Home » කථක් නර්තනාචාර්‍ය ගුරු වික්‍රමසිංහයන් සැමරුම

කථක් නර්තනාචාර්‍ය ගුරු වික්‍රමසිංහයන් සැමරුම

by Thanushika
September 11, 2025 12:30 am 0 comment

කථක් නර්තනාචාර්‍ය ගුරු වික්‍රමසිංහයන්ගේ සැමරීම වෙනුවෙන් පවත්වන්නට යෙදෙන ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සමරාට් මහෝත්සවය 2025 සැප්තැම්බර් 14 වැනිදා ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වේ.

1940 දී ඉන්දියාවේ ලක්නව් ගුරුකුලයේ නර්තනය හැදෑරූ ඔහු 1950 දී කථක් නර්තනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලදි.

මෙම කථක් ප්‍රසංගය සඳහා ලෝක ප්‍රසිද්ධ කථක් නර්තන ශිල්පිනී ශ්‍රීමති මංගල්දාස්, නර්තන ශිල්පී විහඟ රුක්ෂාන් සහ ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ සහභාගී වීමට නියමිතයි.

ප්‍රසංගයේ සංකල්පය ආචාර්ය රවිබන්දු විද්‍යාපතිගෙනි.

නර්තන වින්‍යාසය එජ්වින් නර්තන කේන්ද්‍රයේ නර්තනාචාර්‍ය විහඟ රුක්ෂාන් ගෙනි. මෙම නර්තය ප්‍රසංගය සඳහා අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ Siddhivinayak Cine Arts (pvt) Ltd වෙතිනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT