නිවස කළා පුවත් කාල රේඛාව ජනගත වේ

කාල රේඛාව ජනගත වේ

by Thanushika
August 15, 2024 9:22 am 0 comment

පූර්ණකාලීන ලේඛිකාවක්, කිවිඳීයක් සහ ජනමාධ්‍යවේදිනියක් වන කාංචනා අමිලානිගේ තුන්වැනි කවි සංග්‍රහය ‘කාල රේඛාව’ පසුගියදා නිකුත් විය.

මීට පෙර ඇගේ කවි සංග්‍රහ දෙකක් ‘ප්‍රේමයේ කාර්තු’ සහ ‘බූමරංගය ඔබේ ඇස් දෙක’ නමින් නිකුත් වී ඇත. ඇගේ පළමු කෙටිකතා සංග්‍රහය ‘ගම්මිරිස් කුරුල්ලා’ වන අතර පළමු නවකතාව ‘ගුහා සටන’යි.

කවි එන්නේ මගේම ඇතුළු හදින් බව තේරුම් ගැනීමට මට වසර විස්සකට වඩා ගතකරන්නට සිදු විය. මේ ඇතුළු හදවතට කිණිසි පහර මෙන්ම කඩු පහර ද, ඉඳීකටු තුඩු ද ඇනුණු පසු යම් වේදනා රේඛාවක් ඔස්සේ කවියක මූලික හැඟීම උපදියි. බහුතර අවස්ථාවල එහි ශෝකයක් මිස ප්‍රීතියක් නැත. එහෙත් ඉතාම අහඹු මොහොතක, ප්‍රීතිමත් කවි ද නිමවෙයි. ඒ, ඒවාටම අනන්‍ය ගති ලක්ෂණ සහිතවය. ‘කාල රේඛාව’ යනු ශෝකයේ සහ ප්‍රීතියේ අසමමිතික එකතුවකි. ඒ රේඛා කිසි විට එකට හමු නොවනු ඇත. ‘කාල රේඛාව’ රසකතා ප්‍රකාශනයකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT