Home » ඈ සාරාගේ අම්මාය’ ජනගත වෙයි

ඈ සාරාගේ අම්මාය’ ජනගත වෙයි

by Thanushika
October 24, 2024 9:37 am 0 comment

සුනිලා විජේසිංහ විසින් රචනා කරන ලද නවතම ග්‍රන්ථය ‘ඈ සාරාගේ අම්මාය’ යන නමින් පසුගිය දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කෙරිණි.

මේරි බෙත් නම් වූ ආදේශක මවක දාරක ප්‍රේමය උදෙසා කළ අනුපමේය කැපවීම මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් වේ. 80 දශකයේදී ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයෙහි සිදුවූ සත්‍ය සිදුවීමක් අලළා ලියැවුණු මෙය Baby ‘M’ නමින් ප්‍රසිද්ධ නඩු විභාගය පාදක කොටගනිමින් නිර්මාණය වී ඇත. මේරි බෙත් වයිට්හෙඩ් සහ ලොරෙටා නම් ඇමරිකානු පුවත්පත්කලාවේදිනිය විසින් ඉංග්‍රීසි පාඨකයා අතරට A Mother’s story නමින් පත්කළ මෙම ග්‍රන්ථය සිංහල පාඨකයා අතට පත්වන්නේ ‘ඈ සාරාගේ අම්මාය’ යන නමිනි. මෙය සුනිලා විජේසිංහගේ 30 වන ග්‍රන්ථයයි.

‘සුදු රටේ කළු ගැහැනු’ , 2019 වර්ෂයේ බුකර් සම්මානයෙන් පිදුම් ලද Girl, Woman,Other නවකතාවෙහි සිංහල පරිවර්තනයයි. කළු අප්‍රිකානු සම්භවයක් ඇති ලේඛිකාවක වන බර්නඩීන් එවරිස්ටෝ විසින් රචනා කළ මෙම ග්‍රන්ථයෙන් මහා බ්‍රිතාන්‍යය තුළ කළු ජාතිකයන් ගෙවන ජීවිතවල මිහිරි හා අමිහිරි අත්දැකීම් සම්භාරයක් විවරණය කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT