නිවස කළා පුවත් කාසි වාසි මුහුරත් උලෙළ දා

කාසි වාසි මුහුරත් උලෙළ දා

by Thanushika
August 29, 2024 11:11 am 0 comment

සිකුරු හතේ, පහ සමත් චිත්‍රපට රිදී තිරයට එක්කළ ඉම්පීරියල් ටෝකිස් තෙවැනි සිනමා නිර්මාණය වන ‘කාසි වාසි’ සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින බොරලස්ගමුව ටැංගෝ රෙස්ටුරන්හි පැවැත්විණි. ගිරිරාජ් කෞශල්‍ය දෙබස් හා තිර රචනය කරන කාසි වාසි, අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි. අනුරාධ බී. රැකව සහ ශ්‍රී ලාල් වික්‍රම ගේ නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධ සමඟ ප්‍රභාත් දර්ශන, සහාය අධ්‍යක්ෂණය ජයන්ත අබේරත්න, කලා අධ්‍යක්ෂණය මනෝජ් වික්‍රමසිංහ, නිෂ්පාදන කළමනාකරණය ධම්මික ගුණසේන, අංග රචනය වාසනා බණ්ඩාර විජේකෝන්, සංස්කරණය අජිත් රාමනායකගෙනි.

ගිරිරාජ් කෞශල්‍යය, සරත් කොතලාවල, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, සංගීත් ප්‍රභූ, ලක්ෂ්මි දමයන්ති, නිරෝෂා තලගල සමඟ අමන්දා උත්පලී ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක් වෙති.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT