
බොහෝ අයගේ ජීවිත සතුටින් ගෙවී යන්නේ ආදරය නිසා . ආදරය ඒ තරම් බලවත් හැඟීමක්. සිත ඉල්ලන ආදරය ලබා ගැනීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන පෙම්වතුන් මෙන්ම, අගහිඟකම් මැද දිනූ ආදරය රැකගැනීම වෙනුවෙන් විවිධ වෙස් දරන්නෝ ද අප සමාජයේ විරල නොවේ. මෙම නිර්මාණයේ දී ප්‍රේක්ෂකයාට හමුවන අනුෂ්ක ගැහැනු සහ පිරිමි කටහඬින් ගීත ගායනා කළ හැකි ගායන ශිල්පියෙකු මෙන්ම, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු ද වෙයි. අංජලීව පළමුවරට අනුෂ්කගේ නෙතු ගැටෙන්නේ ඔහු එක්තරා ප්‍රිය සාදයකදී ගීත ගායනා කරන අවස්ථාවකදීයි . එම අහඹු හමුවීම කාලය සමගින් ඔවුන් පෙම්වතුන් බවට පත්කරයි .මෙම සම්බන්ධයට අංජලී ගේ පියා විරුද්ධ වන්නේ, ඔවුන්ගේ වංශයට, කුලයට හා ධන බලයට අනුෂ්ක නොගැළපීම හා ඔහුගේ රැකියාවයි. තත්ත්වය මෙසේ තිබියදී ඔවුන් දෙදෙනා හොර රහසේ විවාහ වීමට තීරණය කරයි. චාරිත්‍ර වාරිත්‍ර සමඟින් එම විවාහය සිදුවන අයුරුද අපූරුය. විවාහක ඔවුනට දියණියක් ලැබීමෙන් පසුව දෙමාපියන් බවට පත්වුව ද, දියණියට වයස අවුරුදු හතක් පමණ වන විට මතුවන ආර්ථික අපහසුතා මැද, තමා පියාගේ සෙවණේ රැඳී සිටියදී විඳී සැපවත් ජීවිතය අහිමි වීම පිළිබඳව කනගාටු වන අංජලී, අනුෂ්කගෙන් නීතියෙන් වෙන් වී දියණිය ද රැගෙන ඇයගේ නිවසට පිටත්ව යයි. සිය දියණිය බැලීමට සතියකට එක් දිනක් නීතියෙන් අනුෂ්කට අවස්ථාව හිමිවෙයි. එයින් සෑහීමකට පත් නොවන අනුෂ්ක සිය දියණියව පැහැරගෙන යාමට තැත් දරද්දී,
අංලිගේ පියාට අසුවීම නිසා, නීතියෙන් ලැබුණ එක් දිනය ද ඔහුට අහිමිවෙයි. මෙයට උපක්‍රමයක් දරන අනුෂ්ක තම මිතුරු වේශ නිරූපණ ශිල්පියාගේ උදව්වෙන් පියදාසි නමින් ගැහැනියකගේ වෙස්ගෙන අන්ජලීගේ නිවසට යයි. පියදාසිගේ රුවට අන්ජලීගේ පියාද වසඟව ඇයට සිතින් පෙම්බඳී. පියදාසි පිළිබඳව අන්ජලීගේ පියාගේ කළමණාකරු වූ කනේමල් හට සැකයක් උපදී. මෙම සියලු විගඩම් හැල හැප්පීම් මැද හාස්යයෝත්පාදකව ඉදිරියට ගලා යන කතාවේ අවසානයේ දී අංජලී ,අනුෂ්ක හා දියණිය නැවත එක්වේද යනු දැන ගැනීම සඳහා ” ර්ප. මිසිස් ” නැරඹීමට සිදුවනු ඇත.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදක අධ්යක්ෂවරයකු මෙන්ම, කැමරා අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු, රූපවාහිනී හා විවිධ වැඩසටහන් මෙහෙයවන්නෙක් සේම නිවේදකයකු ලෙස කලා ක්ෂේත්රයේ විවිධ පැතිකඩයන් හා බද්ධව සිටින චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙස” ර්ප. මිසිස් ” තිරගත වීමට නියමිතව ඇත. 2009 වසරේ දී තිරගත වූ “ජූලියා”චිත්‍රපටය සහ 2016 වසරේ තිරගත වූ “ජූලි 07” යන චිත්‍රපට නිෂ්පාදනය කළ චරිත් අබේසිංහ , “මහරජ ගැමුණු ” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයේ ප්‍රේක්ෂකාගාරයට පිවිසි අතර , පසුවදී. “මිනී ගං දෑල “, “නම්බර් 9 “,” තාදී ” , “බඹරෙක් ඇවිත්” , “චණ්ඩි කුමාරිහාමි”, “සත්‍යා ” වැනි ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කිරීමට සමත්ව ඇතිි අතර, ඔහු අධ්‍යක්ෂණය කළ නිර්මාණයන්ට සේම , ” මී මැස්සා”, “මගේ ඇස්”, “මගේම දෝ “, ” චක්‍ර ” ඇතුළු ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් ද දායකව ඇති චරිත් , අවස්ථා ගණනාවකදීම විවිධ සම්මාන උලෙළයන් හීදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණවේදියෙකි.
රංගන දායකත්වය
උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, මිහිර සිරිතිලක, සරත් කොතලාවල, සමන් හේමරත්න, ආනන්ද කුමාර උන්නැහේ, පියුමි බොතේජු, අසංග පෙරේරා, මධුෂාන් නානායක්කාර, ලාල් කුලරත්න, මදුශාන් හත්ලාවත්ත, තුෂිණි ප්‍රනාන්දු , දිල්ෂාන් පතිරත්න , ජූඩ් ක්ලෝඩියස්, රුක්මන් තිලකරත්න, සමන්ත ලියන පතිරණගේ, ප්‍රියාල් වීරසිංහ, එරංගි පෙරේරා, ප්‍රින්සි ප්‍රනාන්දු, හංසමාලා ජානකී, නිරොශ් අනුරාධ, සමන්ත කුමාර ගමගේ.
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය, කැමරා සහ ආලෝකකරණය – චරිත් අබේසිංහ
තිර රචනය- ගිරිරාජ් කෞශල්‍යය නිෂ්පාදනය – ආචාර්ය රවි ලියනගේ සංස්කරණය – ඉරුෂ ගමගේ
සංස්කරණ සහය – ධනංජය කඳනගේ
පරිගණක දෘශ්‍ය ප්‍රයෝග – කසුන් සංජය
සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ
සහය අධ්‍යක්ෂණය – නුවන් ශ්‍රීනාත් කස්තුරි ආරච්චි, තරිඳු මඩුශාන් , චළිඳු තීක්ෂණ
අංග රචනය – නලින් ප්‍රේමතිලක
සහය අංග රචනය – ජනක බණ්ඩාර
කලා අධ්‍යක්ෂණය – සරච්චන්ද්‍ර ජයවීර සහය කලා අධ්‍යක්ෂණය – සඳරු ලක්ෂාන් , ඉන්දික බණ්ඩාර
ඇඳුම් නිර්මාණය- ලක්ෂිකා කාලිංග, සරත් ජයවීර
නිශ්චල ඡායාරූපකරණය – කසුන් මදුසංඛ වේරගල, දේවහේවගේ අසිත පසාන්
වර්ණ සංයෝජනය – යසෝද ධනුපම
ශබ්ද පරිපාලනය – සසික රුවන් මාරසිංහ නිෂ්පාදන කළමනාකරණය – ගයාන් දේශප්‍රිය
සහය නිෂ්පාදන කළමනාකරණ – යසංක බෙලිහුල්ඔය ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න, කැලුම් ශ්‍රීමාල්
ගීත ගායනය – අමන්ද්ය උත්පලී,
උද්දික ප්‍රේමරත්න, සුපුන් පෙරේරා
කොණ්ඩා සැකසුම – සුරේෂ් රත්නායක
සහය කොණ්ඩා සැකසුම – ශෂික දිල්ශාන්
පසු නිෂ්පාදන අධීක්ෂණය – රවීන්ද්‍ර ගුරුගේ
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
