18
තේජා ඉද්දමල්ගොඩගේ අවසන් අධ්‍යක්ෂණය ද තුසිත ජයසේනගේ දෙවැනි සිනමා නිෂ්පාදනයද වනුයේ ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටයයි.
ශශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශය කරමින් ප්‍රේක්ෂක රස වින්දනය උදෙසා නිර්මාණය කෙරුණු ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දින kandy City Centre සිනමා සංකීරණයේදී පැවැත්විණි. ඒ සමඟ දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ඇරැඹිණි.