කොළඹ ආනන්ද විදුහලේ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලබන ආනන්ද විද්‍යාලයීය වෙසක් කලාපය වෙනුවෙන් පෙරහැර, තොරණ, වෙසක් පහන් කූඩු සමඟ බැති ගී හා දන්සල් 21 දා ඇරැඹි 22, 23, 24 දින තුළ කොළඹ ආනන්ද විදුහල් භූමියේදී පැවැත්වේ. එහි සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් ප්‍රථම වතාවට වීදි සංචාරය කළ වෙසක් පෙරහැර මංගල හස්ති රාජයාගේ කරඬුව තැන්පත් කිරීම සහ මහා හංස ජාතකය නිරූපණය කරන තොරණේ ආලෝක බුබුලු විවෘත කිරීම පසුගිය 21 වැනි දින ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මේ සඳහා කලාප අධ්‍යක්ෂිකා අසිනි තලගල මහත්මිය, විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ගුරු මණ්ඩලය සහභාගි වූහ.