නිවස කළා පුවත් ඉන්දුමතී ජයසේනගේ නවතම කෘතිය පට්ටාභිෂේකය ජනගත වෙයි

ඉන්දුමතී ජයසේනගේ නවතම කෘතිය පට්ටාභිෂේකය ජනගත වෙයි

by Thanushika
October 10, 2024 12:30 am 0 comment

ඉන්දුමතී ජයසේනගේ නවතම කෘතිය පට්ටාභිෂේකය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිකුත් කෙරිණි. ඇගේ ප්‍රථම නවකතාව වූ අචිරවතී තුළින්ම ඇය පාඨක ප්‍රතිචාර ඉතා ඉහළින්ම දිනාගනු ලැබීය.

ඉන් වසර පහකට පසු නිකුත් වූ පට්ටාභිෂේකය ද මේ වනවිට ඇගේ රසික පිරිස අතර ජනප්‍රිය වෙමින් තිබේ. 1963 දෙසැම්බර් 23 දා ශ්‍රී ලංකාවත් දකුණු ඉන්දියාවේ ධනුෂ්කොඩි දූපත් අතර හමාගිය චණ්ඩ සුළි සුළඟකින් ඉන්දියාවේ සිට ධනුෂ්කොඩි දූපත වෙත පැමිණෙමින් තිබූ දුම්රියක් මුහුදු බත් විය.

එය සත්‍ය සිදුවීමකි.

කතුවරිය මෙවර ඇගේ නවකතාව සඳහා පාදක කරගන්නේ අනතුරට පත් දුම්රියේ නැඟී ශ්‍රී ලංකාවෙ තම සිංහල ගැබිණි බිරිඳ දකින්නට පැමිණෙන දමිළ සැමියෙකුගේ මුහුදු බත් වීමෙන් අනතුරුව එම බිරිඳත් ඈට උපදින දරුවාත් මුහුණ දෙන අතිශය මානූෂීය සංවේදනීය කතා පුවතකි.

සුදු ජාතික පාලන සමයේ සිට 2010 තෙක් වන කාලයේ විවිධ ඝට්ටන, සමාජ විපර්‍යාස හා දේශපාලනික ප්‍රවාහයන් ඔස්සේ ඇදී ආ ශ්‍රී ලංකාව තවදුරටත් ජාති කුලමල ගෝත්‍රවලින් නොබෙදුනු දේශයක් විය යුතු බවට වූ කියවන්නා පට්ටාභිෂේකය ලබා දෙන පණිවිඩය වේ.

රාජ්‍ය නිලධාරිනියක සහ මාධ්‍යවේදිනියක යන භූමිකාවන් ඔස්සේ කටයුතු කළ ඉන්දුමතී ජයසේනගේ නවතම කෘතිය පට්ටාභිෂේකය ෆාස්ට් ඇඩ් පබ්ලිකේෂන් (සුරස) ප්‍රකාශනයකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT