ලාංකේය ජන ගී සම්ප්‍රදායට නව අරුත් සපයමින් දිවංගත ලයනල් රන්වල සූරීන් විසින් ඉටුකළ විශිෂ්ට මෙහෙවරට සමගාමීව නවමු මංපෙත් ඔස්සේ යමින් වැඩිහිටි පරපුරේ එදා ගීත නූතන පරපුරටද නව පරපුරේ සාරවත් ගීත වැඩිහිටියනටද හඳුන්වාදෙන ” ගයමු ” වැඩසටහන ඇතුළු තවත් රසාලිප්ත වැඩ සටහන් රැසක් පසුගිය පෙබරවාරි මාසයේ සිට සෑම මසකට වරක් නිදහස් චතුරශ්‍රයේදි රන්වල පදනම කරළියට ගෙන එයි…
එම ඉදිරි කාර්යයන් පිළිබඳව එම පදනමේ මෙහෙයුම් අධ්යක්ෂ සහන් රන්වල මහතා සමග කරන ලද සංලාපයකි මේ !
ඔබගේ රන්වල පදනම යටතේ බොහෝ කලාත්මක වැඩසටහන් සිදුකෙරෙනවා…මෙවර ඔබගේ ” ගයමු” වැඩසටහන පිළිබඳව මුලින්ම කතා කළොත්..?
ඔව්… මෙවර බස්නාහිර පළාත් සභාව..රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූ ලිකත්වයෙන් අපේ රන්වල පදනම ජනගත කරන අලුත්ම වැඩ සටහන “ගයමු ” සංගීතමය වැඩසටහන පටන් ගන්නේ..අපි මෙහෙම හිතමු..සමහර අවස්ථාවලදි අපට ඇහෙන දෙයක් තමයි වැඩිහිටි පරපුර අපේ ඊළඟ පරපුර ගැන නගන මැසිවිලි..නව පරපුරේ සිතුම් පැතුම්..ආදිය ගැන..නමුත් වැඩිහිටියනට අමතකයි ඔවුන් ආභාසය ලැබුවේත් ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් නේද කියන කාරණය..අපි මෙහෙම කියමු..වයසින් 30..40…50 ඉන්න අය සුනිල් ශාන්තයන්ගෙ ගීත චාරිකා යද්දි එහෙම ගයනවනෙ..එයාලගෙ මවුපියන් වැඩිහිටියන් ඒ ගීත ගයපු නිසානෙ එයාලට ඒවා ලැබුනෙණඅපේ වැඩිහිටියන් ඒ බව අමතක කරලා..මවුපියන් ගයද්දි දරුවන් ෆෝන් එකත් එක්ක ඉන්න අවස්ථා තියෙනවා..මේ අපේ වැඩ සටහනින් එකම තැනකදී තම දූ දරුවන් එක්ව පවුලේ ඔක්කොම අයත් එකතුව එකට ගී ගයනවා..වැඩිහිටි හා ළමා දෙපිරිසම එක්ව ගයනවා..
ඒකයි මෙහි විශේෂත්වය..
මේ වැඩසටහන කරළියට ගෙන එන්නේ ප්‍රථම වරටද.?
මේ වැඩ සටහන අපි මුලින්ම කරළියට ගෙනාවේ 2012 මාර්තු මාසයෙදි…ඒ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදි…එහි අධ්යක්ෂ බන්දුල ඒකනායක මහත්මයා එය නැරඹුවාට පස්සෙ අපට යෝජනා කළා..මේ වැඩ සටහන මාසිකව ඉදිරිපත් කරමු කියලා..ඉතින්..එතුමාගෙ එම යෝජනාව 2015 දක්වාම අපි මාසිකව කරළියට ගෙනාවා…සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියගෙ යෝජනාවක් අනුව අපි මේ වැඩ සටහන නිදහස් චතුරස්රයට රැගෙන ආවා..නමුත් කොවිඩ් උවදුරත් එක්කල අපෙ වැඩ සටහන් ඇන හිටියා…
මේ ” ගයමු ” සංගීතමය වැඩ සටහනේ අන්තර්ගතය පිළිබඳව විග්‍රහයක් කළොත්…?
මේ වැඩ සටහන පැරණි ගීත හඳුන්වා දෙන එකක් නම් නෙවෙයි..ග්රැමෆෝන් යුගයේ සිට මේ ඒ ඒ යුගය දක්වා ම යුග යුග තුඩ තුඩ රැව්දෙන සිංහල ගී කෙත සදාහරිත ගී…පවුල් පිටින් එක්ව…රන්වල මතු පරපුර සමඟ ගයමු…”
මෙහිදී ගීත ගයන්නේ අපේ රන්වල පදනමේ රන්වල බලකායේ දූ දරුවන් පමණක් නම් නෙවෙයි..ඒ දරුවන් වෙනුවෙන් සහභාගි වුණු සියලුම වැඩිහිටියන්ද දරුවන් සමග එක්ව ගයනවා..එම ගීත ලැයිස්තුව සඳහන් පොත් පිංචක් අප වැඩිහිටියන් අතට දෙනවා…එහිදී ගීත ගැයීම විතරක් නෙවි…ගීත සාහිත්‍යය ගැන..ගීතයේ අන්තර්ගතය ගැන..නිර්මාණයේ වැදගත්කම් ගැන සහ එහි ඇතුළාන්තය ගැන විග්රහයක යෙදෙමින් දැනුම්වත් කෙරෙනවා..
මේ වැඩ සටහන්වලදි ගීතයක සාරවත් බව කතා කරන්නට ආචාර්ය නුවන් නයනජිත් කුමාර…බන්දුල නානායක්කාරවසම්…ආචර්ය අජන්තා රණසිංහ..ශ්‍රී නාත් මද්දුමගේ…සිසිර දිසානායක ආදීන් මීට ඉහතදී සහභාගි වී තිබෙනවා…ඒ වගේම රජිව් සෙබස්තියන් ..ජනනාත් වරකාගොඩ…ආදීන් ද විටින් විට මීට එක්වී තිබෙනවා..මේ සඳහා පසුබිම් සංගීතයට ශ්‍රී ලංකා පොලිස් වාද්‍ය කණ්ඩායම..වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව..ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සහාය ලබාදෙනවා…
රන්වල පදනමේ ගායන ශිල්පිනියන් වන අමන්ද්‍යා උත්පලී..වසන්තා මධුරංගනී..විශාඛා වීරසිංහ…ප්‍රභා දිසානායක ..නිලුපුල් මදුරංගා..සම්මානී යසෝදරා… සමඟින් චිරන්ත රන්වල ..දිලුම් නිරංජ..නඳුන් කුලරත්න..අසංක මීමැඩුම..සංගීත් ගුණරත්න..නිසල් සත්සර..කසුන් දොඹගොල්ල..සුජිත් කුමාර..යන ගායන ශිල්පීන්ද මෙහි ගයති..
තවත් එක් දෙයක් තමයි. පුවත්පත්වල පලවුණානෙ දැක්කොත් පද්මාවතී..වගෙ කාටූන්..එම ගීතයත් මෙහි ගැයෙනවා වගේම මේ දැක්කොත් පද්මාවතී කාටූනය ගැන..එම නිර්මාණකරු කැමිලස් පෙරේරා මහතා ගැන සහ කාටූනය සමාජයට පිවිසියේ ඇයි කියන කාරණයද අප දරුවන්ට එම ගීතයට සමගාමීව පහදල දෙනවා…
“විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්…” මුතුහර ගීතයද මෙහි ගැයෙනවා..දරුවන් සමග වැඩිහිටියන් එකතු වෙලා…මතකයේ තවමත් ඉතිරිව ඇති..එහෙත් මාධ්‍ය තුළින් නොඇසෙන ගීත මෙයට ඇතුළත්..හැබැයි නිර්නායකයන් නැහැ…එකම පවුලක අව වගේ…පවුලේ කාටත් එකට එක්ව රසවිඳීය හැකි ගීත පමණයි..එතැනදී එම්.එස්..නිහාල් නෙල්සන් ආදීන්ගේ ගීතද තියෙනවා…
නව පරපුරේ ගීත…පිළිබඳවත් ඔබ කතා කළා…?
ඔව්..අලුත් ම ගීත..අලුත් ගීත වූ පමණින්ම නොවෙයි..අර්ථයෙන්..රසඥතාවට සමීප දරුවන් ගයනවා..ඉන් සිදුකරන්නේ අලුත් පරපුරේ අලුත් ගීත ගැන වැඩිහිටියන් දැනුම්වත් කිරීමයි…අලුත් පරපුරේ ගීත වැඩක් නැහැ කියන වැඩිහිටි පිරිසක්ද සිටින නිසා එලෙසින් අප ඉදිරිපත් කරන්නේ…
අලුත් අවුරුදු නිමිත්තෙන් පසුගිය 29 වනදා කොළඹගම අවුරුදු පිළිබඳවත් කතා කරමු…?:
අලුත් සහ පරණ අවුරුදු වැඩ සටහන පසුගිය 29 දා පැවැත්වුණි..අපේ රන්වල පදනම හා එක්ව කටයුතු කරන්නේ ඒ නතභඵ සහ චැනල් අයි. වෝටර්ස් එජ් එකතුවෙන්…
මෙහි ඇති විශේෂත්වය ?
වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැත්වුණ මෙම වැඩසටහනට සමගාමීව මෙහි වැඩ බිම් විනෝද ක්‍රීඩා වගේම රූකඩ මැදිරියක් තිබුණා..එහිදී රූකඩ නිර්මාණය කැරෙන හැටි සියැසින් දැකබලා ගතහැකියි..ලංකාවේ සටන් කලාව අංගම්පොර තව මැදිරියක…වෙද මැදිරියක් තියෙනවා..එයින් සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තබාගැනීම පිළිබඳ දැනුම්වත් වුණා…ඒ වගේම පුත්තලමේ සිරන්බි කුම්බේ වාසය කරන අප්‍රිකානු සම්භවයක් ඇති පිරිසක්ද මෙයට එකතු කළා..ඒ අයට ආවේණික කලා නිර්මාණ ද ඉදිරිපත් කෙරෙනවා ..
රන්වල පදනම පිළිබඳව කීවොත්..?
රන්වල පදනමේ රන්වල බලකායේ ශිල්පීන් සහ ශිල්පිනියන් මෙයට දායක වුණා..මාතර..මහනුවර..මාතලේ..කුරුණෑගල….ගම්පහ..සහ බත්තරමුල්ල අපේගම යන ශාඛාවල මවුපියන්ගේද සහභාගිත්වයෙන් විවිධ නිර්මාණ මීට ඇතුළත් වුණා..ජන ක්‍රීඩා විසිතුරු අංශ පිළිබඳව මහින්ද කුමාර දළුපොත මහතා වෙතින් දැනුම්වත් කළා..
මෙම 29 දා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැත්වුණේ නොමිලේ…ඒ ප්ලස් නාලිකාවේ ප්‍රධානි අසේල ගාල්ලගේ මහතාගේ ආරාධනයකට අනුව රන්වල පදනම මෙය සංවිධානය කළා.. ප්‍රවේශ පත්‍ර නොමිලේ.
රන්වල පදනම පසුගිය අප්‍රේල් 5 වනදා 4.0 ෆෝ සීරෝ ” තාල සංචාරය ගැන ද කීවොත්…?
අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ට තාල වාද්‍ය ශිල්පී රඛිත වික්‍රමරත්න කලාකරුවාගේ මූලිකත්වයෙන් ඔහුගේ ප්‍රසංගයක් එකක් වෝටර්ස් එජ් හි තුනපහ පරිශ්‍රයේ පැවැත්වුණා…එහිදී රන්වල බලකායේ ගීත වගේම විවිධ තාල භාණ්ඩ අනුසාරයෙන් ඒකාත්මික වන්නේ කෙසේද යන්න පිළිබඳව එයින් කියැවුණා…එම තාල වාද්‍ය කණ්ඩායම සමඟ රන්වල පදනමද ඊට එකතු වුණා..
පසුගිය අප්‍රේල් 5 වැනිදා සවස 5ට තුනපහ පරිශ්‍රයේදී පැවැත්වුණා..
අලුත් අලුත් සිතුම් පැතුම් සමඟින් රන්වල දූ පුතුන් ඉදිරිපත් කරන නවමු ආරයේ වටිනා වැඩ සටහන් සමඟ ඔවුන් හා අත්වැල් බැඳගන්නට වැඩිහිටියන්ටත් බොහොම ආදරයෙන් රන්වල පදනම ආරාධනය කරනවා..
අමල් යශෝමන් ජයසිංහ