දකුණු ඉන්දියානු සුපිරි නළු කමලා හසන් රඟන නවතම චිත්‍රපටය ඉන්දියන් -2 පසුගිය 12 වැනිදා ලෝක ප්‍රදර්ශනය ඇරඹිණි. එස් ශංකර් විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ඉන්ඩියන්-2 චිත්‍රපටය ලයිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් සුභාෂ් කරන් අල්ලි රාජා සහ උදයනිධි ස්ටාලිංගේ නිෂ්පාදනයකි.
කමල් හාසන්, සිද්ධාර්ථ, රකුල් ප්‍රීටි සින්ං. එස්.ජේ සූර්යයා, රංගනයෙන් එක්වන ඉන්දියන්-2 රවී වර්මන්ගේ කැමරාකරණය සහ ශ්‍රීකර් ප්‍රසාද්ගේ සංස්කරණයෙන් යුක්තවේ. චිත්‍රපටයේ කාර්මික අංශයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගිය කොවිඩ් වසංගත සමයේදි ජීවිත අහිමිවීමෙන් පසු චිත්‍රපටයේ වැඩකටයුතු තරමක් දුරට ප්‍රමාද විමෙන් පසු මේ සියල්ල යථා තත්ත්වයට පත් කරගෙන චිත්‍රපටයේ වැඩ කටයුතු නිමා කිරීමෙන් පසු මෙහි ධාවන කාලය පැය හයට ආසන්න කාලයකින් යුක්ත වූ බැවින් එය ඉන්ඩියන්-2 සහ ඉන්ඩියන්-3 යනුවෙන් කොටස් දෙකකින් තිරගත කිරීමට කටයුතු යොදා ඇත. ඉන්ඩියන්-3 2025 වසරේ තිරගත කිරිමට බලාපොරොත්තුවේ.
ලෝක ප්‍රදර්ශනයට සමගාමීව පසුගියදා වැල්ලවත්ත සැවොයි 3ච් සිනමා ශාලාවේදී ලාංකේය ප්‍රදර්ශනය සමාරම්භක අවස්ථාව ආරම්භ විය. එදින ලාංකේය කලා ක්ෂේත්රයේ ශිල්පීන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන්, මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූහ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න