සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය ගේය පද රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ එළැඹෙන 27 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීම ඇරඹේ.
සහෝදරත්වය ජාතික සමගිය හා සහජීවනය මූලික කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ජන සංගීත නාද රටා හා දේශීය නර්තන රටාවලින් සමන්විත වේ. සාම්ප්‍රදායික වේදිකා නාට්‍යය ශෛලිය හා සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස මෙය දැක්විය හැක.
අමන්ද්‍යා උත්පලී, හර්ෂන දිසානායක, අභිලාසි සන්තොස්කි, ඩිලාන් වික්‍රමසිංහ, රංගන දායකත්වය ලබාදෙන අතර රඳීන් රන්දිව්, සනුලි දුල්සේයියා, රුසිරු විදුනිත, සමඟ සිහේලී තූර්යා ළමා රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය සමන් පනාපිටිය, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වා බාලසුරිය දායකවන අතර නිෂ්පාදන කළමනාකරණය හා නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි.