සරත් දික්කුඹුර නාට්‍ය අධ්‍යක්ෂණයක් වන කෝලම්කාරයෝ වේදිකා නාට්‍ය මුහුරත නවලෝක රෝහල් පරිශ්‍රයේ සිනෙස්ටා පදනමේ කාර්යාලයේ දී පසුගිය දා ආචාර්ය ජයන්ත ධර්මදාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණී.
සිංහල වේදිකා නාට්‍යය වංශ කථාවට නැවුම් අත්දැකීමක් එක් කරමින් ජාත්‍යන්තර තලයේ ඩිජිටල් තාක්ෂණය ප්‍රථම වතාවට ලාංකික ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව උදාකර දීම මෙම නිෂ්පාදනයේ සුවිශේෂත්වයයි. ඉතාලියේ රෝම් නගරයේ සුදත් රෝහණ විසින් කෝලම්කාරයෝ වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරයි.
ක්ලීටස් මෙන්ඩිස් සමඟ තාරුකා වන්නිආරච්චි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වන මෙම නිර්මාණය සඳහා ජනප්‍රිය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායකවෙති.