Home » කලාවෙන් නෙවෙයි ව්‍යාපාර පැත්තෙන් මං ඉදිරියට යාවි

කලාවෙන් නෙවෙයි ව්‍යාපාර පැත්තෙන් මං ඉදිරියට යාවි

ඉසුරි සත්‍යා ගෞරවී

by Mahesh
May 16, 2024 12:30 am 0 comment

ඇය සාන්ත ලෝරන්ස් පාසලෙන් මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරයි. ඉන්පසු ඉතා කෙටි කාල සිමාවකින්ම තම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ International Business Management Finance උසස් අධ්‍යාපන කටයුතුද නිමා කර ගැනීමට හැකියාව ලැබිණි. පවුල් පසුබිමත් සමඟ කුඩා කල සිටම කලාවට යොමු වූවාය. අපරදිග සංගීත කලාවට දැඩි නැඹුරුතාවක් දක්වමින් ගායනය හා රංගනයේන් කලාවේ විවිධ ඉසව් කරා පාසලේ ගමන් කළේය. ඒ තුළින් ලැබූ පන්නරයත් සමඟ අද ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳගෙන සිටි. සිරස ටීවී හරහා විකාශය වූ සවප්නා ටෙලි නාට්‍යයේ හඬමුසු කළ ශිල්පිනියක් වන්නට මවගේ අඩි පාරේ යමින් ජීවන් සහ චමින්ද යන දෙදෙනාගේ මග පෙන්වීම යටතේ අවස්ථාව උදා විය. කුඩා පිරිමි ළමයෙකුගේ චරිතයට හඬ මුසුකරමින් ඇරඹි ගමන අද ඉම්ලී ටෙලි නාට්‍යයේ ඉම්ලිගේ හඬ ප්‍රේක්ෂකයාගේ දෙසවනට ගෙනෙන්නේ ඇයයි. ඇය නමින් ඉසුරි සත්‍යා ගෞරවී ගමගේයි. මේ ඇය පසුගිය දින සරසවිය සමඟ ඉම්ලි ගැන කළ කතාබහයි.

ස්වප්නා ටෙලිනාට්‍ය කළ හඬමු සු කිරීමත් සමඟ කවදා හරි මේ වගේ ප්‍රධාන චරිතයක් ලැබෙයි කියලා හිතුවද?

ස්වප්නා එකේ මීනක්ෂිගේ දුවගේ චරිතය හඬ මුසු කලාට පසුව සිනමාපට කිහිපයකට හඩමුසු කරන්නට අවස්ථාව ලැබුණා. සීග්‍රර්ට් ගාඩ්න්, හ්‍යුගෝ, විෆ්ලාලා, ටිං ටින් සමග දඟයා සිනමාපටයේ දඟයාගේ අක්කාටද මගේ හඬ ප්‍රේක්ෂකයන්ට ඇසන්නට දෙන්නට අවස්ථාව ලැබුණා. ඉතාම කෙටි කාලයකින් මට මේ ගමනට එන්නට අවස්ථාව ලැබුණේ මගේ දක්ෂතාවය නිසා කියලයි මම හිතන්නේ. ඉම්ලී වගේ චරිතයක් ඉක්මනට ලැබෙයි කියලා නම් මම කවදාකවත් හිතුවේ නැහැ.

හඬ මුසු කරන ශිල්පිනියකට වඩා ප්‍රිය කරේ අපරදිග සංගීත කලාවට නේද?

මම පාසල් යන කාලයේ සිට අපරදිග සංගීත කලාවට දැඩි ලෙස ප්‍රිය කළා. හය වසරේ සිටම මම පියානෝ වාදනයට හා ගායනයට වැඩි ඇල්මක් දැක්වූ නිසා එක දිගට වසර හතරක් පියානෝ වාදනයෙන් පළමු ස්ථානය දිනා ගැනීමටද නර්තනයෙන්ද පළමු ස්ථාන දිනා ගැනීමට අවස්ථාව ලැබුණා. මේ සියලු දේවල් පිටුපස සිටියේ මට ගුරුහරුකම් දුන්නේ ඉලංගති ගුරුතුමියයි. මේ හරහා මට පාසලේ කොන්සට් සියල්ලම නියෝජනය කරන්නට අවස්ථාව ලැබුණා.

International Business Management Financial උපාධියක් ලබාගෙන කලාව පැත්තෙන් යන්න අදහස් කරන්නේ ඇයි?

මම ගොඩක්ම ව්‍යාපාර අධ්‍යයන කටයුතු පැත්තට නැඹුරු වන්නේ පියාගේ ආභාසය නිසායි. කලාව පැත්තට නැඹුරු වෙන්නේ මවගේ ආභාසය නිසා ය. ජීවිතයේ බෝරිං කරගන්නවාට වැඩිය දෙපැත්ත සමබරව කරගෙන යාම තමයි මගේ එකම බලාපොරොත්තුව. කලාව ඕනම මනුස්සයෙකුට රසවින්දනය උදෙසා අවශ්‍ය වෙනවා. මගේ නැඹුරුතාවය ඒ නිසා වෙන්න පුළුවන්. මගේ කලාවේ ගමන මම ඇත්තටම යන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් හැදෑරීමක් තුළින්. එයට අවශ්‍ය පියවර ගැනීම මේ වකවානුවේ මම සිදුකරගෙන යනවා. විශේෂයෙන් චිත්‍රපට කලාව පිළිබඳ චිත්‍රපට සංස්ථාවේ පාඨමාලාවක් හැදැරිමටයි බලාපොරොත්තු වෙන්නේ.

මවගේ අඩි පාරේ යන ඔබ වේදිකා නාට්‍යය කලාව තුළ මේ වන විට මොනවද කරලා තියෙන්නේ?

මේ වෙන විට මම මවගේ වේදිකා නාට්‍යය තුළ මූල්‍ය කලාමනාකරණය සිදු කරන්නට අවස්ථාව ලැබිලා තියනවා. ඒ අතර කරපිංචා ඕනෑ, ශ්‍රී වික්‍රම නුර්තිය යන වේදිකා නාට්‍ය දෙක තුළ මූල්‍ය කළමනාකරණය සිදුකළා.තිරයේ ඉදිරිපසට වැඩිය මම තිරේ පිටුපසට වේදිකාවේ කැමතියි. ඒ තුළ ගොඩක් දේවල් කිරීමට හැකියාව තියෙන නිසයි.

මව රැගෙන යන සාම්ප්‍රදායික නාට්‍ය කලාව තුළින් ඔබට ලැබුණු ආභාසය මොන වගේද?

රංගනයේ පැත්තෙන් මට ගොඩක් ඉගෙන ගන්න දේවල් මේවන විට ලැබිලා තියෙනවා. සාම්ප්‍රදායික නාට්‍ය කලාව පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ගොඩක් විඳලා තියෙනවා. මවගේ වේදිකා නාට්‍යවල පෙර පුහුණුවීම් හා රංගනයට දායක වෙන්නට යන අවස්ථාවලදී ඈ සමඟ යෑම නිසා අද සිටින සහ ක්ෂේත්‍රයෙන් සමුගත්ත ප්‍රවීණයන්ගේ ආභාසය මට නිරන්තරයෙන් ලැබිලා තියෙනවා. ඔවුන් දුන්න ගුරුහරුකම් මේ ගමනට මට ගොඩක් පිටුවහලක් වෙලා තියෙනවා.

ලෝක ධර්මි හා නාට්‍ය ධර්මි නාට්‍ය කලාව තුළ වඩාත් ප්‍රිය කරන්නේ කුමක්ද?

ලෝක ධර්මි හා නාට්‍ය ධර්මි නාට්‍ය කලාව බිහිවීම නිසයි මෙපමණ කාලයක් නාට්‍ය කලාව පැවතුණේ. ඒත් මම හිතන විදිහට ඉදිරියේදී මෙවැනි දේවල් නැති වෙයි කියලයි මගේ මතය නම්. අද වන විට එක එක රටවල් වලට ආවේණික වූ නාට්‍ය කලාවන් ගොඩක් නැතිවී ගොස් හමාරයි. ඒ රටවල්වල තුළ පවතින ආගම දහම. සංස්කෘතිය සභ්‍යත්වය තුළ ගොඩනැගුණු. නාට්‍ය කලාව ගෙනයාමට පරම්පරාවක් නැති වී ගොස් තිබෙනවා. මම දකින්නේ තරුණ පරම්පරාව සාම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් ඈත් වෙන බවයි. නව නිර්මාණකරණයට දැඩි ලෙස ප්‍රිය කරනවා. මම උණත් දැඩි ලෙස ප්‍රිය කරන්නේ නව නාට්‍ය නිර්මාණ කරණයටයි. සාම්ප්‍රදායික නාට්‍ය කලාවට එච්චර කැමැත්තක් මගෙත් නැහැ. ඒ නිසා ඒවා ආරක්ෂා කර ගැනීමට පියවර නොගැනීමද නාට්‍ය කලාවට වෙන ලොකු හානියක් ලෙස මම දකිනවා.අනිත් පැත්තෙන් නව නිර්මාණ තමයි දැන් ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක්වී තිබෙන්නේ හා රසවිඳීමට කැමති. ප්‍රේක්ෂකයා වේදිකාවේ සජීවී බවින් ලබන අත්දැකීම ලබන්න පුරුදු වෙච්ච පිරිසක් ඉන්නවා. ඔවුන් බලාපොරොත්තුවන දේ දීම තමයි මගේ නම් එකම අරමුණ. මමත් දැඩි ලෙස මේ සජීවීකරණයට කැමතියි.

7 දේශීය නාට්‍ය කලාවක් තිබියදී, විදේශීය නාට්‍ය නාලිකාවල හඬ මුසුකර ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ගැන මොකද හිතෙන්නේ?

මේ තුළ දෙපැත්තක් තියෙනවා. හොඳ සහ නරක කියන දෙකයි. ඒත් ප්‍රේක්ෂකයා රස විඳීන්නට කැමති දේවල් කුමන හෝ ආකාරයෙන් ප්‍රේක්ෂකයා රස විඳීනවා. ඒ නිසා ලෝකයේ හැම රටකම මෙවැනි දේවල් සිදු වෙනවා. මම දකින්නේ නම් එවැනි නිර්මාණ හුවමාරු ලෙසයි වෙනත් භාෂාවකින් නිර්මාණය කළ නිර්මාණයක් තවත් භාෂාවකට පරිවර්තනය වීමේදී. නිර්මාණකරණයට අත්වැලක් සපයන බවයි කියන්න පුළුවන්නේ.

ඉම්ලීගේ චරිතය ප්‍රේක්ෂකයාට දනවන ඔබ හඬ නිළියක් ලෙසම කටයුතු කරන්නද කැමති දේශීය ටෙලි නාට්‍ය කලාවට යොමු වෙන්න කැමැත්තක් නැද්ද?

දැනටනම් එවැනි අදහසක් මගේ නැහැ.

ඉම්ලීගේ චරිතයට හඬ මුසු කළාට හොඳ පිටපතක් මට ලැබුණොත් ලැබෙන අවස්ථාව මගහරින්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා ඉම්ලීගේ චරිතය අවසන් වූ පසු හරි මට එවැනි දෙයක් ලැබෙයි කියලා. දැනට තවම ආරාධනා නම් ලැබිලා නැහැ.

ඉම්ලී ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

ඉම්ලී ලෙස ප්‍රධාන චරිතය මවන සුම්බුල් සහ මම එකම වයසේ පසුවන දෙදෙනෙක්. ඉම්ලී කියන්නේ හරිම අභියෝගාත්මක චරිතයක් ලෙසයි මම දකින්නේ. සින්දු කියන්න නටන්න, අඬන්න, කරන්න තියෙන හැම දෙයක්ම කරන්න තියෙනවා ඇයට. හඬ මුසු කිරීමේදී ඒ චරිතය දිහා බලාගෙන කිරීම හරිම අභියෝගාත්මක දෙයක් වෙනවා. මම හිතනවා සුම්බුල් වෙනුවෙන් ඉම්ලිට සාධාරණයක් මම ඉෂ්ට සිද්ධ කරනවා කියා.මාව ඉම්ලි ලෙස මෙතනට ගේන්නේ අනුර ජයන්ත, ඔහු සමඟ කාංචන අමරරත්න අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන අතර ඉම්ලී කතා පුවත අධීක්ෂණය කරන්නේ රෝචණ විමලදේව කතාව පරිවර්තනය කරන්නේ හේමාලී මැණික්පුරගේ මේ සියලු දෙනාගේ මග පෙන්වීම යටතේ මම ඒ චරිතයට සාධාරණයක් ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා කියලයි මම හිතන්නේ.

චරිතවලට හඬ මුසු කිරීමේ ආසාව ඔබේ හිතේ ඇති වෙලාද තිබුණේ?

එහෙම මගේ ජීවිතේ කවදාවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒකට මට අවස්ථාවක් ලැබුණේ අම්මත් සමඟ පසු පසින් ගිය නිසායි. මේ හඬ මුසු කිරීමට අවස්ථාව ලැබෙන්නේ නොසිතූ ලෙසයි. මට ඉම්ලිටර් මුලින් ලැබෙන අවස්ථා කිහිපයක්ම මම බැහැයි කියනවා මගේ අධ්‍යාපන කටයුතු නිසා. මුලින්ම වෙනත් ගර්ල් කෙනෙකු සමඟ කොටස් පනහක් විතර සිදු කරනවා. දෙවැනි පාරට මට කතා කළ පසුවයි මම දිගටම මෙයට සම්බන්ධ වෙන්නේ. දැනට මම කොටස් 450කට හඩ මුසු කරලා තියෙනවා. නාට්‍ය පුරාවට දිගහැරෙන කොටස් සංඛ්‍යාව 577ක් වෙනවා. තව කොටස් විසි ගාණක් විතර හඬ මුසු කරන්නට තියෙනවා. දැන් මම හරිම ආසාවෙන් මේ චරිතයට හඬ මුසු කරන්නේ.

මේ වන විට ඉම්ලි හරහා ලැබුණු ප්‍රතිචාර කොහොමද ?

මේ වන විට ඉම්ලිට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒත් ගොඩක් දෙනෙක් හඬ ගැන අවබෝධයක් නැති නිසා මම කියලා වටහා ගැනීමත් නැතිවී තිබෙනවා. ඒත් සත්‍ය පහදා දුන්නම කට්ටිය මට හරිම ආදරෙයි. එහෙම කිව්වම ප්‍රේක්ෂකයෝ ගොඩක් පුදුම වෙනවා මමද එහෙම කරන්නේ කියලා. මේ වන විට ඉම්ලි බලන හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඇතිවී තිබෙනවා කියලා මට කියන්න පුළුවන්.ලංකාවේ දැනට විකාශය වන නාලිකාවල ටෙලි නාට්‍යය එක්ක ගත්තාම ගොඩක් ප්‍රේක්ෂකයන් ඉම්ලී බලන්නට දැන් හුරු වෙලා ඉන්නෙ කියලා. මේ තුළින් මට කියන්න තියෙන්නේ මගේ ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක් තමයි ඉම්ලී කියලා.

තරුණියක් හැටියට ජීවිතය කියන්නේ මොකක් කියලද හිතන්නේ?

ජීවිතය කියන්නේ අභියෝග ගොඩකට ප්‍රශ්න වලට උත්තර හොයන දෙයක් කියලයි හිතන්නේ.

කලාවත් එක්ක නිරත වෙනවට බලාපොරොත්තු ගොඩක් තබාගෙනයි නේද ඉන්නේ?

මට එහෙම කලාවත් එක්ක නිරත වන විට බලාපොරොත්තු කියලා නැහැ.මේ ක්ෂේත්‍රය මම හදාරලා කරන්න බලාපොරොත්තු වෙන දෙයක්. කලාව නොවේ මගේ ප්‍රධානම මාර්ගය ලෙස මම තෝරාගෙන තිබෙන්නේ.ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යාම තමයි මගේ එකම බලාපොරොත්තු ලෙස මම දකින්නේ.මම කිසි දිනක කලාව පැත්තෙ ඉඳලා යැපෙන්නෙකු ලෙස බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා කලාවෙන් ලොකු දුකක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ සියලු දේවල් ආශිර්වාදයක් කරගෙන ඉස්සරහට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

ආපස්සට හැරිලා බලන විට මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

අම්මා තාත්තා සහ පවුලේ සහෝදරයන්ගෙන් හා යාළු හිතමිත්‍රාදීන්ගෙන් ලැබුණු උදව් උපකාර මම නිහතමානීවයි සිහිපත් කරනවා.ඔවුන් නොසිටියා නම් මේ ගමන මට එන්න හම්බවෙන්නෑ කියලයි මම හිතන්නේ.

මේ වන විට ඉම්ලි හෙවත් ඉසුරි සත්‍යා පෙම්වතියක්ද?

ඇත්තටම මේ වන විට මම පෙම්වතියක්, පාසල් ප්‍රේමයක අත්දැකීමත් සමඟ තමයි මේ ප්‍රේමයේ සිදුවෙන්නේ.තරුණියක් ලෙස ආදරය උපරිම විඳීන කාලයක් තමයි මේ කාලය.

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT