබාදුන්නා. ඔය අතරේ මම ශ්‍රි ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හැදෑරුවා වාණිිජ අංශයෙන් ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන්. එයින් මම උපාධිය ලබාගත්තා. 2009 වසරේ අවසානයේ පන්ති සමාර්ථ්‍යයක් සමඟින්.
2009 වසර ඔබට සුවිශේෂි වසරක්?
මම ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් පන්ති සමාර්ථ්‍යයක් ඇතුව උපාධිය ලබාගත්තේ මේ වර්ෂයේ ඒ වගේම මගේ විවාහ මංගල්‍යය සිද්ධ වෙන්නෙත් මේ වර්ෂයේදීමයි. යෝජිත විවාහයක් මත මම විවාහ ගිවිස ගන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ජෙට් ප්‍රහාරක නියමු නිලධාරියකු වූ මහේෂ් මාලිංග සේනානායක සමඟ අද මගේ සැමියා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක පහ ප්‍රහාරක බලඇණියේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වශයෙන් කටයුතු කරනවා. විවාහයත් සමඟ මම කටුනායක පදිංචියට ආවා. මම රැකියා කළ ස්්ථානයෙන් මාරුවක් ලැබ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවට පැමිණියා. ඔය අතරේ මම 2011 වසරේ දියණියක් ලැබ මව් පදවියට හිමිකම් ලබාගත්තා. දුව ලැබීමත් සමඟ මම රැකියාවෙන් ඉවත් වුණා. මගේ පහසුව තකා.
රැකියාව, විවාහය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ලේඛන කලාවෙන් දුරස් වී සිටි ඔබ නැවත ලේඛන කලාවට අවතීර්ණ වුණේ කොහොමද?
හැම කෙනාගේම අතේ දුරකථනයක් රැදෙන්න පටන් ගන්නකොට ලංකාව පුරා සමාජ මාධ්‍ය ජාලය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්වෙනකොට නැවතත් මම ලියන්න පටන් ගත්තා සමාජ මාධ්‍ය වෙත. ෆෝන් එකෙන්ම තමයි මම ලියන එකත් කළේ. ආයෙත් මම නිසඳැස් ලියන්න පටන් ගත්තා මුහුණුපොතට මුහුණපොත හරහා මට පරණ යාළුවෝ හමුවුණා. ඒ හමුවත් සමඟ ඔවුන් මට නිරන්තරයෙන් කිව්වා අතීතයේ සිද්ධි මතක් කරමින් ආයෙත් ලියන එක දිගටම කරන්න කියලා. ඒ උනන්දු කිරිම් මධ්‍යයේ මම නැවතත් නිසදැස් ලිව්වා මුහුණු පොතට.
මොන මොන තේමාවන් මුල් කොටගෙන ද ඔබේ නිසඳැස් ලියවුණේ?
මම දවස පුරා දකින දේවල් බාහිර පරිසරය තුළ දකින දේවල් මට නින්ද යනතුරා මම දකින දේට අමතරව මගේ තුළ ඇති වෙන සිතුවිල්ලක් මගේ නිර්මාණ සඳහා පාදක වුණා. මට විශේෂයෙන් කියල ලියන්න වෙලාවක් අවශ්‍ය වුණේ නෑ. මෑත කාලයේ නම් මම හුරුවෙලා ඉන්නේම ෆෝන් එකෙන් ලියන්න. කොලවල ලියන එක හරි අඩුවුණා. සමාජ මාධ්‍යයේ ලියන්න පටන් ගත්තට පස්සේ මම දකින දෙයක් ගැන මගේ හිතේ ඇති. සිතුවිල්ලක් වෙන මම වචන වලට පෙරලල නිසඳැසක් විධියට සමාජ මාධ්‍යයට මුදා හරිනවා මට ලැබෙන පුංචි ඉඩ කඩදී.
පාසල තුළට පමණක් සීමා වූ ලේඛිකාවක වී සිටි ඔබ ග්‍රන්ථ කර්තෘවරියක් බවට පත්වන්නේ කොහොමද?
මම 1982 වර්ෂයේ ඉපදුණු කෙනෙක්. අපේ 1982 වසරේ ඉපදුණු අයගේ ෆේස්බුක් ගිණුමක් තියනවා. මේ ෆෙස්බුක් ගිණුමේ නිර්මාතෘ තමයි තේජන අබේදීර මේ ෆේස්බුක් ගිණුමේ අද වෙනකොට සාමාජිකයන් වෙලා ඉන්න පිරිස දහදාහකට එහා අපේ වසරේ ඉපදුණු පිරිසක් ඉන්නවා. මෙන්න මේ 82 ෆේස්බුක් කණ්ඩායම අපිට ප්ලැට් ෆෝම් එකක් වුණා. අපේ නිර්මාණ එළියට ගේන්න මේ ප්ලැට් ෆෝම් එකට ලියල දානකොට පුදුම විධියට කට්ටිය ආකර්ෂණය වුණා මගේ නිසදැස් නිර්මාණ කෙරෙහි. ඉතිං මේ වේලාවේ මේ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් මට ඉල්ලීමක් ආවා ඔය ලියල දාන නිර්මාණ එකතු කරල පොතක් කරන්න කියලා. මේ අදහස මට දැඩිව ඉදිරි පත්කළොත් මේ ෆේස්බුක් ගිණුමේ නිර්මාතෘවරයා වු තේජන අබේදීර.
සමාජ මාධ්‍ය ජාලයේ ඔබේ පාඨකයන්ගේ දැඩි ප්‍රයන්නය නිසාම ඔබ පොතක් මුද්‍රණය කළාද?
ඔව්. මගේ මුල්ම පොත 2001වසරේ කවි පොතක් හැටියට ‘නුඹව පමණක් සොයමි’ නමින් කාව්‍ය සංග්‍රහයක් මම එළිදැක්වුවා. සමාජ මාධ්‍යයට ඒ වෙනකොට මම ලියල තිබුණු නිර්මාණ වලට අමතරව තවත් අලුත් නිර්මාණ කීපයක්ම එකතු කරල.
‘නුඹව පමණක් සොයමි’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩියේ ඔබේ සමාජ මාධ්‍ය පාඨක පිරිස් පෙරටු කොටගෙනද?
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී තමයි. ‘නුඹව පමණක් සොයමි.’ මම ග්‍රන්ථයක් හැටියට ජනසතු කිරිමක් සිද්ධ කළේ. මුළු ලංකාව පුරාම විසිරිලා හිටිය. 82 කණ්ඩායමේ සමාජ මාධ්‍ය මගේ රසික පාඨක ප්‍රජාවගේ මුලිකත්වයෙන් තමයි මේ ජනගත කිරිම සිදුවුණේ. බොහෝ මගේ පාඨක සමාජ මාධ්‍ය රසික රසිකාවන් එදා තමයි මුල්වරට හඳුනාගෙන කතා බස් කළෙත්. අදටත් මේ 82 කණ්ඩායමේ සහයෝගය මට තියනවා. මගේ ලේඛන කලාව ඉදිරියට යන්න අද මගේ ශක්තිය වෙලා තියෙන්නේ මේ 1982 වසරේ ඉපදුණු ලංකාව පුරා විසිරී සිටින ෆේස්බුක් ප්‍රජාව.
2012 වසරේ කාව්‍ය සංග්‍රහයක් ඔස්සේ ග්‍රන්ථ කර්තෘවරියක් ලෙස හා පුරා කියා පියනඟන ඔබේ ඊළඟ වෑයම තවත් කාව්‍ය සංග්‍රහයක්මද?
නෑ නවකතාවක්. මම පළවෙනි නවකතාව විධියට පාසල් කාලයේ රචනා කිරිමක් කළත් ප්‍රකාශනයක් හැටියට එය එළිදැකවීමක් කරල තිබුණේ නෑ. ප්‍රකාශනයක් විධියට මම නවකතාවක් ලියා පළ කරන්නේ 2022 වසරේ ‘නුවරක සෙනෙහස’.
ප්‍රකාශනයක් හැටියට පලවන ඔබේ මුල්ම නවකතාවට කොහොමද ලැබුණු පාඨක ප්‍රතිචාර?
මට හිතාගන්නත් බැරිව ගියා මාස තුනක් ඇතුළත නුවරක සෙනෙහස ප්‍රථම මුද්‍රණය විකිණි අවසන් වුණා. ඊට පස්සේ මම දෙවන වරටත් එය මුද්‍රණය කළා. ඒකත් ඉතාම කෙටි කලකින් විකිණි අවසන් වුණා. දැන් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි තෙවන මුද්‍රණයටත් මම සුදානම් වෙලා ඉන්නේ මේ වෙනකොට.
ඔබේ මුල්ම නවකතා ප්‍රකාශනය මෙතරම් ජනපි‍්‍රය වන්නට හේතුව ලෙස ඔබ දකින්නේ?
මෙහි අන්තර්ගත කතාව මගේ අත්දැකීමක් නොවෙයි. හැබැයි මේ සඳහා මගේ යාළුවෙක්ගේ අත්දැකීමක් මෙයට පාදක වුණා මානසිකව්‍යාධියකින් පෙළුණු මගේ පිරිමි යාළුවෙක්. ඔහුගේ පෙම්වතිය අතර තිබු සම්බන්ධයක් මේ ප්‍රේමය අතරමඟදී කැඩී ගියා. මගේ මිත්‍රයා තුළ තිබු මානසික ව්‍යාධිය නිසාවෙන් මේ සිද්ධිය පාදක කරගනිමින් නුවර පළාතේම වූ සිද්ධියක් මම ඒ පරිසරය පාදක කරගනිමින් මේ නුවරක සෙනෙහස ගොඩනැගුවා කියවන පාඨකයට දැනෙන විධියට වචන වලට පෙරළමින්.
මුල්ම නවකතා ප්‍රකාශනයට ඔබට ලැබුණු පාඨක ප්‍රතිචරයත් සමඟ තවත් එවැනිම නවකතාවක් රචනා කරන්න ඔබ පෙලඹුණාද?
ඔව්. 2024 වසරේ මම ‘අසං ජානනී’ නමින් තවත් නවකතාවක් ලියා පාඨකයන්ට තිළිණ කළා. මේ කෘතිය සඳහාත් මේ වනවිට මට ඉහළ ප්‍රතිචරයත් ලැබෙමින් පවතිනවා.
නුවරක සෙනෙහස, අසංජානනී වැනි නවකතා රචනයට ඔබව පෙලඹවීමක් සිද්ධ කළෙත් අර ඔබ උපන් වර්ෂයේම සමාජ මාධ්‍ය පාඨක ප්‍රජාවමද?
ඒ අයත් මට යෝජනාගෙන ආවා. ඔය අතරේ විශේෂයෙන් සඳහන් කළ යුතු දෙදෙනෙක් සිටිනවා. මේ දෙදෙනාවම මම හඳුනාගන්නේ ෆේස්බුක් හරහා ඔවුන් දෙදෙනාම මගේ ෆේස්බුක් නිර්මාණ දැකල තමයි මුලින්ම මට කතා කළේ. එයින් එක් කෙනෙක් තමයි සිරස මාධ්‍ය ජාලයේ නිහාල් වික්‍රම එදිරිසුරිය ජනමාධ්‍යවේදියා. ඔහු මාව දිරිමත් කළා දිගින් දිගටම මේ කාර්ය ඉස්සරහට කරගෙන යන්න කියල. මගේ මුල්ම නවකතාවේ සෝදුපත් පවා බලල මට ශක්තියක් එක් කළේ නිහාල් වික්‍රමඑදිරිසුරිය අයියා. අනෙක් කෙනා තමයි සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාධ්‍යවේදිනික වු නිරෝෂා රාජපක්ෂ. ඇයව මම දැනගෙන හිටියෙත් නෑ. නමුත් ඇය මගේ නිසදැස් කවි කියවලා මා ගැන හොයල බලල මගේ ලේඛන කලාව සමාජගත කරගන්න මට ලොකු ශක්තියක් ලබාදුන්නා මාධ්‍ය පැත්තෙන්. ලේඛිකාවක් ලෙස එළියට ඇවිත් නොතිබුණු අවධියක මාව සමාජය ඉදිරියේ ඔසවා තබන්නට මට යෝධ ශක්තියක් එක්කළ මේ දෙපළ මම කෘතවේදීව මේ වේලාවේ සිහිපත් කරනවා. මේ අය නිසා තමයි මම ඉතාම කෙටි කාලයක් තුළ මේ වගේ ලොකු ගමනක් ඇවිත් තියෙන්නේ.
කාව්‍ය සංග්‍රහයක් සමඟ නවකතා පොත් දෙකක් පාඨක ප්‍රජාවට තිළිණ කර ඇති. දිගැසි පබසරා ඉදිරියටත් වෑයම් කරන්නේ නවකතා පමණක් ලියා පළ කරන්නද?
මේ වනවිට මම නවකතා තුනක් ලියමින් ඉන්නවා. කෙටි කතා සංග්‍රහයකුත් ලියා අවසන් කරල තිබුණත් මුද්‍රණය සඳහා තවම අරගෙන නෑ. මම හිතනවා මම කෙටි කතා වලට වඩා නවකතාවලට සාර්ථකභාවයක් දක්වනවා කියලා. ඒ නිසාම මම කෙටි කතාව පැත්තක තියල නවකතාව හඹා යනවා.
ඔබට සුවිශේෂි හැකියාවක් තියනවද නවකතා තුනක් එකවර ලියන්න?
මගේ මේ නවකතා පැතිකඩවල් තුනක් ඔස්සේ ලියවෙන්නේ සමාජයේ තිබෙන අසම්මත ප්‍රේමයක් නිසාවෙන් පවුල් ජිවිතයට එය කොතරම් බලපෑමක් කරනවාද කියල තමයි මගේ අසංජානනී නවකතාවෙන් කතා කළේ. නුවරක සෙනෙහස නවකතාව තුළ යෞවන පේ‍්‍රමය හා මානසික ප්‍රශ්නයක් තුළ මේ ප්‍රේමය බිද වැටෙන්නේ ඇයි ද කියල මම කතා කළා. දැන් ලියැවෙන නවකතා තුන වෙනස්ම මාතෘකා තුනක්. එයින් එක නවකතාවක් තමයි “සප්තභාරී” මේ තුළ මම නැන්දම්මා ලේලී ප්‍රශ්නය ගෙදරක බලපාන හැටි කතා කරනවා. අනික් නවකතාව තමයි රොබරෝසි. “මේ තුළ පාසල් දෙකක් අතර යෞවන පේ‍්‍රමයක් ගැන කතා කරනවා. තෙවන නවකතාව වන්නේ බිනර මේ තුළ මම ලිංගික සංක්‍රාන්තියක් සිදුවන පුද්ගලයෙක් පිළිබඳ කතා කරනවා.
ව්‍යවසායිකාවක් හැටියට ඔබ මොනවගේ කටයුතක්ද කරන්නේ?
මම ග්‍රන්ථ ප්‍රකාශකවරියක්. මගේ ප්‍රකාශන නම් කරල තියෙන්නේ දිගැසි නමින්. 2024 මැයි 10 වැනිදා තමයි මම දිගැසි ප්‍රකාශන පටන් ගත්තේ කටානේ තමයි දැනට ආයතනය පවත්වාගෙන යන්නේ.
දිගැසි ප්‍රකාශන හැටියට ඔබ ආයතනයක් පටන් ගන්න හිතුවේ?
මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එනකොට මට විදින්න සිදුවෙච්ච අකටයුතුකම් නිසාවෙන් තමයි මම හිතුවේ කවදා හෝ මමත් පොත් ප්‍රකාශකවරියක් වනවා කියලා. මට අත්දැකිම් නොතිබු අවධියේ පොතක් මුද්‍රාණය කරගැනීමේදි ප්‍රකාශක සිදුකළ නොයෙක් වංචා අකටයුතුකම් නිසාවෙන් මට ඇති වූ පාඩුව කලකිරිම මාව මේ තැනට ගේන්න හොඳ පන්නරයක් ඇති කළා. ඒ ලබපු පන්නරය නිසාවෙන් අද මම ප්‍රකාශන ආයතනයක හිමිකාරියක් වෙලා තියනවා. අද මාව කාටවත් වංචාවකින් වට්ටන්න බෑ. මම මේ ක්ෂේත්‍රයේ සිදුවන හැම අකටයුත්තක් ගැනම හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙක්. මගේ ආයතනය තුළ සේවයක් ලබාගන්නට. එන ඕනෙම ආධුනික කෙනෙකුට මම ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදනයක් ඉහළම කොලිටියන් දෙන්න තමයි ඇප කැප වෙලා ඉන්නේ. මනුස්සයෙක් ජිවිතයේ පොතක් කරන්නේ හරිම ආශාවෙන් සමහරවිට ඒ පුද්ගලයාගේ ජිවිතයේ කරන එකම පොතත් එය වෙන්න පුළුවන්. ඔහු හෝ ඇය හම්බ කරන හැම සතයකටම වංචාවක් නොවෙන්නත් ඕනේ. ඔය හැම දේම ගැන හිතල තමයි මගේම ආයතනයක් පටන් ගත්තේ.
දිගැසි ප්‍රකාශකයෝ ඔස්සේත් මේ වනවිට ඔබ ඔබේම කෘතිය එළිදක්වලා තියනවද?
ඔව්. මගේ නුවරක සෙනෙහස දෙවන මුද්‍රණයේ ඉදලම මම මගේ පොත් එළිදැක්වුයේම දිගැසි ප්‍රකාශන ලෙස මුලින්ම මම මේ පොත කළේ කර්තෘ ප්‍රකාශකනයක් ලෙසින් මගේ දෙවැනි නවකතාව අසංජානනී දිගැසි ප්‍රකාශයක් ලෙස නිකුත් කළා. මගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වූ නුඹ පමණක් සොයමි. මම නැවත එහි කවරය වෙනස් කර තවත් අලුත් කාව්‍ය නිර්මාණ කීපයකුත් එකතු කරල නව මුහුණු වරකින් නිකුත් කරනවා. දිගැසි ප්‍රකාශනයක් ලෙස.
දැනට මගේ නොවන කෘතීන් ලෙස කල්පනී කවි රාජගේ රචනා කළ “හන්තානේ මෙහා ඉඳන්” ධාරා ආදිතී විසින් රචනා කළ ‘මායාවී නුඹ මගේ” නවකතා කෘති දෙක දිගැසි ප්‍රකාශනයක් ලෙස මේ වනවිටත් එළිදක්වා තියනවා.
ඔබ වගේම ඔබේ පුංචි දියණියත් අද ලේඛිකාවක් බව ආරංචියි?
මගේ පොඩි දුව තරුලි මිහිනදී සේනානායක කොළඹ විශාඛා විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දුව අවුරුදු හතරේ ඉඳල පුංචි පුංචි කවි ලියන්න පටන් ගත්තා. මමත් දුවගේ හැකියාවන් පුංචි සන්ධියේ ඉඳලම දැක්කා. මාත් ඒ වෙනුවෙන් දුවට අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. දුවට වයස අවුරුදු අටයි. මගේ අම්මා… කියල තමයි දුව මුලින්ම කවි පන්තියක් ලිව්වේ. මගේ සීයා මාව හඳුන ගත්තාසේම මමත් දුවව හඳුනාගත්තා කල් තියාම මට මාව හඳුනාගන්නත් ගොඩක් කල් ගියානේ. නමුත් බබාගේ දක්ෂතාව මම හඳුනාගත්තට පස්සේ දුවට මම කිව්වා ඔයාට හිතන දේ ලියන්න කියලා. මගේ ෆෝන් එකේ නෝට් පෑඩ් එක ඔන් කරලා තමයි. දුව මොනව ලිව්වත් ලියන්නේ එයා ලිව්ව දේ පොඩි තැන් කීපයක් විතරයි මට හදන්න තිබුණේ මම දුවගෙන් ඇහුවා මේ ලිව්ව එක පොතක් කරල දෙන්නද කියලා. දුව ඒකට ගොඩක් සතුටු වුණා. මට එයාගේ උපන්දිනයට ඒ දේ කරල දෙන්න ඕනෙ කළා. මගේ දිගැසි ප්‍රකාශනයක් හැටියට ඒ දවසට එළිදක්වන්න අපහසු වුණා. රටේ ගංවතුර තත්ත්වයක් නිසාවෙන්. නමුත් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ අවසානයේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී එයාගේ යාළුවන් පාසලේ ගුරු භවතුන් සමඟින් උත්සවශ්‍රියෙන් දුව රචනා කරපු පොත දොරට වැඩියා. චික් චික් ටිං ටිං කියලා.
දුව ලියන චික් චික් ටිං ටිං ළමා කෘතියට පාදක වන්නේ මොන වගේ තේමාවක් ද?
අපේ ගෙදරම සිදුවෙච්ච පුංචි සිද්ධියක්. දවසක් ගෙදර ඇස්ඇරලවත් නැති ලේන්පැටව් දෙන්නෙක් කුඩුවක් එක්ක අපේ ගෙදර වැටිල හිටියා. මේ පැටව් දෙන්නා අපි කිරිපොවමින් හදාවඩාගත්තා. අද වෙනකොට එක ලේනෙක් ලොකු වෙලා අපි ළඟ තවමත් ඉන්නවා. අනෙක් ලේනා අපිව දාල ගියා වෙනත් කුඩුවක් හොයාගෙන මෙන්න මේ ලේන් පැටව් දෙන්නා ගැන තමයි දුව චික් චික් ටිං ටිං රචනා කරන්නේ. පුදුම ආදරයක් දැක්වුයේ මේ ලේන් පැටව් දෙන්නාට කොටින්ම කිව්වොත් පණ ඇරල අදටත් ඉන්න ලේනාට එහෙමයි. පුදුම ආදරයක් තියෙන්නේ. අම්මාගෙන් මඟ හැරුණු මේ ලේන් පැටව් දෙන්නා තමයි දුවගේ පොතට මාතෘකා වෙන්නේ.
ඔබේ සැමියා ගුවන් නියමුවරයෙක් ප්‍රහාරක බලඇණියක ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙක්. ඔබ ලේඛිකාවක් ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක හිමිකාරීයක් ඔබ දෙපළ ගත්තොත් හරියට අහසට පොළොව වගේ මොන වගේ සහයක් ද ඔබේ කටයුතුවලට සැමියාගෙන් ලැබෙන්නේ?
කියන්න බැරි තරම් සහයෝගයක් මට ලැබෙනවා. මගේ කටයුතු වලදී එහෙම නොවන්න මට අද මේ තැනට එන්න ලැබෙන්නේ නෑ. මගේ දරුවෝ දෙන්නගෙන් වුණත් මට පුදුම සහයෝගයක් ලැබෙනවා. මගේ ලොකු දුව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නමය වසරේ ඉගෙනුම ලබනවා. දුවල දෙන්නම මම ලියන වෙලාවට මගේ කාමරයටවත් එන්නේ නෑ අම්මා දැන් ලියනවා කියලා මම කාගෙවත් උදවුවක් නැතුව තමයි තවම මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒ නිසාම මට වැඩ වැඩි වෙලාවට මගේ සැමියා ගෙනුත් දරුවෝ දෙන්නා ගෙනුත් මට උදවු උපකාර ලැබෙනවා.
දිගැසි පබසරා රාජ්‍ය සේවයේ දිගු ගමනක් යාමට සුදුසුකම් සපුරා තිබියදිත් ඔබ රැකියාවෙන් ඉල්ලා අස්වෙනවා?
මම රාජ්‍ය පරිපාලන විභාගයත් සමත් වෙලා හිටියේ. හදිසියේ මගේ මහත්තයාට ත්‍රිකුණාමලයේ ගුවන් හමුදා කඳවුරට මාරුවක් ලැබුණා. මමත් ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තිකුණාමලයේ කච්චේරියට මාරුවක් ගන්න සිදුවුණා. ඒ වෙනකොට මගේ දරුවත් බලා ගැනිමේ ගැටලුවක් මට ආවා. ඒ නිසාම මම පවුලේ යහපත වෙනුවෙන් හිත හදාගත්තා.
සමාජයේ අපි කතා නොකරන මාතෘකා ඔස්සේත් ඔබ ග්‍රන්ථකරණයේ නියැළෙන්නද අදහස?
සමාජයේ යම් සත්‍ය සිදුවීමක මොනයම් හෝ දෙයක් මගේ කතාවකට ඇතුළත් සමාජයේ විවෘතව කතා නොකරන මාතෘකා අපි සමාජයට කොහෙන් හරි අරන් යන්න ඕනෙ කියලයි මම කියන්නේ ඒක ලොකු අභියෝගයක්. අපි පොතක් විධියට මුද්‍රණය කරල සමාජයට දෙන දෙයක් නිසා අපි එහි වගකීම භාරගන්න ඕනෙ. නමුත් අපි කතා කරන්න ඕනේ තැන් තියනවා නම් අපි ඒ ගැන කිසිදු පැකිළීමකින් තොරව කතා කරන්න ඕනේ මම ලියන බිනර නවකතාව මේ සඳහා කදිම නිදසුනක්.
දිගැසි පබසරා මේ වනවිට නැග්ග ඉනිමඟට පයින් ගහලද? කෝ ඔබට දිගැසි නමින් සමාජගත වෙන්න. උදවු කළ නිසඳැස් රචනය අමතක කරලද?
අපෝ නෑ. ෆේස් බුක් එකට මම අදටත් නිසඳැස් ලියනවා. නගින්න උදවු කරපු ඉනිමඟට පයින් ගහන කෙනෙක් නෙමෙයි මේ දිගැසි පබසරා අමරසිංහ. මම අදටත් බලන්නේ මට පුළුවන් උපරිමයෙන් ඉනිමඟේ නගින්න ඒ වගේම තනිව ඉනිමඟේ නගින්න උත්සාහ කරන අයට ශක්තියක් වෙන්න.
අද මුහුණු පොතට ලියවෙන නිසදැස් යළිත් පොතක් හැටියට ගේන්න අදහසක් නැද්ද?
කවි පොතක් හැටියට සමාජයට යමක් දීමට වඩා නවකතාවක් සමාජයට දීම මුල්‍යම පැත්තෙන් පොඩි වාසියක් තියනවා. මගේ නිර්මාණ එක දිගට ගලාගෙන යන්න ඕනේ නිසා දවස කවි නිර්මාණ එකක් දෙකක් ෆේස්බුක් එකට දානවා. අද මම ලේඛිකාවක් වෘත්තීයම පැත්තෙන් ගත්තොත් අද මට වාසි වෙන්නේ නවකතා රචනය නමුත් මම නිසඳැස් කාව්‍ය රචනයට ආසාධරණයක් කරන්නෑ. අවශ්‍ය අයට කියවා රසවිඳින්න ඒකට ඉඩකඩ සලසා දී තිබෙනවා මුල්‍ය බරපැනයකින් තොරව.
පරිවර්තනයන් වෙත යොමුවෙන්න අදහසක් නැද්ද?
ආශයි. ඒ සඳහා මුල් රචකයාගේ අවසරය අවශ්‍ය වෙනවා. ආශාව තිබුණ කරගන්න වෙලාවක් නෑ මේ දවස්වල මම නව කතා පොත් තුනක් රචනා කරමින් ඉන්න නිසා. ඒ අතරට ප්‍රකාශන ආයතනයේ වැඩත් ආවම තවත් බිසී වෙන එක අහන්න දෙයක් නෑනේ. නමුත් තව වසර දෙක තුනකින් මමත් පරිවර්තකවරියක් ලෙස පාඨකයන් අතරටත් එයි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන