Home » එළ ද බ්‍රාට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි

එළ ද බ්‍රාට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි

රංගන ශිල්පිනී අමන්දා සිල්වා

by Thanushika
September 25, 2025 10:25 am 0 comment

දඟකාර හැඩකාර නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ අමන්දා සිල්වා මේ දිනවල තිරගත වන එළද බ්‍රා සිනමා පටයේ නර්තන ශිල්පිනියක්, පෙම්වතියකගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් වී හමාරය. ප්‍රේක්ෂකයන්ගේ ආන්දෝලනයට තුඩු දෙන මෙවැනි චරිතයක් රඟපෑම ගැන සරසවිය සමඟ කළ කතාබහයි.

ඔබ නිරූපණ ශිල්පිනියක්ද රංගන ශිල්පිනියක්ද නැත්නම් නර්තන ශිල්පිනියක්ද?

මම මුලින්ම ඉගෙන ගත්තේ උඩරට නර්තන කලාවයි. ඉන් පසු වයස අවුරුදු දහසයේදි පමණ මොඩර්න් බැලේ නර්තන ශෛලිය ඉගෙනගෙන නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණියා. ක්ෂේත්‍රයේ හිටපු ගොඩක් ඇඳුම් නිර්මාණ ශිල්පීන් සහ නර්තන අධ්‍යක්ෂකවරුන් මගේ නම්‍යශීලීත්වය පවත්වා ගනිමින් රිද්මය ක්‍රමානුකූලව හැසිරුවා. ඒ නිසා හරියට අගය කළා. මම මේ ත්‍රිත්වය තුළම එක හා සමානව කටයුතු කරනවා. ඒත් මගේ වැඩි නැඹුරු තාවයක් තිබෙන්නේ කුඩා කල සිටම මම ආසා කළ නර්තනයටයි. මගේ ජීවිතය දි මම නර්තනය හරියට රස විඳීනවා.

එළද බ්‍රා හි ඔබ පෙම්වතියක් වෙලාද?

මීට කලින් රංගනයේ යෙදුණු සිනමා පටවල හා ටෙලි නාට්‍යවල මම පෙම්වතියගේ චරිතය රඟපෑවත් මෙම චරිතය අභියෝගාත්මක චරිතයක් වීමත් සමාජයේ අහන්න දකින්න ලැබෙන සිදුවීම් අතර මෙවැනි චරිත ඉන්න නිසා මම තීරණය කළා මේ චරිතය රඟපාන්න. නිතර රඟපාන චරිත වලට එහා ගිහින් වෙනස් විදිහේ රංග පරාසයක් තුළ යමින් රංගන ශිල්පිනියක් විදිහට මගේ හැකියාව ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා.

පෙම්වතියක් බිරිඳක් හැටියට ඔබ දකින්නේ කොහොමද ආදරය?

ආදරය තුළ විශ්වාසය අවංක භාවය සහ නිදහස තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.පෙම්වතියක් ලෙස ඒ ආදරේ මම විඳලා තියෙනවා. හැබැයි මේ වෙද්දි මම බිරිඳක් ලෙසත් ඒ ආදරය නොකඩවාම විඳීනවා. දැන් සැමියකුගේ ආදරය තුළින් ජීවිතය ගෙනියන්නේ කොහොමද කියන එක හොඳට වටහාගෙන නිරූපණ ශිල්පියක් හා රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරිමට කැප වෙලා ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලා මගේ හැකියාව දියුණු කරගෙන ඉදිරියට යන අරමුණේයි කටයුතු කරන්නේ.

ඔබ සිනමාවට පිවිසෙන්නේ පූජිත ගුණතිලකගේ සෙලීනා සිනමා පටය හරහා නේද?

ඔව් මගේ පළමුවැනි සිනමා පටය වන්නේ සෙලීනා.පූජිත ගුණතිලක අධ්‍යක්ෂණය කළ සිනමා පටයක්වන්නේ.ඔහු සමග වැඩ කිරීම හරිම අපහසු වෙනවා. හැමෝටම එක හා සමානව සලකනවා ගෞරව කරනවා. මගේ දෙවැනි සිනමාපටයද වන්නේත් ඔහුගේම අධ්‍යක්‍ෂණයක් වන මේ දිනවල තිරගත වන එළද බ්‍රා සිනමාපටයයි. ඕනෑම කෙනෙකු තමන්ට ආදරය කරනවා වගේම අනුන්ටත් ගෞරව කරන තැන තියෙනවා නම් ඕනෑම කෙනකු ඔහු වටා රොක් වෙන ප්‍රමාණයය වැඩියි.මම ක්ෂේත්‍රයෙක් දිගු කාලයක් ගත කළාට අඩු නිර්මාණ සංඛ්‍යාවකට දායක වන්නට හේතු වන්නෙත් අලුතෙන් පැමිණෙන ශිල්පීන්ට ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රශ්න තිබෙන නිසයි. ඒ නිසා ඒ මතුවෙන ප්‍රශ්න හරිම සරල ලෙස විසඳගෙන මේ ගමන යා යුතු වෙනවා.

එළද බ්‍රා සිනමා පටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ වන විට ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ දෙවැනි සිනමාපටය වන්නේ මෙයයි. අධ්‍යක්ෂකවරයා විසින් මගේ චරිතය තුළින් සමාජයට ගෙනියන්න උත්සහ දරපු පණිවිඩය මම ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මට පවරපු සීමාව තුළ මම රංගනයේ යෙදුණා කියල මම හිතනවා. ඒ චරිතයට සාධාරණයක් කරපු නිසා තමයි ප්‍රේක්ෂකයන් මම ගැන කතා කරන්නේ. ඒ වගේම ටෙලි නාට්‍යය කිහිපයකටත් සම්බන්ධ වෙලා කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. ඒ කරපු හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන් හොඳීන් වැලඳ ගත්තා. එය මම ලැබපු ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මේ හේතු කාරණා නිසා මට සිනමාවේ දෙවන සිනමා පටය තුළින්. කවුරුත් කතාබහට ලක් වෙන චරිතයක් කරන්නට අවස්ථාව ලැබුණේ.

අන්තර්ජාතික මට්ටමෙන් නිරූපණ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට ගිය තරුණියක් හැටියට ලංකාවට කීර්තියක් ගෙන දුන්නා නේද?

ඇත්තටම මේ වන විට සම්මාන රැසක් හිමිකර ගත්තා අන්තර්ජාතික මට්ටමේ

*Best model 2010 winner ( best catwalk and best body)
*Top 5 contestants of best model world spain and BEST BODY award winner2010 SPAIN ,
*MODEL STAR award winner at Korea 2012.
*Miss srilanka for miss Asia pacific world 2014,
*Top 15 contestants of Miss Asia pacific world 2014,

හොඳම නිරැපණ ශිල්පිනිය ලෙස මට එදා කිරුළු පළඳීන්නට ලැබුණා..ලංකාවේ පළමු ශිල්පිනිය ලෙස අන්තර්ජාතික මට්ටමේ සම්මාන රැසක් හිමිකර ගන්නට ලැබුණේ මේ අන්තර්ජාතික මට්ටමේ පැජේන්ඩ් නිසයි.

නිරූපණ ශිල්පිනියක් ලෙස ළමයින්ට නැණස පාදන්න කැමති නැද්ද ?

ක්ෂේත්‍රයට අවතීර්ණ වන ළමයකු සඳහා හොඳ ස්ථාවරයක් තුළින් අධ්‍යාපනය ලබාදිය යුතුයි.මගේ කටයුතුත් එක්ක මම කාර්යබහුලත්වය වැඩි වුණොත් ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නට බැරි උණොත් ඒක ළමයින්ට කරන අසාධාරණයක් නිසා මම හොඳට හිතලා මතලා සමහරවිට තීරණයක් ගණියි. පසුවට කාරියබහුලත්වය ලිහිල් උණු විටකදී. මම සහ මගේ සැමියා විසින් පවත්වාගෙන යනු ලබන යූටියුබ් චැනලයක් තුළින් ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට සිටින ගොඩක් දෙනෙක් ඒ හරහා කතා කරනවා. අන්තර්ජාතික මට්ටමෙන් ජයග්‍රහණ රැසක් ගෙන දුන් ඔබ වැනි කෙනෙකුගේ ගුරු හරුකම් මැද නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට අපි මග බලාගෙන ඉන්නවාකියලා. ඒත් ඒ සියලු දෙනාටම මම කිව්වේ කාලය පැමිණෙන තෙක් ඉවසිය යුතුයි කියලයි.

අන්තර්ජාතික මට්ටමෙන් ලොව පුරා විහිදී තිබෙන වෙළඳ ජාලයක වෙළඳ දැන්වීම් සඳහා ඉන්දියාවේ නිරූපණ ශිල්පිනියන් හැරුණු කොට ලංකාවෙන් ඔබට අවස්ථාවක් හිමි වුණා නේද?

ඔබ හරි මේවන විට ලංකාවේ එකම තෝරා ගත් නිරූපණ ශිල්පිනිය ලෙස ඵනච ජඪතධද හි පේස් එක පෙන්වා වෙළෙද දැන් එම් කලාවේ නිරත වීමට මට අවස්ථාව හිමි වුණා. එයද මා මේ ක්ෂේත්‍රය ලබපු ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ. මේ තාක් කල් ඔවුන් හැම වෙළඳ දැන්වීමක් සඳහාම යොදාගනු ලැබුවේ ඉන්දීය නිරූපණ ශිල්පිනියන් වීම විශේෂත්වයකි.

අමන්දා තවමත් හෙමින් ගමනක් යන්නේ ඇයි?

නර්තනය නිරූපණය රංගනය යන සියලූම කලා ශිල්ප ගැන මට හොඳ අවබෝධයක් හා හැකියාවක් පවතිනවා.නමුත් ඒ සියලුම දේවල් එකවර බදාගෙන කටයුතු කරන්නට මම කිසිසේත්ම කැමති නැහැ.ඒනිසා හෙමින් මගේ සහජ දක්ෂතාවයන් ගෙනහැර දක්වමින් හෙමින් ගමනක් යාම තමා වටින්නේ.මම නිරූපණ ශිල්පිනියක් නිසා අඳීන පලඳීන විදිහට ක්ෂේත්‍රයේ නිරතවන විවිධ පුද්ගලයන් මගෙන් බලාපොරොත්තු වන්නේ වෙනත් වෙනත් දේවල්. නිර්මාණවලට පිවිසෙන අලුත් පරම්පරාව එවැනි වාතාවරණයක් තුළ නිර්මාණවලට දායකවෙන්න ඔවුන්ගේ අවශ්‍යතාවල් ඉෂ්ට කරනවාද, එහෙම අය ඉන්නවද කියන එක මම දන්නෑ. නමුත් මම ඒ තැන නැති නිසා මම ගැන දන්න නිර්මාණ ශිල්පීන් මාව නිර්මාණවලට යොදා ගන්නවා.මට ලැබෙන නිර්මාණ වලට මම සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරනවා. අමන්දා ඇන්ඩ් ඩයස් යූටියුබ් නාලිකාවකුත් මමත් ස්වාමියත් එක්ව ළඟදී පටන් ගත්තා. ඒ වගේම ව්‍යාපාරික පැත්තටත් බරව online ව්‍යාපාර කටයුත්තකුත් සිදු කරගෙන යමින් පවතිනවා. ඒ දේවල් වලට මූලිකත්වය දීගෙන තමයි විශේෂයෙන් මෙ දිනවල කටයුතු කරන්නේ. අද වෙද්දී ඒ විදිහට හෙමින් හෙමින් ඉස්සරහට ඇවිත් තියෙන ගමනේදී අමන්දා සිල්වා කිව්වාම කවුරුත් දන්න අඳුනනේ සන්නාම නාමයක් විදිහට මගේ නම කා අතරත් සන්නාමයක් විදිහට ප්‍රසිද්ධයි.

ඔබේ විලාසිතා ගැන කිව්වොත්?

හැඩකාර විදියට ඇඟ ක්‍රමවත් ලෙස පවත්වා ගැනීමත් ඇඟේ හැඩයට ගැළපෙන විදිහට මම විලාසිතා කරන්නේ අන්තර්ජාතික මට්ටමේ පිළිගත් විලාසිතානුකරණයකින්.

මේ නිර්මාණකරණයේදී පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මම ක්ෂේත්‍රයට මුලින් එන කාලය අම්මලා තාත්තලාගෙන් ලැබුණු සහයෝගය වගේම අද වන විට මගේ ස්වාමියාගෙන් ලැබෙන්නේ නොමසුරු සහයෝගයක්.පොලිසිය නියෝජනය කරමින් ස්වාමියා තායිලන්තයේ පැවැති IFBB Mr universe 2025 තරඟයේදි ලංකාවට රන්, රිදි, ලෝකඩ සම්මාන තුනක් ගෙනත් දුන්නා.ඔහුත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ නිසා මට ලැබෙන ආරක්ෂාවද ඉහළයි. ඔහුගේ සහයෝගය දුන්නේ නැත්නම් අද මට මේ ගමන යන්න ලැබෙන්නේ නැහැ.

ඉදිරි නිර්මාණ කටයුතු කොහොම සිදිදු වෙන්නේ?

මේ වන විටත් තුෂාර තෙන්නකෝන්ගේ රාවණ සිනමාපටයේ රූපගත කිරීම් සිදුකරමින් පවතිනවා. මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුයි ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් මට ලැබෙන සහයෝගය අපමණයි නිර්මාණකරණයේදී. ඔවුන්ගෙන් ලැබෙන ගුරුහරුකම් ක්ෂේත්‍රයේ තරුණ පරම්පරාව හැටියට අපි පිළිගත යුතුයි. ක්ෂේත්‍රයට පිවිසෙන අයටත් මම කියන්නේ තමන්ගේ දක්ෂතාවයන් තුළින් ක්ෂේත්‍රයට පැමිණ ක්ෂේත්‍රයේ පිළිබඳව මනා අවබෝධයක් තියෙන ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් රැගෙන ඔවුන්ගේ ගමන යන්න කියලයි. +එයට අමතරව ටෙලි නාට්‍ය සහ සිනමාකට කිහිපයකටත් කතාකරලා තියෙනවා.මේ සියලු දේවල් සමබරව නිරූපණ ශිල්පිනියක් ලෙසත් ඒ වැඩ කටයුතුත් මගේ යූටියුබ් නාලිකාවත් ව්‍යාපාරික කටයුතුත් සාර්ථක කරගෙන යන්න තමයි අදහස් කරන්නේ.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT