නිවස ලාංකිය සිනමාව කළු සුදු ජීවිත වෙනස කම්බිලි

කළු සුදු ජීවිත වෙනස කම්බිලි

by Mahesh
August 1, 2024 12:30 am 0 comment

ඉතාමත් සුන්දර ගම්මානයක් කේන්ද්‍රකොට ගනිමින් නිර්මාණය වී ඇති කම්බිලි සිනමා පටය ආදරය, කුතුහලය, ත්‍රාසය, භීතිය හා හාස්‍ය මුසුකොට ගෙන නිර්මාණය වී තිබේ. භානුක සහ කලණ හොඳම මිතුරන් වන අතර ඔවුන් නගරයේ වාසය කරන තරුණයින් දෙදෙනෙකි. භානුක තම මිතුරා වන කලණට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ගම්මානයේ සියලු දෙනාගේම ගෞරවය සහ විශ්වාසය දිනාගෙන සිටින වික්‍රමසිංහ වෙද මහතාගේ නිවසට පැමිණෙයි. නගරයේ සිට ගමට පැමිණෙන අතරතුර අහඹු ලෙස හමුවන වෙදමහතාගේ එකම දියණිය වූ සමාධිව මුණගැසෙන අතර, භානුකට ඇය පිළිබඳව ආදරය මුසු වූ හැඟීමක් ජනිත වූවත්, සමාධිය ඒ සම්බන්ධව වැඩි තැකීමක් නොකරයි. වෙද මහතා ඔවුනට පවසන්නේ, ටික දිනක් ගමේ නතර වුවහොත් කලණව ඉක්මනින් සුවපත් කළ හැකි බවයි. ඒ අනුව එම ගමේ මංජු නැමැත්තා, ලලිතා අම්මා නම් කාන්තාවගේ නිවසේ ඔවුන් දෙදෙනාට නවාතැන් දීමට කටයුතු කරයි. මතුපිටින් සුන්දරව තිබෙන මෙම ගමෙහි තරුණ ජීවිත විනාශ කරමින් සමාජ විරෝධී ක්‍රියාවක නිරතව සිටින ටයිටස් නමැති පුද්ගලයෙකු පිළිබඳව ඇය ඔවුනට පවසයි. ඇයගේ එකම පුතු වූ තමීරගේ මරණයට ද වගකිව යුත්තේ ටයිටස් බව ඇය අවධාරණය කරයි. ඉතිරිව ඇති තරුණ ජීවිත ටයිටස්ගෙන් බේරා ගැනීම ලලිතා අම්මාගේ එකම අරමුණ වෙයි. ගමේ වෙසෙන ප්‍රාදේශීය දේශපාලකයෙකු වන ධර්මපාල මන්ත්‍රීතුමා වෙද මහතා හමුවී ගමට සිදුවන හානිය වළක්වා ගැනීමට ගම්වැසියන් රැස් කළ යුතු බව පවසනවා. ගමේ සිදුවන අනිසි දේ පිළිබඳව භානුක හා කලණ විමසිලිමත් වෙයි. ගම විනාශ කරන අදිසි හස්තයක් ඇති බව ඔවුනට පෙනී යයි.

අධ්‍යක්ෂවරයා පිළිබඳව – ප්‍රසාද් කළුපහන

ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පියෙකු ලෙසින් මාධ්‍යයට හා කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ප්‍රසාද් කලුපහන, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි. ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යවේදියෙකු මෙන්ම ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ දිගු කලක් නියැළී ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි ‘කම්බිලි’. මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හදාරන ඔහු කලක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මෙරට ප්‍රමුඛ පෙළේ රූප රචනා නිර්මාණ ආයතනයක් වන ELA IDEA CREATIONS ආයතනයේ නිර්මාතෘවරයාද වේ.

රංගන දායකත්වය
අමිල කරුණානායක, නෙත්මි රොෂෙල් රොජස්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක (ආරාධිත), සමිත සුදීශ්වර (හඳුන්වාදීම), දේව් සුරේන්ද්‍ර (හඳුන්වාදීම), කෝරලගේ සමන්, ජනිත් රූපසිංහ (හඳුන්වාදීම) සුජානි මේනකා, කෝරලගේ සමන්, අංජන ප්‍රේමරත්න, ගාමිධෑ අපොන්සු, වීනු පෙරේරා, ප්‍රමිලා තෙනුජාන, ටීනා ශනෙල් ප්‍රනාන්දු, නයනි රාමනායක, සුගත් ජානක, අමිල චින්තක ගමගේ, රංගන ජයතිලක, නිව්ටන් විදානපතිරණ

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – ප්‍රසාද් කළුපහන
තිර රචනය – නිදුක් මධුෂිත
නිෂ්පාදනය – නිශාන්ත ගල්හේන
විධායක නිෂ්පාදනය – චම්පික ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය – පුෂ්පිත නිර්මාල් සූරිගේ
සහය අධ්‍යක්ෂණය – සඳුනි කාවින්ද්‍යා ජයපත්ම
සංස්කරණය – අනුර බණ්ඩාර
ඩී.අයි. වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර
හඬ සැලසුම හා නාද ශික්ෂණය – සශින් ගිම්හාන් පෙරේරා
කලා අධ්‍යක්ෂණය සහ රංග වස්ත්‍ර නිර්මාණය –
සංජීව කරුණාරත්න
අංගරචනය – සුපුන් ස්ටෙන්වෝල්
නර්තන වින්‍යාශය – රසික ප්‍රභාත්
නිෂ්පාදන කළමනාකරණය –
නිදුක් මදුශිත, හර්ෂාන් ප්‍රබෝත් ජයසේකර
සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – කනිෂ්ක මධුරංග අල්විස්
සංගීත අධ්‍යක්ෂණය – ඩිල්ෂාන් එල්. සිල්වා
ගී පද රචනය – ලසිත ජයනෙත්ති ආරච්චිගේ
ගී තනු නිර්මාණය – ඩිල්ෂාන් එල්. සිල්වා, දිලීප සාරංග
ගීත ගායනය – බාචි සුසාන්, කාංචනා අනුරාධි, රයිනි චාරුකා, ඉෂාන් ලන්ත්‍රා, සේනානායක වේරලියද්ද, ටෂ්නි පෙරේරා, ගයාන් ගුණවර්ධන, විමංශා දිල්හානි

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT