Home » ඉරාන චිත්‍රපට උලෙළ තරංගනියේදී

ඉරාන චිත්‍රපට උලෙළ තරංගනියේදී

by Thanushika
February 13, 2025 10:16 am 0 comment

ලෝ ප්‍රකට ඉරාන සිනමා නිර්මාණ ඇතුළත් ඉරාන චිත්‍රපට උලෙළේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 13 දා ප.ව 6.30ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධිත තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය. (ආරාධිතයන් සඳහා පමණි) මීට සමගාමීව තරංගනි සිනමා ශාලාවේදී තිරගත කිරීමට නියමිත ඉරාන චිත්‍රපට පහත පරිදි වේ.

පෙබරවාරි 13 – ප.ව. 6.30 – No Prior Appointment

පෙබරවාරි 14 – පෙ.ව. 10.00 – A Passenger from Ganora

ප.ව. 2.00 – Sima’s Unfinished Narra tion

ප.ව 6.30 – In The Arms of the Tree

පෙබරවාරි 15 ප.ව 2.30 – Goodbye Shirazi’s girl

මේ සඳහා ඇතුල් වීම නොමිලේය.

ඉරාන චිත්‍රපට උලෙළට සමගාමීව ඉරාන චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් සහ ශ්‍රී ලාංකික බෙදාහරින්නන්ගේ හමුවීමක් 14 දා ප.ව 3.00ට චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම කේන්ද්‍රයේදී පැවැත්වේ (ආරාධිතයන් සඳහා පමණයි). මේ සදහා පහත සඳහන් ඉරාන සිනමාකරුවන් සහභාගී වීමට නියමිතයි.

1 Khajeh Pasha – Iranian Film Director ( nortable works: In the Arms of the Tree, Light Blue)
2 Ms. Tahaei – International Director of Soureh Cinema Organization
3 Dr. Hesampour – Filmnet Global Advisor, Tv Producer and University Lecturer
4 Mr. Mehdi Molaei – Director General of Media Cooperation and Cyberspace, Islamic Culture and Communication Organization
පෙබරවාරි 15 – Master Class  – පෙ.ව 9.30 සිට ප.ව 12. 00 දක්වා (ලියාපදිංචි කිරීම එදින පෙ.ව 9.00ට සිදු කෙරේ.)

මෙම ඉරාන චිත්‍රපට උලෙළ සඳහා සහභාගී වීමට නියමිත ඉරාන සිනමාකරු Khajeh Pasha අධ්‍යක්ෂවරයකු මෙන්ම තිර රචකයෙක් සහ රංගන ශිල්පියකුද වේ. ඔහු ග්‍රැෆික් සහ නාට්‍ය සාහිත්‍ය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු විසින් කෙටි චිත්‍රපට ටෙලි චිත්‍රපට, විශේෂාංග චිත්‍රපට නිර්මාණය කර ඇත.

In the Arms of the tree and Light blue ඔහු විසින් නිර්මාණය කළ චිත්‍රපට ද්විත්වයයි.

-නයනාංජලී

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT