ඔහු සිය කලා ජීවිතය ආරම්භ කරන්නේ සංගීතයෙනි 2006 වසරේ ජනප්‍රියතම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු ඇගැයීමට ලක් විය. මේ වන විට ඔහු අතින් ලංකාවේ ජනප්‍රියතම ගායක ගායිකාවන්ට නිර්මාණය වූ ගීත සමුච්චයක් ජනප්‍රියතම ගීත බවට පත්වි ඇත.ඒ නිර්මාණය කළ ගීත අතර හිත හිරි වැටුණාදෝ, නීලනුවන් ඈගේ, සඳරේනු ඇති රෑක, සඳළුතලේ, ආදී වේ. මේ ගීත ඇසෙන විට ඒ ඔහුගේ නිර්මාණ බව ප්‍රේක්ෂකයාට කල් තියාම හඳුනා ගැනීමට හැකිවන්නේ ඔහුගේ සංගීත ඥානය නිසාමය. අද වන විට ඔහු සංගීත අධ්‍යක්ෂකවරයාගේ භූමිකාවෙන් මිදී නවතම මාවතක් ඔස්සේ ගමන් අරඹා ඇත. ඒ සිනමා ක්ෂේත්රයේ නවක අධ්‍යක්ෂකවරයකු ලෙස පියවර මැනීමයි. දැනට සංගීත හා සිනමා ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය නළු නිළියන් ගායක ගායිකාවන් එකතු කරගනිමින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය පසුගිය දින තිරගත වීම ඇරැඹිණ. ඒ සංගීතමය ආශ්වාදයක් රැගෙන එන සෝලෝ ටවුන් සිනමා නිර්මාණයයි. මේ එහි අධ්‍යක්ෂකවරයා ලෙස සිනමාවට හඳුන්වා දෙන චතුරංගන ද සිල්වා සරසවිය සමග කළ කතාබහයි.
සංගීත අධ්‍යක්ෂකවරයකුගේ භූමිකාවෙන් මිදී සිනමා අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව යොමුවෙන්න හිතුවේ ඇයි?
සංගීත ක්ෂේත්රය තුළ යම් රිත්තයක් තියෙනවා සිනමා තිරය වෙනුවෙන් පුරවන්න. එම රිත්තය පිරවීම මගේ මූලික අරමුණක් බවට පත්වුණා. ඒකට මූලිකම හේතුව මම සංගීත අධ්යක්ෂවරයෙක් විදිහට දශක දෙකකට අධික කාලයක් මේ ක්ෂේත්රයේ විවිධ සංගීත කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරු සහ සංගීත ශිල්පීන් සමඟ වැඩ කටයුතු කළා. මගේ හිතේ තිබුණු ලොකුම ආසාවක් කිරීම තමයි කවදා හරි ක්ෂේත්රයේ ඉන්න සංගීත ශිල්පීන් එකතු කරගෙන මොනයම් හෝ නිර්මාණයක් කිරීම. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මගේ අතින් සෝලෝ ටවුන් සිනමාපටය නිර්මාණය වෙන්නේ. ඒ අනුව සිනමා ක්ෂේත්රයට මම නවක අධ්‍යක්ෂකවරයෙක් ලෙස පිවිසෙනවා. ඕනෑම නිර්මාණකරුවකුගේ සිත තුළ ඇතිවන නිර්මාණශීලී දෙයක් රූපමය නිර්මාණයක් බවට පත් කිරීමත්, එය රස විඳීමට හැකි වපසරියක් කාලෝචිතව නිර්මාණය කෙරෙන කතා වස්තුවක් නිර්මාණය කිරීම උචිතයි කියලා හිතපු නිසා මේ ගමන මේ ආකාරයෙන් සිදු වුණා.
තිර පිටපත ගොඩනැගෙන්නේ කොහොමද?
මම ක්ෂේත්රයට පිවිසෙන කොට මට ගොඩක් අය සමඟ කටයුතු කරන්න අවස්ථාව හිමිවුණා. ඒ අතර විශේෂත්වය වන්නේ සංගීත කණ්ඩායම් සමග වැඩ කිරීමට හැකි වීමයි. මගේ සංගීත ගමන මම ආරම්භ කරන්නේ නලින් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මේරියන්ස් සංගීත කණ්ඩායම සමඟයි. මේ වකවානුව වන විට ඒ කාල සීමාව තුළ සිටි සංගීත කණ්ඩායම් සියලු දෙනා සමඟ බැඳීමක් ඇති කරගන්නටත් ආශ්‍රය කර කරන්ටත් පුළුවන් වුණා. ඒ සියලු දෙනාගේ නිර්මාණවලට මගේ දායකත්වය ලබා දෙන්නත් මට හැකි වීම විශේෂත්වයක් වීම මා ක්ෂේත්රයේ ලබපු භාග්‍යයක් කියලා හිතුණා. මේ වකවානුව වන විට ජා, ඇල, කඳාන, සිදුව, මීගමුව, හලාවත, කටුනේරිය අවට ගොඩක් සංගීත කණ්ඩායම් තියෙන්නේ. මේ ප්‍රදේශවල තිබුණු සනිධප, ෆ්ලැෂ් බැක්, සන්ෆ්ලවර් වගේ සංගීත කණ්ඩායම් රැසක් සමඟ වැඩකටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා. මේ බැඳීම් එක්ක සංගීත ලෝකයේ තිබුණු යම් යම් කතා තේමාවල් මේ අස්සේ මට විඳීන්නට සහ අවබෝධ කරගන්නට ලැබුණා. කණ්ඩායම් සංගීතය ඇතුළේ සිදුවෙන විවිධ වස්තු බීජයන්, ඒ තුළ පැන නඟින විවිධ ප්‍රශ්න. ඒවාට මූණ දෙන ශිල්පීන් සහ සමාජය සමඟ ගැටෙන අයුරු, වගේම කණ්ඩායම් සංගීතයට ප්‍රිය කරන ප්‍රේක්ෂකයා හැසිරෙන ආකාරය, ඔවුන්ට දක්වන ආදරය සෙනෙහස මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියන එක මට ප්‍රායෝගිකව අත් විඳීන්නට ලැබුණා. ඒ නිසා වෙන්නැති මට මේ වගේ කතාවක් නිර්මාණය කරන්නට පුළුවන් වුණේ. ඒ ඔස්සේ නිර්මාණය වූ තිර පිටපත එදා පැවතුණු හා අද පවතින සංගීත කණ්ඩායම්වල පසුබිම කියලා මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නිර්මාණයක් කරද්දි නිර්මාණකරුවාගේ හිත තුළ ඇතිවන රූපමය කතා වස්තුවක් මනඞකල්පිතව නිර්මාණය කිරීමක් මෙන්ම සත්‍ය පුවත් ද නිර්මාණය කරණයට යොමු වෙනවා. නමුත් සංගීත කණ්ඩායමක් ජනප්‍රිය තලයට රැගෙන එන විට ඔවුන් මුහුණ දෙන අත්දැකීම් අත්විඳලා තමයි මේ සිනමාත්මක නිර්මාණය මට ගෙන එන්නට පුළුවන් වුණේ. මේ වන විට තරුණ තරුණියන් රැල්ලක් මෙන් මේ සිනමා පටය වැළඳගෙන තියෙනවා. විශේෂයෙන් තාරුණ්‍යයට කතා කරන සිනමාපටයක් ලෙස තිරපටපත ලියවීම කුලුඳුල් සිනමාකරුවකු ලෙස මා ලබපු ජයග්‍රහණයක් වෙන්න ඇති.
මේ සිනමා නිර්මාණය තුළින් ඔබ සමාජගත කරන්න උත්සාහ කරන්නේ මොකක්ද?
ඇත්තටම ගොඩක් දෙනෙක් අහන්නේ සෝලෝ ටවුන් කියන්නේ බෝයි බෑන්ඩ් එකක් ද කියලා. එහෙමත් නැත්තං චිත්‍රපටයක්ද කියලා අහන වෙලාවල් ඇහෙනවා. මුලින්ම කියන්න ඕනේ ඒ ගැන දැනගන්න සිනමා පටය පුළුල් තිරය බලන්න කියන එක. හැබැයි මේ වනවිට ක්ෂේත්රයේ යම් රිත්තයක් තියෙනවා පුරවන්න කියන එක මම නැවත වරක් කියනවා. මේක එක පැත්තකින් සංගීත කණ්ඩායමක් කියන එක කියන්නම ඕන. මේ වන විටත් ඕධර ඕචදඤ එක හිඩසක් ද තියෙනවා. සමහර විට මේ සිනමා පටය තුළින් සමාජගත කරන්නේ ඒ හිඩස පුරවන්න වෙන්න පුළුවන්.
සිනමා අධ්‍යක්ෂකවරයකු ලෙස පිවිසීම අභියෝගයක් වුණේ නැද්ද?
ක්ෂේත්රයට පිවිසෙන්නෙ ඉස්සෙල්ලා මුලදී ගොඩක් දේවල් ඉගෙනගන්නට මට තිබුණා. සංගීත ක්ෂේත්රය ගැන පුළුල් අවබෝධයක් මා කාලයක් තිස්සේ ප්‍රායෝගික හා න්‍යායාත්මක ලබා ගත්ත නිසා මේ ගමනට පහසු වාතාවරණයක් මට උදාවුණා. මේ වන විට දියුණු තාක්ෂණයත් සමඟ අපිට අවශ්‍ය දේවල් ඉගෙන ගන්නට අන්තර්ජාලය පිවිසීමට හැකිවීම විශාල රුකුලක් වුණා සිනමා විෂයක් හැටියට යම්තාක් දුරට අධ්‍යයනයක් කරලා තිබෙනවා. ඒත් සිනමා නිර්මාණයක් කරන විට ඉන් ඔබ්බට විශාල වැඩ කාර්යභාරයක් තිබෙන බවත් එහි අධ්‍යයන කටයුතුත් කරන්නට තිබුණා. ක්ෂේත්රයට සම්බන්ධ විවිධ ප්‍රවීණයන්ගෙන් මට ඒ සම්බන්ධ අදහස් උදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාවක් ලැබුණා. සමහර දේවල් ගැන කිසිම අවබෝධයක් මට තිබුණේ නැහැ. ඒත් මඩට බැහැලා බලන්න ඕන මඩේ ස්වභාවය කොහොමද කියන එක මම හොඳ අවබෝධයක් ලබා ගත්තා. මොනයම් හෝ ක්‍රමවේදයක් තුළින් තිරපිටපතට අනුව රූප පෙළගැස්වීම කළත් ඉන් අනතුරුව එන බෙදාහැරීම ප්‍රචාරණය කියන කාරණා සම්බන්ධයෙන් මට පුළුල් අවබෝධයක් ලබාගන්නට සිදුවුණා. මේ කාරණා අවබෝධයක් නැතුව කිසිම විටෙක සිනමා පටයක් මුදා හරින්නට ටිකක් අමාරුයි. ගොඩක් නවක අධ්‍යක්වරුන් සහ නිෂ්පාදකවරුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට මෙය පත්වෙනවා. එනිසා සිනමාවට පිවිසෙනවා නම් පුළුල් අවබෝධයක් ලබාගෙන පැමිණීම වැදගත් කියලා මම කියන්න කැමතියි. අභියෝග එන තරමට ඕනෑම ගමනක් යන්නත් පහසු කර්තව්‍යයක් බව මට මෙයින් අවබෝධ වුණා.
තිර පිටපත් රචනයට ඔබ සම්බන්ධ වීමදි මෙහි නළු වරම සිදු වුණේ කොහොමද?
මුලින්ම මෙහිදී හමුවන්නේ සංජරණ දිසානායකයි. ඉන්පසු පනස් දෙනෙක් විතර ඕඩිෂන් කරලා තමයි හතර දෙනෙක්ව සිලෙක්ට් කර ගත්තේ. මූලිකව බැලුවේ නර්තනය හා ගායනය කිරීමේ හැකියාව ඔවුන් සතුව තිබෙනවාද කියන එකයි. ඒ ඔස්සේ අන්තිමට සිලෙක්ට් වුණ හතර දෙනා තමයි මේ හතර දෙනා බවට පත්වුණේ. මේ සිනමාපටයට මම තිර රචනයෙනුත් දායක වුන නිසා. පෞද්ගලිකව ඔවුන් දැන හඳුනාගත් නිසාත් සිනමා පටයට අවශ්‍ය නළු වරම මට තෝරාගැනීමට ඒ ඔස්සේ හැකි වුණා. මේ සියලු ශිල්පින්ගේම පෞද්ගලික නම්වලින් තමයි මම සිනමාපටය පුරාවම තිර පිටපත රැගෙන යන්නේ. නිදහසේ තම තමන්ගේ කාර්යභාරය කරන්නට මම දර්ශන තලයේදී ඔවුන්ට ඉඩ සැලසුවා. ඔවුන්ගේ පැත්තෙන් මට ගොඩක් සහයෝගය ඒ හින්දා ලැබුණා. හිරවෙලා මිරිකිලා චරිතයේ ජීවත් වෙනවට වැඩිය සංගීත ශිල්පියකු හැසිරෙන ආකාරය කණ්ඩායම් සංගීතය තුළ අවබෝධයක් ගෙන චරිතයට පිවිසෙන්න ඕන කියන එක ඔවුන් හොඳට අවබෝධ කරගත්තා. මෙතන ඉන්න සියලූම දෙනා හොඳ ගායන හැකියාවන් සහ නර්තනයට හැකියාව තියෙන නිසා නිෂ්පාදක කණ්ඩායමටත් ලොකු පහසුවක් වුණා.
මේ නමින් සංගීත කණ්ඩායමක් තියෙනවා නේද?
සිනමා පටය තිරගත වීමට පෙර වසරකට වැඩි කාල සීමාවක් තුළදී “සුරලාලිනි” කියන ගීතයත් සමඟ ඵධතධ බධඹද සංගීත කණ්ඩායම සමාජගත කරන්නට මට හැකි වුණා. මේ හරහා මට ඕන වුණේ ගීත රූප රචනාවකට වැඩිය යමක් කරන්නයි. වෙනත්ම සංකල්පයක් තුළින් සෝලෝටවුන් කියලා ජනතාව අතරට ගෙන යන්නට වුවමනාව අපි සියලු දෙනාටම තිබුණා. එක එක්කෙනාගේ අදහස් විමසන විට විවිධ දේවල් තුළින් බෑන්ඩ් එක සමාජගත කරන්නට ඔවුන් කතාකරා. මුලින්ම අපි එකඟතාවයකට ආවේ මිනි සීරිස් එකක් හෝ ටෙලිසීරිස් එකක් කරන්නයි. මෙයට සම්බන්ධ තිදෙනෙක් රැකියාවල නිරත වන නිසාත්, එක්කෙනෙකු අධ්‍යාපනයේ නිරත වන නිසාත් කණ්ඩායමක් හැටියට එක අදහසකට එන්නට අපි තීරණය කළා. එහි පියවරක් හැටියට තමයි සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම සිනමාපටයක් හැටියට ක්ෂේත්රයට හඳුන්වා දෙන්නට පියවර ගත්තේ. වෙබ් තිර කතා මාලාවක් විදිහට තමයි නිර්මාණකරණයේ යෙදුණේ.
සංගීත කණ්ඩායමක් හඳුන්වා දීමේ පසුබිම තුළද ගීත ගොන්නක් සමාජගත කරන්නට සිනමා පටයෙන් දඟලන්නේ?
ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙන එන්න මට වුවමනා වුණා. ඒ නිසා මගේ පළමු නිර්මාණය නර්තනය හා සංගීතය කියන එකට මුල් තැන දෙන්නට අවශ්‍යතාව ලෙසයි මම හිතුවේ. සංගීතමය නිර්මාණයක් ලෙස පළමු වතාවටයි චිත්‍රපටයක් ලෙස සමාජගත කරන්නේ. සංගීත ශානර ඔස්සේ නිර්මාණයක් කරන්නට මේ තාක් කවුරුවත් පෙලඹිලා නැති නිසා මගේ ගමන පටන් ගත් තැනට මට යමක් කරන්න ඕන වුණා. සිනමා පටයට ගීත වැඩියෙන් ඇතුළත් වුණාට මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කිසිසේත්ම ප්‍රසංගයක් ලෙස මෙය ගෙන එන්න. වැඩිපුර සංගීතය භාවිතා කරලා නිර්මාණය කළහම අද සමාජයට රස විදින ප්‍රේක්ෂකයන්ට නැවුම් බලාපොරොත්තුවක් ලබා දීලා ඔවුන්ව සංගීත රසකාමියෙක් බවට පත් කරවන්නට මගේ යටි සිත හැමවෙලේම කිව්වා. වර්තමානයේ බිහිවන සිනමා නිර්මාණවල එළි දකින ගීත වලට ප්‍රේක්ෂකයා දැඩි ඇල්මක් දක්වනවා. ඒ ආකර්ෂණය ඔස්සේ චිත්‍රපටය හඳුනාගන්නට මිනිස්සු මේ වන විට පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි වසර ගණනාවක් තුළ එකතු කරගත්ත ගීත මේ සිනමා පටය හරහා ජනගත කරන්නට මට වුවමනා වුණේ.
සිනමා පටයේ මුල සහ අග කොතනද කියලා හඳුනා ගන්න බැරි වාතාවරණයක් තියෙනවා නේද?
සංගීතමය කතාවක් නිසා කණ්ඩායම් සංගීතයේ තිබෙන විවිධ ගැටලුකාරී ස්වභාව වැනි දේ ගලාගෙන යාමේ ස්වභාවයට වැඩිය අවුල්කාරී පරිසරයක් තුළ නිර්මාණය වන නිර්මාණයක් බවයි කියන්න ඕන වුණේ. ඒ අවුල්කාරී පරිසරය තුළ ඔවුන්ගේ ගමන යම් අරමුණක් කරා ගෙනයන බවත් මානුෂීය හැඟීම් තුළ ඔවුන් හැමවිටම එක් රොක් වෙන මොහොතක් සිදු වෙන බවත් මට කියන්න වුවමනා වුණා. ප්‍රසංග වේදිකාව තුළ අපි පළමුවෙන්ම එනවා කියලා හිතාගෙන ඉන්න ගායන ශිල්පියා එනවා කියලා හිතාගෙන හිටියට සමහර විට එන්නේ අන්තිමයට ඉන්න ශිල්පියායි. මේ කතාව තුළ පවුල් පසුබිම ආදරය සෙනෙහස දයාව සහ අවසානයේ මානුෂිය හැඟීම ඉස්මතු වෙන ආකාරයටයි මම නිර්මාණය ගෙන එන්නේ. නවක අධ්‍යක්ෂකවරයකු කියන එක මම කිසිසේත්ම අමතක කරලා නැහැ මේ නිර්මාණය තිරගත වන විටත්. ඉගෙන ගන්න තියෙන දේවල් මේ ඔස්සේ අනන්තයටත් වැඩියි. ඒ හරහා ගොස් හොඳ නිර්මාණකරුවෙක් වීමයි මගේ අරමුණ වෙන්නේ.
නිර්මාණයට පිවිසුණාට පසු ඔබට තිබුන ගැටලු මොනවාද?
මේ නිර්මාණයේ වැඩ පටන් ගන්නා විට ඒ කාල වකවානුවේ ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගෙන හිටිය ජනප්‍රියතම නළු නිළියන් මෙයට සම්බන්ධ කර ගත්තා.ඒ වකවානුව වන විටත් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රේක්ෂකයාගේ මනස වෙනමම තැනකට ගෙන ගොස් තිබුණා. ජනප්‍රියත්වය කියන එක ඥ මොබයිල් හරහා තත්පරයක් තත්පරයක් පාසා වෙනස් කිරීමේ හැකියාව අන්තර්ජාලයට හැකිවීම නිසා ගොඩක් අභියෝගවලට අපිට මුහුණ දෙන්න වුණා. ටෙලි නාට්‍යවල සහ සමාජ මාධ්‍ය ජාලාවල අතිශය ජනප්‍රිය චරිත සිනමාවට ගෙන එන්නට ප්‍රවීණ සහ නවක අධ්යක්ෂවරු උත්සාහ ගත්තා. මේ තොරාගැනීම සිදුවුණත් රූපගත කිරීම්වලට දින වෙන් කරවා ගැනීමට ලොකු ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවුණා. සමහර දිනවලදී දාහ දොළොස් දෙනා විතර රූපගත කිරීම්වලට යොදා ගැනීමට අවශ්‍ය වුණා. එවැනි දිනවලදී නිෂ්පාදක කණ්ඩායමට ලොකු කර්තව්‍යයක් කරන්නට සිදුවුණා. ඒ සියලූ දෙනාටම සහභාගී වෙන්න පුළුවන් දින තිබුණේ සීමිත සංඛ්‍යාවක් පමණයි. එයට හරියන්නට අධ්‍යක්ෂකවරයා ලෙස මට ලොකු කර්තව්‍යයක් සහ වගකීමක් දරන්නට සිදුවුණා. මොනා නැතත් හොඳ නිෂ්පාදක කණ්ඩායමක් මගේ පිටුපසින් සිටි නිසා ගැටලුකාරී ස්වභාවයන් මතු වුණත් ඒවා සමථයකට පත් කරගෙන වැඩ කටයුතු අවසන් කරන්නට පුළුවන් වුණා. එනිසා හොඳ නිර්මාණයක් සමාජගත කිරිමට හැකි වුණා. ඹ්ජ්ච් බෙදා හැරිම් මණ්ඩලය ඇතුළු සිනමා හල් 40කට වැඩිය දිවයින පුරා සිනමාහල්වල තිරගත වෙනවා.
සිනමාපටය අරමුණ වන්නේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමද?
පාසල් අධ්‍යාපනය අවසන් වුණ කාල වකවානුවේ මට එහෙම ආසාවක් තිබුණා. මගේ හොඳම වයස් කාල සීමාව ඒ වකවානුවන නිසා රැල්ලට ගමන් කරන්නට ඕන කියලා හිතුණා. සම්පත් ප්‍රනාන්දු පුල්ලෙ සහ මේරියන්ස් බෑන්ඩ් එකේ ශිවන්තයි එකතු වෙලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒත් නිර්මාණ පැත්තට සහ සංගීත අධ්යක්ෂණයට මගේ ආසාව නැඹුරු වෙනකොට බෑන්ඩ් එකක් නිර්මාණය කරන්නට අවශ්‍ය නැති තැනට මම පත්වුණා. එකට ගුලි වෙලා මිරිකිලා හිටපු සියලු දෙනාම වෙන වෙන ක්ෂේත්‍ර කරා ඇදී ගිය නිසා දම්වැලේ පුරුක් කැඩිලා ගියා.පුරුක් ඇමිනීම ලේසි නැති නිසා ඒ අදහස සම්පූර්ණයෙන්ම අයින් කරගත්තා. ඒත් මේ සිනමා පටයට ප්‍රථම මට බෑන්ඩ් එකක් නිර්මාණය කරන්න ඕන කියලා අදහසක් මතුවුණා. ඒ ඔස්සේ මට ප්‍රථම කිව්වා වගේ සමාජයේ තියෙන රිත්තයක අවශ්‍යතාව මා අතින් සිදුවිය යුතුයි කියලා දැනුණ නිසා ඒ තැනට මාව ගෙන ගියා. මේ එකතු වුන හතර දෙනත් එක්ක මේ ගමන මම දිගටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව එක් කෙනෙකුගේ රිත්තයක් මේ තුළ තියෙනවා පුරවන්න. ඒ අවස්ථාවත් දක්ෂයෙකුට දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
සිනමා පටයේ නිෂ්පාදන දායකත්වය කොහොමද ඔබට ලැබුණේ?
මගේ හොඳ හිතවතුන් දෙදෙනෙක් තමයි මේ සිනමා පටයට මට දායකත්වය ලබා දුන්නේ. උදිත කුරේ සහ සෙව්වන්දී විරසිංහ යන දෙදෙනායි මෙහි නිෂ්පාදක දෙපළ වන්නේ. ඕනෑම නිර්මාණයක් තුළ තියෙන්නේ මිත්රශීලීත්වය කියන එක මේ සිනමා පටය පුරාම ඔවුන් හරහා මතු වෙනවා. ක්ෂේත්රයට නිෂ්පාදකයෙකු දායාද වෙනවා කියන්නේ. හරිම උතුම් කාර්යයක් බවයි මම දකින්නේ. ඒ නිසා ඔවුන් දෙදෙනා මම ආදරයෙන් සිහිපත් කරන්නේ නිර්මාණකරුවන් වෙනුවෙන් අත දීම ගැන. අද දක්ෂ නිර්මාණකරුවන් සිටියත් ක්ෂේත්රයට එන්නට බැරුව තිබෙන්නේ නිෂ්පාදකවරුන්ගේ අඩුවක් තිබෙන නිසයි. හොඳ තිරපිටපත් හා නවීන තාක්ෂණය යොදාගෙන සිනමාව ගැන ඉගෙන ගත්ත පිරිස් සමාජගත කිරීමේ අරමුණ මූල්‍යමය හේතු කාරණා මත රඳා පවතිනවා. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ක්ෂේත්රයේ පැන නැගීම සොයා බලා වගකිවයුත්තන් කටයුතු කළොත් අපේ නිර්මාණ ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා.
රුප ගතකිරීම් සිදුවුණේ කොහේද?
මේ සිනමා පටයේ නිෂ්පාදන කටයුතු අවසන් කරන්නට වසර දෙකක් වැනි කාල පරිච්ඡේදයක් ගත වුණා. සහන් වික්රමාරච්චිත් එක්ක එකතු වෙලා මේ නිර්මාණ කටයුතු මම සිදු කළේ.මගේ ඒ කාලෙ ඉඳන්ම පුරුද්දක් තිබුණේ සමූහයක් වශයෙන් එකතු වෙලා වැඩක් කිරීමටයි. ඒ සංකල්පයම පෙරටු කරගෙනම තමයි මේ සිනමා පටයත් කළේ. තනිවම නිර්මාණයක් කරනවාට වැඩිය එකට එකතු වෙලා නිර්මාණයක් කිරීම තුළින් සාර්ථක නිර්මාණයක් බිහිවෙනවා. කොළඹ, කැනඩාව දර්ශන තල ලෙස යොදා ගත්තා. නළු නිළියන් ගත්තාම නවකයන් මෙන්ම ප්‍රවීණයන් හොඳ සහයෝගයක් මේ වෙනුවෙන් ලබා දුන්නා. සම්බන්ධ වුණ ගායක ගායිකාවන්ද ඒ හා සමානවම මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. දිගු කාලයක් නිර්මාණ කටයුත්ත අවසන් කරන්නට ගතවුණත් තිරයට ආවේ හොඳම කාලෙ කියලයි මම හිතන්නේ.
ඉදිරි වැඩ කටයුතු කොහොම සිදුවෙයිද?
ඕනෑම නිර්මාණ කටයුත්තකට අත ගැහුවට පස්සේ තමයි එහි බැරෑරුම්කම තේරෙන්නේ. මුලින්ම තමන් කරන කාර්යය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න ඕන. ඕනෑම ක්ෂේත්රයක තැලිලා පොඩිවෙලා ඉස්සරහට යන විටයි ඒ ගැඹුර තේරෙන්නේ. මගේ බිරිඳ සහ පවුලෙන් ලැබුණු සහයෝගය කියල නිම කරන්න බැහැ. මේ නිර්මාණය ඇතුලේ වචනයෙන් හරි මට උදව් කළ සියලු දෙනාටම ස්තුති කරන්නත් අවස්ථාවක් කර ගන්නවා. සංගීත අධ්යක්ෂවරයෙක් ලෙස ක්ෂේත්රයට පිවිසුණත් වෙනස් වෙනස් දේවල් සමාජගත කරන්නයි මගේ අදහස වෙන්නේ. කවුරුන් නොදකිනා පැතිකඩවල්වල ගොස් වෙනස්ම ආකාරයේ නිර්මාණ සමාජගත කිරීමයි මගේ අරමුණ වෙන්නේ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න