නිවස කළා පුවත් කම්බිලි අගෝස්තු 08 සිට රිදී තිරයේ

කම්බිලි අගෝස්තු 08 සිට රිදී තිරයේ

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

ප්‍රසාද් කළුපහනගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තය ‘කම්බිලි’ අගෝස්තු මස 08 වන දින සිට ඊ ඒ පී මණ්ඩලයේ සිනමා ශාලාවන් ඇතුළත්ව දිවයින පුරා තිරගතවීමට නියමිතව ඇත. නිදුක් මධුෂිත ගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි රංගනයෙන්, අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සමිත සුධීශ්වර දේව් සුරේන්ද්‍ර, සුජානි මේනකා, ටීනා ශනෙල් ප්‍රනාන්දු, අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු පිරිසක් එක්ව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් පුෂ්පිත නිර්මාල් සූරිගේ, සහය අධ්‍යක්ෂණයෙන් සඳුනි කාවින්ද්‍යා ජයපත්ම, සංස්කරණයෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල් සිල්වා, ගීත රචනයෙන් ලසිත ජයනෙත්ති ආරච්චිගේ, ගීත ගායනයෙන් බාචි සුසාන්, කාංචනා අනුරාධි, රයිනි චාරුකා ගුණතිලක, ඉශාන් ලන්ත්‍රා, සේනානායක වේරලියැද්ද, ටෂ්නි පෙරේරා, ගයාන් ගුණවර්ධන, විමංශා දිල්හානි එක්වී ඇත. අංග රචනයෙන් සුපුන් ස්ටේන්වෝල් ද, කලා අධ්‍යක්ෂණයෙන් සංජීව කරුණාරත්න, නිෂ්පාදන කළමනාකරණයෙන් නිදුක් මධුසිත සමඟින් හර්ශාන් ප්‍රබෝත් විජේසේකර ද විධායක නිෂ්පාදනයෙන් චම්පික ද සිල්වා එක්වෙති. කම්බිලි නිශාන්ත ගල්හේන ගේ නිෂ්පාදනයකි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT