Home » කලාපොළ 2025

කලාපොළ 2025

by Thanushika
March 20, 2025 9:27 am 0 comment

වාර්ෂිකව පවත්වනු ලබන කලා පොළ 2025 වර්ෂය වෙනුවෙන් පසුගිය දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්)හිදී පැවැත්විණි. තිස් දෙවැනි වරටත් පවත්වන ලද කලාපොළ සඳහා කලා ශිල්පීන් මෙන්ම පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සහ විවිධ පළාත්වල ජනතාව සහ විදේශික ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි තුන්සිය අනූවකට වැඩි දේශීය කලාකරුවෝ මෙවර කලාපොළ නියෝජනය කරමින් වර්ණවත් කළහ.

1993 වසරේදී ජෝර්ජ් කිට් පදනමේ සංකල්පයකට අනුව හඳුන්වා දුන් කලාපොළ 1994 වර්ෂයේ සිට මේ දක්වා එහි කටයුතු සඳහා ජෝන් කීලිස් සමූහ ව්‍යාපාරය සක්‍රීයව මැදිහත් වී අනුග්‍රහකත්වය ලබාදි ඇත.

ා සෑම ක්ෂේත්‍රයකම විහිදී සිටින චිත්‍ර ශිල්පීන් මූර්ති ශිල්පීන් ආලේඛ්‍ය ශිල්පීන් සහ කාටූන් ශිල්පීන් ඇතුළු විවිධ අංශයන්ට අයත් කලා ශිල්පීන්ට කලා ප්‍රජාවන් සහ නිර්මාණ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට පුළුල් වේදිකාවක් මෙමඟින් සපයනු ඇත.මෙරට නිර්මාණාත්මක ආර්ථිකය සහ සමාජ සහජීවනය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා වෙළඳපොළක් මෙන්ම එකිනෙකාගේ දැනුම හා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ද මෙමඟින් උදා වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT