නිවස කළා පුවත් ඉන්ඩියන්-2 ලොවපුරා හෙට සිට ඇරැඹේ

ඉන්ඩියන්-2 ලොවපුරා හෙට සිට ඇරැඹේ

by Thanushika
July 11, 2024 9:11 am 0 comment

දකුණු ඉන්දියානු සුපිරි නළු කමල් හසන් රඟන නවතම චිත්‍රපටය ඉන්දියන් -2 හෙට 12 වැනිදා ලෝක ප්‍රදර්ශනය ඇරඹේ. එස් ශංකර් විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ඉන්ඩියන්-2 චිත්‍රපටය ලයිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් සුභාෂ් කරන්අල්ලිරාජා සහ උදයනිධි ස්ටාලිංගේ නිෂ්පාදනයකි.

කමල් හසන්, සිද්ධාර්ථ, රකුල් ප්‍රීටි සින්ං, එස්.ජේ සූර්යා, රංගනයෙන් එක්වන ඉන්දියන්-2 රවී වර්මන්ගේ කැමරාකරණය සහ ශ්‍රීකර් ප්‍රසාද්ගේ සංස්කරණයෙන් යුක්ත වේ. චිත්‍රපටය කාර්මික අංශයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගිය කොවිඩ් වසංගත සමයේදි ජීවිත අහිමිවීමෙන් පසු චිත්‍රපටයේ වැඩකටයුතු තරමක් දුරට ප්‍රමාද වි ඇත. මේ සියල්ල යථා තත්ත්වයට පත් කරගෙන චිත්‍රපටයේ වැඩ කටයුතු නිමා කිරීමෙන් පසු මෙහි ධාවන කාලය පැය හයට ආසන්න කාලයකින් යුක්ත වූ බැවින් එය ඉන්ඩියන්-2 සහ ඉන්ඩියන්-3 යනුවෙන් කොටස් දෙකකින් තිරගත කිරීමට කටයුතු යොදා ඇත. ඉන්ඩියන්-3 2025 වසරේ තිරගත කිරිමට බලාපොරත්තුවේ.

ලෝක ප්‍රදර්ශනයට සමගාමීව හෙට 12 වැනිදා වැල්ලවත්ත සැවොයි 3ච් සිනමාශාලාවේදී ලාංකික ප්‍රදර්ශනය ද ආරම්භ වනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT