ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද නවතම පරිවර්තන කෘතිය කාන්තාවන්ට පමණයි පසුගිය දින ස්වාමි විවේකානන්ද ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ජනගත කෙරිණි.
එහිදි නීතිඥ අජානා රණගල, ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ, උපාලි සමූහ ව්‍යාපාරය අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම, නීතීඥ ලක්ෂිකා රත්නායක, නර්තන ශිල්පිනී සුරනි ලෙනෝරා වීරසේකර, නීතීඥ විරාජනි තෙන්නකෝන්, ප්‍රධාන දෙසුම් පවත්වන ලදී. මේ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.