නිවේිදිකාවක් ලෙසින් මුල්වරට රූපවාහිනී පේ‍්‍ර්ක්ෂකයන් අතර ජනපි‍්‍රය වූ ඇය ඉන් අනතුරුව නවකතා රචිකාවක්, කාව්‍ය පොත් රචිකාවක් ලෙසින් මෙරට පාඨක ප්‍රජාව අතරේ ජනප්‍රිය චරිතයක් වූවාය. මේ වනවිට ඇය මේ ඉසවූ පසුකොට තවත් නැවුම් මාවතකට මේ වනවිටත් ප්රවිෂ්ටය ලැබ අවසන්ය.
මේ වනවිට චිත්‍රපට අධ්‍යක්ෂවරියකව සිටින ඈ මෙරට අතළොස්සක් වූ චිත්‍රපට අධ්යක්ෂවරියන් අතරින් මේ වනවිටත් ඉන් එක් අයකු වීමේ භාග්‍ය උදාකොට ගෙන අවසන්ය. මේ අපේ අද කතාබහ මේ සුවිශේෂී තැනැත්තිය සමඟිනි. නමින් ඈ ජනපි‍්‍රය නිවේදිකාවක ජනපි‍්‍රය නවකතා රචිකාවක කාව්‍ය පොත් රචිකාවක වූ නදී වාසලමුදලිආරච්චිය.
නදී කලා ක්ෂේත්රයට මුලින්ම පියමනිනේ?
නිවේදිකාවක් ලෙසින්. 1998 සිරස ටීවී ආරම්භක සමාජිකාවක් ලෙසින් තමයි. මගේ ගමන මම පටන් ගන්නේ සිරස ටීවී පටන් ගත්ත දවසේම මගේ ප්‍රෝගෑම් එකක් විකාශය වුණා.
ඔබ මුලින්ම හැදුණේ වැඩුණේ සිරසත් සමඟින්?
මාව මේ තැනට ඔසවා තබන්න මුලිකවුවෙක් සිටියේ නම් ඒ නිමල් ලක්ෂපති ආරච්චි සහ මගේ අක්කි. තාරකා වාසලමුදලිආරච්චි.
මුලින්ම ඔබ ප්‍රේක්ෂකයන් අතර ජනපි‍්‍රය වුණේ?
කවුදැයි කවුදැයි, හින්දි ටොප් ටෙන්, තරු මංසල, පහන් පියස ප්රෝගෑම්වලින් තමයි මම ගොඩක් ප්‍රේක්ෂකයෝ අතරට ගියේ. ඊට පස්සේ නිවුස් කියන්න තමයි ප්‍රමුඛත්වය දුන්නේ.
ප්‍රේක්ෂකයන් අතර ජනපි‍්‍රය නිවේදිකාවක් වන ඔබ ඔය අතරේම පාඨකයන් අතරත් ජනප්‍රිය ලේඛිකාවක් වෙනවා නොවේද?
ඔව්. 2008 දී තමයි මගේ මුල්ම නවකතාව ආකාස පර්වත මම රචනා කරන්නේ. ඔය සමඟම මම කාව්‍ය සංග්‍රහයකුත් රචනා කරනවා ප්‍රේමය සමඟ ඩොක්සාවට එරෙහිව නමින් 2008 දී මම මේ පොත් දෙකම එකවර පාඨකයන්ට මුලින්ම තිළිණ කරනවා.
නිවේදිකාවක ලෙස සමාජයේ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි නදීට මුල්ම නවකතා හා කාව්‍ය සංග්‍රහය පාඨකයන්ට තිළිණ කිරිමත් සමඟ මොනවගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?
මම මේ පොත් රචනයට පෙර මුලින්ම ලේඛන කලාවට අත්පොත් තබා තිබුණේ සඳරේණු පත්තරයේ ලේඛිකාවක් ලෙසින් ඒ පත්තරයට මම කතාවක් ලිව්වා. 2015 දී මම වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් කියල තවත් නවකතා පොතක් රචනා කළා. ඒක එවක ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණා. ඒ සමඟම ප්‍රේමය සමඟ ප්‍රින්සිපැලිටියට එරෙහිව කියල කාව්‍ය සංග්‍රහයක් කළා. ඒ කතා බහත් සමඟ මම ලේඛිකාවක් කියන කැටගරිය තුළ ගොඩක් ජනප්‍රිය වුණා.
ඔබ ලේඛන කලාවේ නියළියත් දිගු නිහඬතාවයකින් පසුව තමයි තවත් අලුත් ග්රන්ථයක් රචනා කරන්නේ?
මම සාමාන්‍යයෙන් පොතක් ලියල දිගු කාලයක් නිහඬව ඉඳල තමයි තවත් පොතක් ලියන්නේ. අවුරුදු හතක වගේ දීර්ඝ කාලයක් මම ඒ සඳහා ගන්නවා. ඒකට හේතුව මම පොතක් ලියන්නේම දීර්ඝ කාලයක් මට අවශ්‍ය දේ ගැන හොඳින් හැදෑරීමක් කිරීමෙන් පස්සේ. 2021 දී මම ලෝටස් රිපබ්ලිකය නවකතා පොත කළා. ඒ සමඟම ප්‍රේමය සමඟ ස්කීමාවට එරෙහිව නමින් කවි පොතකුත් එළිදැක්වුවා.
ලේඛිකාවක් ලෙස ජනප්‍රියත්වයක් ලබනකොට නදී නිවේකාව කියන වෘත්තියෙන් බැහැර වෙනවද?
මෙහෙමයි මගේ කැමැත්තක් නෑ එකම තැන එකම වෘත්තිය තුළ කොටුවෙන්න. වෙනස් වෙනස් වෘත්තීන් තුළ අත්දැකීම් ලබන්න මම ගොඩක් කැමැතියි. ඒ නිසාම මම සිරස ආතනයෙන් ඉවත් වෙලා ටික කාලයක් නිහඬව හිටියා. ඔය අතරේ ජාතික රූපවාහිනියටත් සම්බන්ධ වුණා ප්‍රසන්ටර් කෙනෙක් විදිහට. මම ආශයි වෙනස් වෙනස් අත්දැකීම් ලබන්න. එකම තැනක එකම දේට කොටුවෙන්න මගේ කැමැත්තක් නෑ. නිවේදිකාවක ලෙස තවත් පුළුල් අත්දැකීමක් ලබන්න තමයි. මම රූපවාහිනියටත් සම්බන්ධ වුණේ මාකටින් මැනේජර් කෙනෙක් ලෙසත් මම වී එෆ් ආයතනයේ කටයුතු කළා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන ආයතනයකටත් මම සම්බන්ධ වෙලා වෙනස්ම අත්දැකීමක් ලබන ගමනක් ඇරඹුවා. අදටත් ඒ ගමනේ මම නියැළිලා ඉන්නවා.
අද වෙනකොට ඔබ චිත්‍රපට අධ්යක්ෂවරියක්. මේ ගමනේ ආරම්භය කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?
පොඩි කාලේ ඉඳලම මේ ආශාව මගේ හිතේ තිබුණා. රඟපාන්න උණත් මට ආරාධනා ආවා. නමුත් භාර ගත්තේ නෑ. මට ඕනෙම කළේ කවදා හෝ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වෙන්නමයි. මගේ කවුරුවත් සිනමාවට සම්බන්ධයක් තිබුණේ නෑ. මම සිරස ආයතනය තුළ වැඩ කරන කාලයේ මට වැඩ කරන්න ලැබුණේ සිනමාවට සම්බන්ධ අයත් සමඟ. ඒ කාලයේ සිනමාවට හොඳ වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණා. මම බොහෝ රූපවාහිනී වැඩසටහන් කළේ සිනමාවට සම්බන්ධ අයත් එක්ක. විශේෂයෙන් නළු නිළියෝ පවා බොහොම සමීපව මට ඇසුරු කරන්න ලැබුණා. මම ඒ දවස්වල කළ රූපවාහිනී වැඩසටහන් සමඟ. මේ පසුබිම මාව මේ පැත්තට යොමුකළා කිව්වොත් මම නිවැරැදියි කියලා හිතනවා.
ඔබේ සිතැඟි ආශාව කොයි ආකාරයෙන් ද ඔබ මල් ඵල ගන්වන්න උත්සාහ කරන්නේ?
ලංකාව තුළ මේ හීනය සැබෑකරගන්න එක එසේ මෙසේ කටයුත්තක් නොවෙයි. මොකද අපේ සිනමාව තුළ අධ්යක්ෂවරු බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් සිනමා අධ්යක්ෂවරියන් ඉන්නේ අතළොස්සයි. චිත්‍රපටයක් කරන්න ආශාව තිබුණට නිෂ්පාදකයෙක් හොයා ගන්න එක තමයි අභියෝගාත්මක දේ. ඒ වෙනුවෙන් මම ගොඩක් උත්සාහයක නියැලියා.
කුලුඳුලේ ඔබ අධ්‍යක්ෂණය කළ සිනමාපටය?
පැන්ත්‍රම් (Pantrum) මේ චිත්‍රපටයේ කතාව, තිර රචනයත් මගේ. සම්පත් ගුණවර්ධන, උදාර පල්ලියගුරු තමයි සම නිෂ්පාදනයෙන් මගේ පැන්ත්‍රම් සිනමා පටයේ මුල්‍ය බර පැන දරන්නේ.
පැන්ත්‍රම් නිර්මාණය කිරිමේදී ඔබ කොයි ආකාරයෙන් ද ඒ අභියෝග ජයගත්තේ.
අපේ බජට් එකට ගැළපෙන විධියට මම තිරපිටපත රචනා කළා. ලොකේෂන් බලන්න ගියහම. මට දැනිච්ච දේත් සමඟ මම සමහර තැන්වල කතාව නැවත ලිව්වා. කතාව ලියාගෙන යනකොට මම කවුරුවත් චරිත වෙනුවෙන් තෝරාගෙන හිටියේ නෑ. නමුත් මගේ අදහසට කතාව ලියලා ඉවර කරල නළු නිළියෝ හොයන කොට මම ගැන විශ්වාසය තියල මම කතා කරපු හැමකෙනෙක්ම එක පයින් කැමති වුණා. ඒකට ප්‍රධාන හේතුව මම ඒ තාක් ගොඩනඟා ගෙන තිබු නදී වාසලමුදලි කියන නම වෙන්න ඕනේ. මොකද මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය මටත් මේක අලුත් අත්දැකීමක්. ඒ අත්දැකීම තුළ නළු නිළියන් මා ගැන තැබූ විශ්වාසය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂවරයා සමඟ මම රූප රාමුවෙන් රූප රාමුවට ඒ රූප රාමු චිත්‍රයට නැඟුවා. ඒ අනුව තමයි මෙහි රූපගත කිරීම් පවා සිද්ධ කළේ.
පැන්ත්‍රම් කොපමණ වේලාවක් පුරා දිග හැරෙන සිනමා පටයක් ද?
පැය දෙකක් පුරාවට දිගහැරෙන සිනමා පටයක් තමයි මම නිර්මාණය කළේ. පසුව එය පැයකුත් විනාඩි හතළිහක් දක්වා කෙටි කළා. මන්නාරම ප්‍රදේශයේ තමයි රූපගත කළේ චිත්‍රපටයට අවශ්‍ය ගේ, වයි හංදිය හොයාගන්න අපි ගොඩක් වෙහෙසුණා. අනුරාධපුරයේ ඉඳල මන්නාරම දක්වාම ගොස් අපි චිත්‍රපටයට ලොකේෂන් හෙව්වා අන්තිමට අපේ චිත්‍රපටයට අවශ්‍යය සියලු ලොකේෂන් මන්නාරමේ තිබුණා.
පැන්ත්‍රම් සිනමාපටයේ කතා තේමාව ඔබ රචනා කරන්නේ මොන වගේ දිශානතියක් මුල් කොටගෙනද?
මනුස්සකම කියන සාධකය මුල් කොටගෙන තමයි මම මේ කතාව ලියන්නේ. යුද්ධය සමයේ මඟහැරුණු තාත්තා කෙනෙකුයි. පුතෙකුයි, පාදක කරගෙන යුද්ධයෙන් පස්සේ ඔවුන් හමුවන්නේ නන්නාඳුන දෙදෙනෙක් ලෙස. ඒ අවස්ථාවේ ඔවුන් මානුෂිය ගුණාංග බෙදාගන්න විධිය තමයි මම මේ චිත්‍රපටයට මුලික වශයෙන් ගොනු කරගෙන තියෙන්නේ. නවකතා රචිකාවක් විධියට මම ලබා තිබු අත්දැකීම මේ කතාව මට ලියන්න ලොකු ශක්තියක් වුණා. යුද්ධය දැක දැක ජීවත්වුණ අපට යුද්ධයෙන් පස්සේ ඒක දැනෙන්නේ කොහොමද කියන එක ගැන මට හොඳ අත්දැකීමක් තිබුණා.
ඔබේ කුලුඳුල් සිනමා අධ්යක්ෂණයට දායක කරගත් රංග ශිල්පීන් වුණේ කවුරුන්ද?
හේමසිරි ලියනගේ, මයුර පෙරේරා, අනුසුයා සුබසිංහ, ඩිලක්ෂන් තිරුණකර්, ආක්දේව් ලියනගේ වගේ සීමිත රංග ශිල්පි ශිල්පිනි පිරිසක්.
අපේ සිනමාව අර්බුදකාරී වාතාවරණයක් තුළ පවතින වකවානුවක දැන දැනත් ඇයි ඔබ මෙවැනි දේකට අත ගැසුවේ?
අපේ ජිවිතයේම තියෙන්නේ. අභියෝග ඒක අපි ජය ගන්න එක තමයි වැදගත්. තමන්ට දැනුම තියනවා නම් තමන් ගැන තමන් කරන නිර්මාණය පිළිබඳ විශ්වාසයක් තියනවා නම් තමන්ගේ හැකියාව ගැන විශ්වාසයක් තියනවා නම් මම කියන්නේ බියවිය යුතුනෑ. මා තුළ විශ්වාසයක් තියනවා. මම යම් දෙයකට අතගැසුවොත් ඒක යම් තැනකට ගෙනත් තමයි. පස්ස බලන්නේ කියන විශ්වාසය ඒ දේ මම ඉවසීමෙන් කරන දෙයක් මම පොතක් කරන්න. අවුරුදු හතක් ගන්නවා මට සංඛ්‍යාත්මක ගණන් වැඩක් නෑ. ගුණාත්මක එක දෙයක් කළොත් ඇති.
ඉදිරියටත් ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරිය කියන භූමිකාව තුළම රැදෙන්න ද බලාපොරොත්තුව?
ඔබ තුළ සිටි නවකතාකාරිය, කාව්‍ය රචිකාව, නිවේදිකාව ඔබ පැත්තකින් තියන්නද කල්පනාව
මට තීරණයක් ගන්න වෙනවා. මම ලේඛිකාවක් ලෙස තවදුරටත් ඉදිවී. නිවේදිකාව කියන දේ සමහර විට මගෙන් බැහැරවෙයි. අදටත් මම තෝරාගත් වැඩසටහන් තමයි කරන්නේ. අපි යම් තනතුරක් දරනවා නම් ඒ දේට අපි මුල්තැන දිය යුතුමයි. නැත්නම් ඒ දේට අපි කරන්නේ මහා අපරාධයක්.
නදීගේ කුලුඳුල් සිනමා නිර්මාණය අදවෙනකොට විදෙස් ගතට ප්‍රදර්ශනය වෙන්නත් පටන් අරන්?
අපේ චිත්‍රපටයේ පි‍්‍රමියර් එක තිබ්බේ ඉන්දියාවේ කේරලයේ Independent Experimental Film Festival of Kerala චිත්‍රපට උලෙළේ සමාරම්භක චිත්‍රපටය විධියට මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. කේරළය අපි තෝරාගත්තේ සවිඥානිකව ඒ බිමේ සිනමාව පිළිබඳ තියන කතිකාවත හරිම සශ්රිකයි. හරි බුද්ධිමත් කතිකාවතක් එහෙ තියනවා. අපි චිත්‍රපටකට ඔවුන් ආදරය කරනවා කියන්නේ මට ලෝකය දිනුව වගේ. ප්‍රතාප් ජෝසප් තමයි මේ ෆෙස්ටිවල් එක කේරළයේ ඕගනයිස් කරන්නේ. කේරළය කියන්නේ මගේ දෙවැනි මව්බිම වගේ මට හිතෙන්නේ ලංකාවෙන් බිහිවන හැම සිනමා කරුවෙකුටම හොඳ බිමක් තමයි කේරළය කියල. විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වගේ ලෝකය දිනාපු අපේ සිනමා කරුවන්ටත් මම කියන අදහස ඇති. අපිට දැනුම නැත්නම් ඒ බිම සිනමාකරුවෙක් ලෙස අපිට දිනන්න බෑ. කේරළ බිම සමාජවාදී විශාල දැනුම් සම්භාරයක් තියන බිමක් එතන පළමුවරට ජයගන්න ලැබුණා කියන්නේ මාව ආදරයෙන් ඉන් වැලඳ ගත්තා කියන්නේම මම ඇත්තෙන්ම කුලුඳුලේ බිහි වූ සිනමාකාරියක් විධියට ලබපු ලොකු ජයග්‍රහණයක්.
නදී විදෙස් චිත්‍රපට උලෙළ ඉලක්කරගෙන ද මේ චිත්‍රපටය කළේ?
නෑ. මට චිත්‍රපටයක් කරන්න ආශාව තිබුණා. මම කියන්නේ අපි ලංකාවෙන් එළියට යා යුතුයි කියල මම. දැනටමත් හිතාගෙන ඉන්නවා මා ඊළඟට කරන දෙවන සිනමා නිර්මාණයට කේරළයේ නළු නිළියන් යොදාගෙන නිර්මාණය කරන්න. ලංකාවෙනුත් කොටසක් නළු නිළියෝ ගන්නවා. කතාවත් කේරළයේ කතාවක්. බහුතරයක් ඒ රටේ පිරිස් යොදාගෙන තමයි කරන්න අපේක්ෂාව එහෙම කළොත් තමයි අපිට අපේ සිනමාව ලෝකයාට ගෙන යන්න පුළුවන් සිනමාව කියන දේ ලෝකෙ කොහෙත් එකයි කියලයි මම හිතන්නේ.
ඔබේ පැන්ත්‍රම් සිනමාපටය අපි කවදද නරඹන්නේ. ලෝකෙවටේ කරක් ගහල එනකන් අපි තවත් කාලයක් බලාඉන්න ඕනෙද?
මේ රටේ ප්‍රදර්ශනයට මම තවත් කාලයක් බලා ඉන්න ඕනේ. අපේ රටේ ක්‍රමය අනුව ඒ කාලය තුළ මගේ පැන්ත්‍රම් ලෝකෙ වටේ ඇවිදල එයි.
කේරළය ගැන මහත් සොම්නසකින් කතාකරන ඔබට ඔබේ සිනමා නිර්මාණය සඳහා මොනවගේ හවුහරණක්ද කේරළයෙන් ලැබුණේ?
හිතාගන්න බැරි විධියේ ප්‍රතිචාරයක් ලැබුණා. මංගල දර්ශනය තිබුණේ මැයි නමවෙනිදා. චිත්‍රපට උලෙළේ සමාරම්භක චිත්‍රපටය වුණෙත් මගේ නිර්මාණය. කේරළයේ මාධ්‍ය අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඒ ගැන විශේෂයෙන් ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. අපි එහෙට යන්න කලින් එහෙ පත්තරවල අපේ නිර්මාණය ගැන නිවුස් පළ වී තිබුණා.
මේ ප්රචාරයට මගේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය විය යුතුමයි කියන අදහස ඇති කරන්නට උත්තේජනයක් වුණා. කේරළය වගේ සිනමාවෙන් සාරවත් බිමක මගේ පළමු සිනමා නිර්මාණයට ඉඩක් ලැබුණා කියන්නේ අපිට පැළවෙන්න ඉඩක් පෝෂණයක් ලැබුණා කියන එක තමයි. ඒ විශ්වාසය පන්නරයක් කරගෙන දැන්ම ඉදිරියක් ගැන හිතන්න පුළුවන්. ඒ රටේ ප්‍රකට විචාරකයකු වූ පී.කේ. සුරේන්ද්‍රන් මහතා මලයාලම් පොතකට ලිපියක් ලියන්න කියලත් මට ආරාධනාවකුත් කළා.
අපේ රටේ අතළොස්සක් පමණ වූ සිනමාකාරිනියන් අතුරින් කෙනෙකු වීමේ භාග්‍ය ලැබු නදී ඒ අයගේ සිනමාකරණයන් පිළිබඳවත් හැදැරීමක් කරනවද?
ඔව්. ඔවුන් මේතැනට ඇවිත් තියෙන්නේ අපහසුතා මධ්‍යයේ ඒ ඔවුන් හදපු බිමේ තමයි මමත් අද කරනම් ගහන්න හදන්නේ. අපිට යන්න පාරක් ඔවුන් හැදුවා සුමිත්‍රා පිරිස් මැතිනිය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මොන ආකාරයේ චිත්‍රපට කළත් ලංකාවේ කාන්තා නියෝජනය තුළ කෙරුණු චිත්‍රපට හරිම ලස්සනයි අවුරුදු හතලිස් පහකට පස්සේ ගැහැනු ළමයි සිනමා කෘතිය වුණත් කාන්ෆෙස්ටිවල් එකට ගියේ. නිකන්ම නොවෙයිනේ සුමිත්‍රා පීරිස් මහත්මිය ඒ තුළ යමක් කරල තිබුණ නිසාමනේ. කේරළයේදී මගෙන් ඇහුවේ ඉන්ඩිපෙන්ඩන්ට් සිනමාව ගැන චිත්‍රපට නිෂ්පාදන ආයතනයකට යටත් නොවී ස්වාධීනව කෙරෙන චිත්‍රපට ලංකාවේ තැනෙන හැටි ඒවායේ ප්රමිතිගතය පිළිබඳව තමයි ඔවුන් මගෙන් සමඟ සාකච්ඡාවට බඳුන් කළේ.
අපේ සිනමාකරුවන් පිරිමි ගැහැනු කියල නෑ ඔවුන්ගේ සහජ දක්ෂතා දැනුම තියාගෙන තමයි මේ තාක් දුර ගමනක් අපේ සිනමාව අරගෙන ඇවිත් තියෙන්නේ. එහෙම නොවෙන්න අපිට කියල සිනමාවක් නොමැති තරම් ඒ ගැන මම අපේ සිනමාකරුවන්ට හිස නමා ආචාර කරනවා.
අද වෙනකොට ඔබට හා පුරා කියල කේරළයෙන් ලැබුණු පිළිගැනීමත් සමඟ ඔබේ මංගල සිනමා අධ්‍යක්ෂණය සාර්ථකයි කියල හිතනවද?
ඔව් මම මෙහෙම කියන එක මගේ වචන වලින් හරි ද මම දන්නෑ ඒ අය කිව්වා මීට පෙර ලංකාවේ මම කර තිබෙන ආකෘතියේ සිනමාවක් දැකල තිබුණේ නෑ කියල ඒක මට විශාල ගෞරවයක්.
කේරළයේ විචාරකයන් සිනමාකරුවන් එහෙම කියන්න අපේ අනෙක් අය අභිබවා ගිය ඔබේ සිනමාවේ විශේෂත්වය මොකක්ද?
ඒ අය ඒකට හේතු තියනවා තවම ලංකාවේ අය මගේ සිනමා ක්‍රමවේදය තවම දැකල නෑ. බී. කේ. සුරේන්ද්‍රන්, අර්ජුන් වගේ අය තමයි ඒ ගැන කතා කරන්නේ ඒ අය කතා කරන තියරිවල අදවෙනකොට මම ඉන්නවා.
පැන්ත්‍රම් සිනමා නිර්මාණයේ නිර්මාණ කාර්ය සඳහා ඔබට මොනවගේ අභියෝගයක් වෙනුවෙන්ද මුහුණපාන්න සිදුවුණේ?
චිත්‍රපටය පුරා තියෙන්නේ ප්‍රධාන චරිත හතරක් තව කුඩා දරුවන් දෙදෙනෙක්ගේ චරිතත් තියනවා මගෙත් එක්ක වැඩ කළ කණ්ඩායමෙන් මට උපරීම සහයක් ලැබුණා. කැමරාවෙන් මට ඕනෙ රූප රාමු ලබාදුන් රිෂී සෙල්වම් මට පුදුම සහයක් ලබා දුන්නා. මගේ සිතැඟි රූප රචනය පැන්ත්‍රම් තුළ ජීවමාන කරන්න 2024 මාර්තු මාසයේ චිත්‍රපටය නිර්මාණය කරල අවසන් කළා. මගේ අරමුණ වුණේ චිත්‍රපටය කාන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරන්න නමුත් ඒ සඳහා මගේ චිත්‍රපටය තෝරා ගැනුණේ නෑ. මගේ බලාපොරොත්තුව ප්‍රේක්ෂකයාට යමක් දනවන්න. මගේ චිත්‍රපට වල මුඛ්‍ය පරමාර්ථය මනුෂ්‍යත්වය ඉදිරියටත් එහෙම තමයි. මගේ ඒ ක්‍රමය වැලඳ ගන්නෝ වැලඳ ගනිති කියවන්නෝ කියවගනිති. ප්‍රතික්ෂේප කරන්නෝ ප්‍රතික්ෂේප කරති.
ඔබේ නිර්මාණය පිළිබඳ විචාරකයන් දක්වන මති මතාන්තර මත ඔබේ උත්සාහය අතහැර දමනවද?
කොහෙත්ම නෑ. විචාරකයෝ මත දක්වයි. මගේ ගමන මම යනවා මගේ පොත්වලටත් විචාරකයෝ විවිධ අදහස් දැක්වුවා. සමහරු තේරෙන්නෑ කිව්වා. ඒත් මම උත්සාහයට අතහැරියේ නෑ. ඒ විධියට තමයි සිනමාව ගැනත් මම දරන මතය. මගේ වැඩේ නිර්මාණ කරන එක ප්‍රතික්ෂේප කරනවද නොකරනවාද කියන එක ප්‍රේක්ෂකයාගේ වැඩක් ඉන්ඩිපෙන්ඩන්ට් එක්ස්පෙරිමන්ට් ෆිල්ම් ෆෙස්ටිවල් ඔෆ් කේරල ෆිල්ම් ෆෙස්ටිවල් එකට ලෝක සිනමාවෙන් තෝරගත්තේ චිත්‍රපට හයයි. ඒ තෝරාගැනීම සිද්ධ කළේ විනිශ්චය මණ්ඩලයක් මඟින් ඒ තෝරගත් චිත්‍රපට හයෙන් ලෝක සිනමා අංශයෙන් තෝරාගත් එක් චිත්‍රපටයක් වුණේ මගේ පැන්ත්‍රම්. බොහෝ දෙනෙක් මම ගැන දැන සිටියේ නිවේදිකාවක් ලෙස තව පැත්තකින් ලේඛිකාවක් ලෙසත් ඔවුන් දැන ගෙන සිටියා. මේ වෙද්දී මම පොත් හයක් රචනා කරල තියනවා. මම ලිව්ව වුල් ෆෙන්ඩාල් ස්ට්‍රීම් ග්‍රන්ථය 2015 දී ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණා. මේ ග්‍රන්ථයෙන් 1948 සිට 2015 තෙක් ලංකාවේ වෙනස්වුණු දේශපාලන වටපිටාව ගැන කතා කරනවා.
ප්‍රේක්ෂක හද බැදගත් නිවේදිකාවක් පාඨක ආදරය දිනූ ග්රන්ථකර්තෘවරියක් එකපාරට සිනමා අධ්යක්ෂවරියක් වුණේ කොහොමද?
මේක එක පාරට වුණ දෙයක් නොවෙයි. දීර්ඝකාලයක අත්දැකීම් මත ආපු ගමනක්. නිවේදිකාව, ග්රන්ථ රචිකාවට අමතරව මම මාකටින් ඇන්ඩ් මැනේජ්මන්ට් පැත්තත් ඉගෙන ගත්තා. කාලයක් වී.එෆ්.එම්. හෙඩ් ඔෆ් මාකටින් හැටියට කටයුතු කළා. ඊට පස්සේ එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළා. ඔය අතරේ මාකටින් පැත්තේ ගනුදෙනුවේ තවත් පැත්තක් ලෙස දැන්වීම් ක්ෂේත්රය මම තෝරාගත්තා. යම් දෙයකට ෆෝකස් කරලා අපි කොහොමද ඒක හරියට කරන්නේ කියන දේ මම ඉගෙන ගත්තේ ඒ තුළින් මේ හැම දෙයක්ම මම සිනමා නිර්මාණයක් තුළ ෆ්‍රේම් එකක් හදාගන්න ලොකු ආශිර්වාදයක් කර ගත්තා. ඒ ශක්තිය මට අධ්යක්ෂණයන් සඳහා ලොකු ශක්තියක් එක්කළා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන