නිවස ලාංකිය සිනමාව කොල්ලන්ගේ කෙල්ලන්ගේ වීරයා

කොල්ලන්ගේ කෙල්ලන්ගේ වීරයා

ටියුෂන් සර්

by Mahesh
October 3, 2024 12:30 am 0 comment

ප්‍රවීණ ටියුෂන් ගුරුවරයකු වන බුද්ධික සර් දරු දැරියන් අතර මහත් ජනප්‍රිය වීමට හේතුව වූයේ, ඔහුගේ ඉගැන්වීම් විලාසයයි. ඒ නිසාම ළමයින් ඔහුට දැක්වූයේ පුදුම ළෙන්ගතුකමක් හා ආදරයක්. ඉගැන්වීමට පමණක් නොව ගීත රචනයටත් දක්ෂයකු වූ ඔහු, ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් රචිත පදමාලාවකට ගැයූ ගීතයක් සමාජ මාධ්‍ය ජාලාවන්ට එක් කිරීමෙන් අනතුරුව එය යෞවනයන් අතර වඩාත් කතාබහට ලක්වූ ගීතයක් විය. බොහෝ දරුවන් ඒ ගීතය පිළිබඳ තම ගුරුවරයාගෙන් විමසා සිටින්නට වුණා. ඒ අතර වූ එක් ගැහැනු ළමයෙක් ඇයට වදයක් වූ පෞද්ගලික ගැටලුවකට ගුරුතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණා. ඇයගේ ප්‍රශ්නය වූයේ, ඇයගේ පෙම්වතා ඇයට නිතර ලැඟුම්හලක් වෙත යෑමට එන ලෙස කරදර කිරීමයි. ගුරුතුමා ඇයගේ ගැටලුවට සහනයක් ලබා දුන්නා. ඒ හේතුවෙන් ගැහැනු ළමයගේ පෙම්වතා ගුරුතුමා සමගින් ගැටෙන තත්ත්වයක පසුබිමක් නිර්මාණය වුණා. මෙලෙසින් බුද්ධික සර්ගේ පන්තිවලට පැමිණෙන දරු දැරියන්ගේ මානසික හා ඔවුන්ගේ ජීවිතවල ගොඩනැඟී ඇති විවිධ ස්වරූපයන් හඳුනා ගැනීමට බුද්ධික සර්ට තිබුණේ පුදුම හැකියාවක්. ඒවා විටෙක ගැටුම්කාරී, වේදනාකාරී වගේම හාස්‍යජනක සිදුවීම් වලින් පිරී ගියා. ඔවුන්ගේ කතාවයි ටියුෂන් සර්.

ගිවන්ත අර්ථසාද්ගේ “ඉන්දු සාගරේ මුතු ඇටය” (තිරගත නොවූ) චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වන එරංග සේනාරත්න “යුවතිපති” සහ “ප්‍රතිඥා” චිත්‍රපට ද්විත්වයෙහි සහය අධ්‍යක්ෂවරයාද විය. 1994 වසරේදී “පළමු පත්වීම” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයා අතරට පිවිස “ඉර හඳ යට”, “හෝඩුවාව”, “තොණ්ඩුව”, “කේතුමතී රජදහන”, “පූජා”, “ආදරවන්තයෝ ”,“සක්වා ළිහිණි”, “දෙබත් නයි”,“රෑනගල වත්ත” ,“හිරු සොයා”,“අහසින් වැටුණු ගැහැනියක්”, “කුරුලු පිහාටු”, “සුදුසේල”, “නිල් නෙතු” වැනි ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. තිර පිටපත් රචකයකු සේම නිෂ්පාදකවරයෙකුද වන ඔහු විවිධ ශානරයන්ට අයත් චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති අතර, “් සුර යහන ගිනි ගනී” (1999) ,“ගිනිගත් මදුසමය” (2000),, “රෝස පැටික්කි” (2002), “සිනාසුනා ආදරෙන්” (2009), “ස්වීට් ඒන්ජල්” (2011), “නෝනේ මගේ සුදු නෝනේ” (2015), “මොනාලිසා” (2022) යන චිත්‍රපට සිනමා තිරයට එක් කර ඇත. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “නෝනා හරි වසයි”, “නිලූ මං ආදරෙයි”, “ආදරෙයි ජානු”, “පිරිමි ආදරයක්”, “ටාජ් මහල්”, සහ “ඔස්කා” යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

රංගන දායකත්වය

රුවන් පෙරේරා, ගයත්‍රි දිසානායක, නිම්මි මනෝහාරි, ධනංජය හෙට්ටිආරච්චි, අසංක මෙන්ඩිස්, ප්‍රින්සි ප්‍රනාන්දු, චන්ද්‍රිකා පෙරේරා, මෙත්තානන්ද නානායක්කාර, තරුෂි මධුෂිකා පෙරේරා, චතුජ පෙරේරා, ඉසුම් නිම්නක, සුපුන් ප්‍රියසාද්, තිමිර මිහිරාන්, මහිමා බණ්ඩාරනායක සමගින් තිරයට හඳුන්වා දෙන මතීෂ ගජවීර, කවිශා ඕෂධී රාජපක්ෂ

කාර්මික දායකත්වය

කතාව, දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය – එරංග සේනාරත්න
නිෂ්පාදනය – රවි නානායක්කාර
ඉදිරිපත් කිරීම – ආර්.එන්. ක්‍රියේෂන් පෞද්ගලික සමාගම
සහය අධ්‍යක්ෂණය – හසිත රංගන නවරත්න
ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය – චානක සේනාධීර
කැමරා සහය – අමිල දිසානායක, ඉන්දික අනුරුද්ධ
සංස්කරණය සහ ශබ්ද සංයෝජනය – දසුන් රණසිංහ
වර්ණ සංයෝජනය – ශාන් අල්විස්
5.1 ශබ්ද මිශ්‍රණය – යසිත වික්‍රමරත්න
නර්තන අධ්‍යක්ෂණය – සංඛ ප්‍රසාද්
අංග රචනය – රසික තෙන්නකෝන්
අංග රචනා සහය – සංදීප සෙව්මිණ හෙට්ටිආරච්චි
කලා අධ්‍යක්ෂණය – රෝහිත රුවන් ජයතිලක
කලා සහය – සරත් චන්දරත්න (අකිරා)
සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය – එන්.එම්.ජේ. වසයිලාවෝ
ගේය පද රචනය සහ නිෂ්පාදන විධායිකා – ඩිනලි රොෂාන්ති සේනාරත්න
නිෂ්පාදන කළමනාකරණය – මෙත්තානන්ද නානායක්කාර
නිෂ්පාදන සහය – බණ්ඩාර වීරසිංහ
නිශ්චල ඡායාරූප – උපුල් ගුණසේකර
ආලෝකකරණය – ගයෂාන් ජයවික්‍රම, දීප්ත අරුණ, නවරත්න
අතිරේක ශිල්පීන් සම්බන්ධීකරණය – ලක්මිණි පෙරේරා, පද්මා මෙන්ඩිස්
ගීත පටිගත කිරීම – එන් ස්ටූඩියෝ, එන්.ටී.වී. මීඩියා නෙට්වර්ක්
හඬ කැවීම් දායකත්වය – එරංග සේනාරත්න, හසිත රංගන නවරත්න, නෙත්මි හංසිකා, වාසනා සඳමාලි

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT