පවන් අංජන ලාංකේය නූතන සාහිත්‍යයේ ස්ථානගතවන්නේ කවියකු වශයෙනි. වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ සිනමා හා රූපවාහිනි පාඨමාලාව හදාරන විද්‍යාර්ථයකු වන පවන් අංජන කාව්‍යකරණය කළ ‘සුළඟ තුරු අගිස්සක’, ‘වලාකුළු නිමිනයට එන්න’, ‘සොඳුර! එහෙමයි ප්‍රේමය’ යන කවි පොත් ත්‍රිත්වය මෙි වනවිට පාඨකයන් වෙත දායාද කර ඇත. ‘වලාකුළු නිමිනයට එන්න’ කෘතිය 2021 වසරේ ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස සමිමානය හිමි විය. පවන් අංජන කාව්‍යකරණයට අමතරව පොත් පිටකවර නිර්මාණකරුවකු ද වෙයි. මෙවර සරසවිය අවකාශයේ ඉඩ හසර වෙන්වන්නේ පවන් අංජන සමඟ සිදු කළ සාහිත්‍ය කතාබහ සමඟිනි.
පවන්ගේ සාහිත්‍ය ගමන ඇරඹෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම?
මගෙ සාහිත්‍ය ජීවතය හරියටම මෙතනින් පටන් ගත්තා කියල කියන්න මට අදහසක් නැ. මොකද? බාලවියේ සිටම සාහිත්‍ය කියන දේ හැමදාම මගෙ ළඟ තිබුණු දෙයක් විදිහට තමයි මට දැනෙන්නෙ. පොඩි කාලේ ඉඳලා විවිධ කවි කතන්දර කියවීම මගේ ජීවිතයේ කොටසක්. මම කොයි කාලෙ ලියන්න පටන් ගත්තද? කියන එක ගැන මට එහෙම හරි අදහසක් නෑ. හැබැයි අට වසර පන්තියෙදි මම ලියපු යොවුන් නවකතාවක් ගිම්හාන නිවාඩුව නමින් ගොඩගේ ප්‍රකාශනයක් විදිහට මුද්‍රණය කරා. ඒක තමා සාහිත්‍ය ලිවීම මම බාහිර සමාජයත් එක්ක බෙදාගත්ත පළවෙනි අවස්ථාව. ඊටපස්සෙ උසස්පෙළ කාලයේදී පුවත්පත්වලට කවි ලිවීම සහ ඒ ඔස්සේ රැස ළමා පිටුවට තීරු ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුණා. අවස්ථාව උදාකරල දුන්නෙ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර. ඒ කාලයේදීම මම මගේ එතෙක් ලියපු කවි එකතු කරල මගෙ පළවෙනි කවි පොත සුළඟ තුරු අගිස්සක කෘතිය ප්‍රකාශයට සූදානම් වෙමිනුයි හිටියෙ. එය උතුරුමැද කලා උළෙලේ හොදම කාව්‍ය අත්පිටපත විදිහට සම්මානයට පාත්‍ර වීමත් සමඟ සන්ථව ප්‍රකාශනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වුණා. ඇත්තටම එය කවියෙක් විදියට මගේ සාහිත්‍ය ගමනේ ආරම්භය විදියට හඳුන්වන්න මම කැමතියි.
ලංකාවෙි සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඔබ ස්ථාගනගත වන්නේ කවියෙකු විදියට. කවියට ඔබ මෙතරමි ආශා කරන්න හේතුව මොකක්ද?
මම කවියෙක් විදිහට බොහෝ දෙනෙක් අඳුනගත්තත් කවියට අමතරව ලේඛනය, දෘශ්‍ය කලාව, සිනමාව වගේ ක්ෂේත්‍රයන්වලත් වැඩ කරනවා. නමුත් මම ගොඩක්ම කැමතියි ඔබ මාව කවියෙක් විදියට දකිනවට. මොකද මට අනුව කවිය අනෙක් හැම කලා මාධ්‍යයකින්ම වෙනස් වූ පිවිතුරු නැත්නම් දිව්‍යමය කලාමාධ්‍යයක්. කවිය අපේ ජීවිතය, හැඟුම් එක්ක බද්ධ වුණ වාණිජ පරමාර්ථ වගේ දේවල්වලින් සම්පූර්ණයෙන්ම දුරස්වුණ කලා මාධ්‍යයක්. කවිය ඇතුළේ මට කාගෙවත් බාධාවකින් තොරව ස්වාධීනව මගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ලැබෙන එක තමා මම කවිය අනෙක් හැමදේටම වඩා ඇලුම් කරන්න හේතුව.
‘වලාකුළු නිම්නයට එන්න’ කවිය සමිමානයට පාත්‍ර වුණු සහ කවි කියවන පාඨකයන් අතර අවධානය දිනාගත් කෘතියක්. ‘වළාකුළු නිම්නයට එන්න’ කවි පොතක් විදියට නිර්මාණය වෙන්න පසුබිමි කතාව මොකක්ද?
වලාකුළු නිම්නයට එන්න කෘතිය මම නිර්මාණය කලේම තරමක පර්යේෂණාත්මක වැඩක් විදියට කිව්වොත් නිවැරැදියි. මම කලින් සඳහන් කළ ආකාරයට කවිය හැඟීම් ගනුදෙනුවක් වගේම, හොඳ කවියක් ලියන්න නම් කවිය ගැන පුළුල් හැදෑරීමක් අවශ්‍ය වන බව මම විස්වාස කරනවා. කවිය මට කවදාවත් හදාරලා අවසන් කරන්න බැරි අධ්‍යයන කලාපයක්. ඉතින් වලාකුළු නිම්නය ලියවෙන කාලේ මම කවිය දැකපු විදිය, මගේ අධ්‍යයනය සහ කවිය ඇතුළේ මම බලාපොරොත්තු වෙන වින්දනය ලබා දෙන්න පුළුවන් විදියෙ කෘතියක් කරන එක තමා මගේ අරමුණ වුණේ. වලාකුළු නිම්නයට එන්න කෘතිය සම්මානවලට නිර්දේශ වෙයි කියල බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. ඒ අත්පිටපත මම ගොඩගේ අත්පිටපත් තරගයට ඉදිරිපත් කළේම ඒකෙ ඒ ආකෘතික අත්හදා බැලීම් වගේ දේවල් නිසා හෝ මුද්‍රණයට තෝරාගනීවි කියන බලාපොරොත්තුවෙන්. ඇත්තටම ඒක ලිව්වෙ මගේ වින්දනය වෙනුවෙන්ම විතරයි කිව්වොත් තමා වඩාත්ම නිවැරැදි. අජිත් තිලකසේන වගේ කවියෙක් පාවිච්ච් කරපු කාව්‍ය ආකෘති වලාකුළු නිම්නයට එන්න කෘතියට සෘජුවම බලපෑවා. නමුත් එතනින් එහාට තවත් ආකෘති සහ විවිධ අනුභූති, හැඟීම් එක්ක වඩාත් නිදහස් කවියක් ලියන්න තමා ඒකෙදි මට අවශ්‍ය වුණේ.
පවන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය විදියට ‘සොඳුර! එහෙමයි ප්‍රේමය’ පාඨකයන් වෙත එළිදැක්වූවා. අලුත් කවි පොත යමක් කියමු…
මගේ අලුත්ම කාව්‍ය කෘතිය සොඳුර එහෙමයි ප්‍රේමය නමින් රසකතා ප්‍රකාශනයක් ලෙස ජනවාරි මාසයේ මුද්‍රණයෙන් නිකුත් වුනා. මේක මගේ පෙර කෘතිය වුණ, වලාකුළු නිම්නයට එන්න කවි එකතුවට වඩා අකෘතිකමය, අනුභූතිමය වගේම සෑම අතකින්ම වෙනස් කවි එකතුවක්. නමුත් මේ පොත් දෙකටම අදාළ කවි රචනා වුණේ එකම කාල සීමාවක. ඉතින් කලින් සඳහන් කලා වගේ වලාකුළු නිම්නයට එන්න කෘතියට එහි විශේෂ ආකෘතික අත්හදා බැලීම් එක්ක ඊට සුදුසු කවි තෝරාගද්දි මේ කවි ටික එතනින් වෙන් වෙලා ඊට එකතු නොවුණු කවි ටිකක් ඉතුරු වුණා. ඒ වගේම මේ සොඳුර එහෙමයි ප්‍රේමය කවි එකතුවේ බොහෝ කවි වඩාත් ගීතමය ඒවා වීම සහ ආදරය විෂය කරගත් ඒවා වීම විශේෂයි. පොතේ නමට අදාළ කවිය ඇතුළු තවත් කවි කීපයක්ම මේ වන විට ගීත බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරින් ‘තාරා’, ‘සොඳුර එහෙමයි ප්‍රේමය’ ගීත දෙක දැනට නිකුත් වෙලා තියෙනවා. තවත් ගීත කීපයක් මේ වසරේ නිකුත් වෙන්න නියමිතයි.
‘සොඳුර! එහෙමයි ප්‍රේමය’ කවි පොතේ පවන් කවිය අර්ථ දක්වන්නේ ‘කවිය හැඟුම් මිස අනෙකක් නොවෙි’ කියලා. කවිය කියන්නේ ඇත්තටම හැඟුමි සැමරුම් අහුරක්ද?
ඔව්, මම මේ මොහොතේ කවිය කියවාගන්නේ නැත්නම් අර්ථදක්වන්නේ ඒ විදියට. මම මුලින් සඳහන් කලා වගේ මට කවිය හරිම පිවිතුරු කලාමාධ්‍යයක්, ඒක ඉතාම සියුම්, පුද්ගල හැඟීම් එක්ක බද්ධ වුණ හැඟීම් ප්‍රකාශනයක් වෙන තැනදි තමා කවියේ අව්‍යාජ බව ගොඩ නැගෙන්නෙ. ඉතින් ඒ නිසා කවිය කියන්නෙ හැඟීම් තමා.
මගේ පෞද්ගලික නිරික්ෂණයක් විදියට පවන්ගේ කවිවල බොහෝමයක් රොමාන්තිකරණය තැවරිලා තියෙනවා. ප්‍රේමය සම්බන්ධ අලංකාරික වචන තැවරී ගිය සියුම් කියවීම් තිබෙනවා. තරුණ කවියෙක් විදියට ප්‍රේමය මෙතරමි කවි සිතුවිලිවලින් කියවන්න හේතුව මොකක්ද?
කවිය කියන්නෙ හැඟුම් බව ජීවිතේ තියෙන මිහිරිතම, උත්තරීතරම හැඟීම වුණ ප්‍රේමය ගැන වැඩිපුර කවි ලියවෙන එක අරුමයක් නෙවෙයි. ඒ වගේම ඇත්තටම අර්ථයක්, අරමුණක් නැති අපේ ජීවිතය කියන දේ ඇතුළෙ අපිට තියෙන එකම වටිනාකම, එකම අර්ථය ප්‍රේමය කියල මම විශ්වාස කරනවා. හැබැයි මම වැඩිපුර ප්‍රේමය ගැන ප්‍රේමණීය හැඟුම් ගැන ලිව්වට ඒ ප්‍රේමය අතරෙම ජීවිතේ අනිකුත් මිහිරියාවන් වගේම තැවුල් ගැනත් සංවේදනා තැවරිලා තියෙනවා කියල හිතනවා.
ඔබෙි සාහිත්‍යමය ජීවිතයට වැඩිපුරම බලපෑමි කරපු සාහිත්‍යධරයන් සහ කෘතීන් මොනවාද?
කවිය කියන සාහිත්‍යාංගය ඇතුළෙ මට බලපෑම් කරපු කවියන්, මම ඉතා ප්‍රියකරන කවියන් විශාල පිරිසක් ඉන්නවා. සිංහල කාව්‍ය ක්ෂේත්‍රය ගත්තම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, අජිත් තිලකසේන, ගුණදාස අමරසේකර, රත්න ශ්‍රී විජේසිංහ, ලක්ෂාන්ත අතුකෝරල, රුවන් බන්ධුජීව වගේ කවියන්ගෙ විවිධ විලාසයන්ගෙ රචනා ක්‍රමවලට මම ගොඩක් ප්‍රිය කරනව සහ ආභාසය ලබලා තියෙනවා.
ඇතැමි පාඨකයන් කරන චෝදනාවක් තමයි වර්තමානයේ කවි ලියන ඇතැමි කවි කිවිඳීයන් විසින් කවිය විකෘති කර ඇති බව. ඔබ තරුණ කවියෙක් විදියට නූතන කවිය සමිබන්ධයෙන් තියෙන නිරික්ෂණ මොනවද?
ඒ ප්‍රකාශයේ යම් තරමක ඇත්තක් තියෙනවා කියල මම හිතනවා. වර්තමානයේ ෆේස්බුක් අවකාශය හරහා කවිය විශාල ලෙස ජනප්‍රිය වීම තමා ඒකට හේතුව. එතනදි ප්‍රශ්නය වෙන්නෙ කවිය ෆේස්බුක් එකේ සීමාවන්ට කොටුවීම. කවියත් ෆේස්බුක් එකේ නිතර දැකල අමතක වෙලා යන සාමාන්‍ය පෝස්ටු ගානට වැටිල තියෙන අවස්ථා බහුලයි. මම හිතන්නෙ කවියකින් අපේ හදවත සසල වෙනවනම් ඒ කවිය සදාකාලිකව අපි එක්ක රැදෙනවා. ක්ෂණිකව අමතක වෙලා යන්නෙ නෑ. ඉතින් අපි සසල වෙන විදියෙ කවි ෆේස්බුක් එකේ නැතිවා නෙවෙයි තියෙනවා. හැබැයි ඒ, කවිය කියන කලා මාධ්‍යයට ෆේස්බුක් එකට එහා අතිවිශාල ඉතිහාසයක් තියෙනව කියල දන්න, කවිය හදාරන කවියට සීරියස් උදවිය ලියන කවි. අර කලින් කිව්ව විදියෙ අවර ගණයේ කවි ලියවෙන්න හේතුව මම හිතන්නෙ ඒ නිසි හැදෑරීම නැතිකම සහ ෆේස්බුක් එකෙන් එහා කවියක් ඔවුන් කියවලවත් නැති වීම.
ඔබ වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිනමාව හදාරන විද්‍යාර්ථයෙක්. සිනමාව ඔබෙි සාහිත්‍ය ජීවිතයට ඇති කරන බලපෑම මොනවගේද?
සිනමාව සාහිත්‍ය ජීවිතයට බලපෑම් කරනවා කියනවට වඩා මම කැමතියි සාහිත්‍ය ජීවිතය සිනමාවට බලපෑම් කරනවා කියල කියන්න. මොකද සිනමාව කියන්නෙ ඇත්තටම සියලු කලා මාධ්‍යයන් අපූරුවට ඒකාරාශී කරගෙන සංකීරණ නිර්මාණ කරන්න පුළුවන් අවකාශයක්. සිනමාකරුවෙක් වීමේ පුහුණුවට සාහිත්‍ය නිර්මාණ පසුබිම හොද වැඩබිමක් වෙයි කියල මම විශ්වාස කරනවා.
මලින්ත විතානගේ