Home » කඳුළින් තොර දිවියකට

කඳුළින් තොර දිවියකට

 “කාසි වාසි”

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

ප්‍රධාන නගරයෙන් පිටත අර්ධ නාගරික ගම්මානයක අමරබන්දු නැමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන මල් ශාලාව, ගම්මුන් විසින් අමරබන්දු මල් ශාලාව ලෙස නම් කර ඇත. අමරබන්දුගේ බිරිඳ ඉතාමත් චාම් ගති පැවතුම් ඇති නිහතමානී තැනැත්තියකි. ඔවුන්ගේ තරුණ වියේ පසුවන එකම දියණිය අධ්‍යාපනය හදාරමින් සිටී. ඇයට සාරංග නමින් පෙම්වතෙකු සිටින අතර ඔහු විනෝදකාමී කෙළිලොල් තරුණයෙකි. මල්ශාලාවේ වැඩකටයුතු සඳහා ගෝලයන් තිදෙනෙකි. ඔවුන් බාසුන්නැහේ, ගෝලයා පින්තු සහ මිනී කාර් රථය පදවන රත්නා වෙයි. මල්ශාලාවේ වැඩ කටයුතු බොහෝ විට අවුල් කරන්නේ ද මොවුන් තිදෙනාමය. මේ තත්ත්වය නිසා දිනෙන් දින පාඩු ලබන මෙම ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබා දී ලාභ ලබන තත්ත්වයට පත් කර දෙන ලෙස අමරබන්දු මුදලාලිගේ බිරිඳගේ ඥාති පුත්‍රයෙකු වන විශ්ම කර්මගෙන් ඉල්ලා සිටියි. ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව දෙස් විදෙස් අධ්‍යාපනය ලද ධනාත්මක ගති පැවතුම් ඇති තරුණයෙකි. විශ්ම කර්ම දැන උගත් දේ අනුව අමරබන්දු මල් ශාලාව ලාභ ලබන ආයතනයක් කිරීමේ වගකීම බාර ගනී. ඉන්පසු සිදුවන පෙරළිය “කාසි වාසි” තුළින් ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමට හැකි වනු ඇත.

ප්‍රකට චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිනමාවට තිළිණ කරන නවතම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයයි “කාසි වාසි”. 2011 වසරේදී “කිං හන්තර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු විසින්ද “නෝ මාක් කෝ මාක්” (2014) සහ “පහ සමත්” යන නිර්මාණ ඉදිරිපත් කරන ලදී. පාසැල් අධ්‍යාපනයෙන් පසුව, නවලිය පුවත්පතේ සිනමා අතිරේකය සඳහා ලේඛකයකු ලෙස එක්වන ඔහු, නිලේන්ද්‍ර දේශප්‍රියගේ ආරාධනය මත සිනමා ක්ෂේත්‍රයට එක්ව ප්‍රවීණයන් රැසක් යටතේ දෙවන සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කර ලද පන්නරය මත, ජයන්ත චන්ද්‍රසිරිගේ “වෙද හාමිනේ” ටෙලි නාට්‍යයේ ද දෙවන සහය අධ්‍යක්ෂවරයා වී, “නෝනාවරුණි මහත්වරුණි” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට නිර්මාණවේදියෙකු ලෙස පිවිස, කළු කුරුල්ලෝ, කළු අරලිය, අඟුරු සිත්තම්, හාර කෝටිය, අග්නිපියාපත්, කෝටිපතියෝ, නාඩගංකාරයෝ, පාර දිගේ, කෝලම් කුට්ටම, සල්ලි පොකුරු, ආලවන්ති, පාවී එන්න ආසයි වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කර ඇත.

රංගන දායකත්වය

ගිරිරාජ් කෞශල්‍ය, සරත් කොතලාවල, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ලක්ෂ්මි දමයන්ති, අමන්ද්‍යා උත්පලී, සංගීත් ප්‍රභූ, නිරෝෂා තලගල, මල්කාන්ති ජයසිංහ, උපතිස්ස බාලසූරිය, ආලෝක සම්පත්, ආනන්ද අතුකෝරල, දයා වයමන්, රොහාන් විජේතුංග, නෙතලී නානායක්කාර, බිනෝලි ජයමාලි, ඩී.බී. ගංගොඩතැන්න, සැනට් දික්කුඹුර, කුමාර ලියනගේ, ශ්‍රී ලාල් වික්‍රමගේ

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – ජයප්‍රකාශ් සිවගුරනාදන්

තිර රචනය – ගිරිරාජ් කෞශල්‍ය

නිෂ්පාදනය – අනුරාධ බී. රැකව, ශ්‍රී ලාල් වික්‍රමගේ

කැමරාකරණය – තුසිත අනුරාධ, ප්‍රභාත් දර්ශන

කැමරා සහය – හර්ෂණ ගුණතිලක, තරිඳු සඳරුවන්, කුෂාන් ප්‍රදීප්, සුරේෂ් සුභසිංහ

සංස්කරණය – අජිත් රාමනායක

වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර

වර්ණ සැලසුම්කරණ සහය – මධුශාන් රාජපක්ෂ

ප්‍රධාන සහය අධ්‍යක්ෂණය – ජයන්ත අබේරත්න

දෙවන / තෙවන සහය අධ්‍යක්ෂණය – ළහිරු සඳරුවන්, නුවන් බුද්ධික ලියනවඩු

ශබ්ද සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි

කලා අධ්‍යක්ෂණය – මනෝජ් වික්‍රමසිංහ

කලා අධ්‍යක්ෂණ සහය – දිමුතු ප්‍රියජනක, සමන් ශ්‍රී නාරායන, බන්දුල වීරසේකර

අංගරචනය – වාසනා බණ්ඩාර විජේකෝන්

අංග රචනා සහය – සකුෂ් රාජපක්ෂ, චතුර වීරසේකර

නිෂ්පාදන කළමනාකරණය – ධම්මික ගුණසේන

නිෂ්පාදන කළමනාකරණ සහය – චාමික ඉසුරු

නිශ්චල ඡායාරූප – ධම්මික පතිරණ

ප්‍රධාන නාමකරණ අක්ෂර වින්‍යාසය – අතුල මහවලගේ

පසුබිම් සංගීත අධ්‍යක්ෂණය – විහඟ මුතුතන්ත්‍රීගේ

ගී තනු නිර්මාණ – අචල සොලමන්, සහන් රන්වල

ගී පද රචනය – අචල සොලමන්, ගිරිරාජ් කෞශල්‍ය

ගීත ගායනය – සජිත අනුත්තර, අමන්ද්‍යා උත්පලී, රොඩ්නි වර්ණකුල, ගාමින්ද ප්‍රියවිරාජ්

නිෂ්පාදන සහය – සී.කේ.ජී. සමරනායක, ධනුෂ්ක සම්පත්

[email protected]

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT